Showing posts with label technology. Show all posts
Showing posts with label technology. Show all posts

All-in-one Robot Board : Minbot-Nano v1.0






Robotics කරන අයට ගොඩක් වැදගත්වෙන දෙයක් තමයි අද මම ගෙනල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් Arduino Board, Motor Drive, Power Supply, Sensors වගේ පොඩි පොඩි මොඩියුල් ගොඩක් Jumper Cables වලින් අමුණලා තමයි රොබෝ කෙනෙක්ව හදන්නේ. රොබෝ පොඩ්ඩක් එහෙ මෙහේ වුණ ගමන් අර වයර් බුරුල් වෙනවා. ලෙඩේ හොයාගන්න සෑහෙන වෙලා යනවා. Sensors වල වයර් බුරුල් (Loose Connection) වුණාම Readings වලටත් ලොකු බලපෑමක් එනවා.

මේ ප්‍රශ්න වලට විසදුමක් විදිහට තමයි මම මේ පල්ලෙහා රූපයේ තියෙන විදිහේ පොඩි Development Board / Shield එකක් නිර්මාණය කලේ. මේ Board එකේ සාමාන්‍ය රොබෝ කෙනෙක්ට තියෙන්න ඕන හැම උපාංගයකටම අවශ්‍ය ඉඩ තියෙනවා.



Development බෝර්ඩ් එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ Arduino Nano එකක්. Nano එක වෙනුවට NodeMCU දාපු බොර්ඩ් එකකුත් ඉදිරියේදී Design කරන්න අදහසක් තියෙනවා.

Arduino Nano Board

Motor Driver එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ TB6612FNG කියන මොඩියුල් එක. මේකෙන් 1.2A වෙනකම් ධාරාවක් ගන්න මොටර් Control කරන්න පුළුවන්.  N20 වගේ පොඩි මෝටර් වලට මේක හොදටම ප්‍රමාණවත්. ගෙන්නගත්තේ eBayඑකෙන්. වටිනාකම $1.37 (~Rs.220) විතර වෙනවා. (eBay Link: https://ebay.us/NOoW81)

TB6612 FNG Module


Voltage Regulator එක විදිහට පාවිච්චි කරලා තියෙන Unit එක ගෙන්නගත්තේ Aliexpress එකෙන්. වටිනාකම $0.69 (~Rs.110) විතර වෙනවා.
DC DC Step Down Buck Converter



මේක PCB Toner Transfer විදිහට හදාගන්න ඕන කරන Files, /printable_files folder එකේ තියෙනවා.

Online Service එකකින් හදාගන්න කැමති නම් ඒකට ඕන කරන gerber files,  /gerber_files folder එකේ තියෙනවා.

මේ Board එකට ගැලපෙන Sample Code එකක්, /program-nano folder එකේ තියෙනවා.

Board එකට components පාස්සගන්න ඕන විදිහ ගැන විස්තර, /Minbot_v1_Doc.pdf  කියන PDF එකේ තියෙනවා.



මේ Design එක, CEYKOD Research & Development මගින් GPLv3 බලපත්‍රය යටතේ නිදහස් හා විවෘත නිර්මාණයක් (Free and Open Source Design) විදිහටයි ඉදිරිපත් කරලා තියෙන්නේ.


Download Full Design from GitHub:







මේ වගේ තවත් Open-source Designs ගැන දැනගන්න, CRaD FB Page එකට Like කරන්න.









74 Series IC Datasheets




Logic Gates එක්ක වැඩ කරලා තියෙන කෙනෙක් නම් 74 Serial එකේ IC ගැන නොදැන ඉන්න විදිහක් නෑ. AND, OR, NOT වගේ මූලික තාර්කික ද්වාර වල ඉදලා Counters, Multiplexers, Registers වගේ පුළුල් පරාසයක IC වර්ග 74 serious එකේ අන්තර්ගත වෙනවා.

මේවත් එක්ක වැඩ කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ IC වලට අදාල datasheet හොයාගන්න එක. ඒ ප්‍රශ්නෙට පොඩි විසදුමක් විදිහට තමයි මම මේ Android app එක නිර්මාණය කලේ. දැනට සුලබව පාවිච්චි වෙන 74 series එකේ IC 150+ කට අධික ප්‍රමාණයක pinout diagrams වගේම ඒවායේ datasheets download කරගන්න direct links මේ ඇප් එකේ අන්තර්ගත වෙනවා. 

4.26 MB වෙන මේ ඇප් එකේ කිසිම වෙලද දැන්වීමක් නෑ. 100% ක් ම නොමිලේ (free) ලබාගන්න පුළුවන්. ඉදිරියේදී මේ App එක open-source විදිහට ලබාදීලා community contribution මගින් තව දියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා. 

කැමති හැමෝම මේ Link එකෙන් Android App එක Download කරගෙන බලන්න. පාවිච්චි කරන ගමන් Review එකක් දෙන්නත් අමතක කරන්න එපා. :-)


Get it on Google Play:


Screenshots:

 



How to program STM32F103CB by USB directly (Windows)



Usually, we need a USB to TTL programmer (AKA Serial Programmer) or STLink programmer to program STM32 based boards.

But you can direct program STM32F103CB Blue Pill Board (As shown in above picture) through its built-in micro USB port using a custom bootloader.


1. Connect the hardware as below. You can use any USB to TTL Converter.

Programmer        Device
Tx ----------------> A10
Rx ----------------> A09
5V ----------------> 5V
Gnd --------------> GND




2. Set boot pin, BOOT0 to '1 position' (Right most 2 pins)

3. Reset the board using the reset button

4. Download following zip file and extract it.



5. Goto the extracted directory and run the following command on terminal/command line (Change the COM Port to your available COM Port)

./stm32flash.exe -w ./generic_boot20_pc13.bin COM7





6. After the success message, power off the board and set BOOT0 pin to '0 position' again.

7. Connect USB Mini cable.

8. Open the Arduino IDE and select the board STM32F103C (Watch this video to know how to install STM32 Package: https://www.youtube.com/watch?v=K-jYSysmw9w)


9. Now select following settings from Tools menu


10. Select the USB Port which is introduced with name within the brackets

               Ex:  'COM # (Maple Mini)'

Note

If you unable to find this special port, you need to install Maple Mini Drivers. For that, please go to Arduino install directory. (Mine is C:\Program Files (x86)\Arduino)

Arduino install directory > hardware > Arduino_STM32 > drivers > win

(Example: C:\Program Files (x86)\Arduino\hardware\Arduino_STM32\drivers\win)

Then run the file named, install_drivers.bat


11. Now you can upload a sketch to the board and get a fun :-) 

















Windows Photo Viewer ආපසු ගමු...




Windows 10 වලට Update කරපු ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Windows Photos App එක  Load වෙන්න ගොඩක් වෙලා යන එක. එහෙම නැත්නම් Slow ගතිය. Windows 7 කාලේ තිබුණ Windows Photo Viewer එක ආයෙත් ගන්නේ කොහොමද කියන එකයි අද Post එකෙන් කථා කරන්නේ.

මුලින් ම කියන්න තියෙන්නේ  මේ Windows Photo Viewer එක Windows 10 වල තියෙනවා. හැබැයි හංගලා තියෙන්නේ. මේ පියවර කීපය අනුගමනය කරලා ලේසියෙන් ම ඒක ආපසු Active කරගන්න පුළුවන්.


Step 1: Download the Script

මේකට Windows Registry එක Edit කරන්න ඕන. හැබැයි මේ පහල තියෙන PhotoViewer.reg කියන File එක Download කරලා Run කලාම Edit කරන්න ඕන Registries ටික Auto Update වෙනවා.

Download



Step 2: Run Script

දැන් මේ Script එක ක්ලික් කරලා Run කරන්න. Edit Permission ඉල්ලුවොත් Permission දෙන්න.



Step 3: Goto Windows Settings

දැන් Windows Settings වලට ගිහින් රූපසටහේ තියෙන විදිහට Apps අයිකනය  ෝරන්න.





Step 4: Select Default Apps Tab

දැන් Default apps කියන Tab එක ක්ලික් කරලා එතනින් Photos තෝරන්න.





Step 5: Select Windows Photo Viewer

දැන් පෙන්නන ලැයිස්තුවෙන් Windows Photo Viewer තෝරන්න.







වැඩේ සම්පූර්ණයි. "Old is Gold" කියනවා වගේ දැන් Stuck නොවී photos open කරගන්න පුළුවන්.








CNC Technology 02 - How to CAM




CNC පාවිච්චි කරලා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම අද ලිපියෙන් කථා කරන්නේ CNC එකක් පාවිච්චි කරලා නිර්මාණයක් කරද්දී අවශ්‍ය වෙන දේවල් සහ අනුගමනය කරන්න ඕන පියවර මොනාද කියලයි.





මුල්ම පියවර විදිහට අපේ නිර්මාණය පරිගණකයෙන් නිර්මාණය කරගන්න ඕන. මේ ක්‍රියාවලිය CAD (Computer Aided Drafting) කියලා තමයි හදුන්වන්නේ.  Read More


සාමාන්‍යය 2D Drawing (Plot) එකක් නිර්මාණය කරගන්න නම් Inkscape, Adobe Illustrator වගේ ග්‍රැෆික් ඩිසයිනින් මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්.






හැබැයි මීට වඩා සංකීර්ණ, ත්‍රිමාණ නිර්මාණ කරන්න නම් වෙනම මෘදුකාංග පාවිච්චි කරන්න සිදුවෙනවා.

AutoCAD, SolidWorks වගේ CAD මෘදුකාංග වලින් ඉතා පහසුවෙන්ම ත්‍රිමාණ වස්තු (3D Objects) නිර්මාණය කරගන්න පුළුවන්.






මේ නිර්මාණය කරගත්තු Objects අපිට පෙනෙන්න තිබුණට ඒවා ගැන CNC machine එකට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි⁣ට සිද්ධවෙනවා මේ Objects, මැෂින් එකට තේරෙන භාෂාවකට පරිවර්තනය කරගන්න. CNC එකට තේරෙන භාෂාව Machine Code කියලයි හදුන්වන්නේ. NC code (Numerical Control) කියලත් කියනවා. හැබැයි මේ භාෂාව G-Code නමින් තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. Read More

G-Code ගැන ඉදිරියේදී වෙනම ලිපියකින් කථා කරමු.

දැන් මේ හදාගත්තු Object එක G-Code වලට හරවන්න කලින් ත්‍රිමාණ වස්තුවක් විදිහට export කරගන්න ඕන.

ඊළග පියවරේදී මේ Export කරපු file එක CAM (Computer Aided Manufacturing) Software එකකින් Open කරගෙන Machine Code එකක් කරගන්න ඕන.

Autodesk Fusion 360, ArtCAM වගේ Software මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ Fusion 360. මේක අවුරුදු 3 ක් යනකම් Student License එක යටතේ නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.






මේ මෘදුකාංගය මගින් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන Cutting tool එකට ගැලපෙන Tool path එකක් හදන්න ඕන. ඒ ගැන වැඩි විස්තර ඕනෙ නම් මේ YouTube Playlist එක බලන්න.








අපි හදාගත්තු G-Code file එක CNC machine එකට යවන්න වෙනම මෘදුකාංගයක් ඕන වෙනවා. මේ තියෙන්නේ ඒ සදහා පාවිච්චි කරන්න පුළුවන් Software කිහිපයක් :




මේ Software පාවිච්චි කරන විදිහ ගැන ඊළග ලිපියෙන් කථා කරමු.





ARDUINO HOME



ආර්ඩියුනෝ ගැන ඉගෙනගන්න කැමති, ආසාවක් තියෙන හැම දෙනාටම ඉතා වැදගත් දෙයක් තමයි මම අද කියන්න යන්නේ. මෑතක ඉදලා ලංකාව පුරා ආර්ඩියුනෝ තාක්ෂණය ඉතා වේගයෙන් ප්‍රචලිත වෙනවා. ඒ වගේම අපේ ගොඩක් දෙනෙක් තමන් ඉගෙනගත්ත දේවල් තවත් අයට කියා⁣දෙන්න කැමතියි. ඒ නිසා ම වෙනත් කිසිදේකට නැති තරම් සිංහලෙන් ආර්ඩියුනෝ ගැන ලිපි, YouTube Video අන්තර්ජාලය පුරා තියෙනවා. 

හැබැයි මෙතන තියෙන ලොකු ගැටළුවක් තමයි මේ කියන ලිපි, වීඩියෝ ලේසියකට හොයාගන්න අමාරුකම. මූලිකම ⁣හේතුව Google Ranking වල ඉහලට එන්න ගොඩක් කල් ගතවීම. අනිත් කාරණය තමයි සිංහලෙන් තියෙන නිසා technical terms / keywords වලින් ඉහලට එන්න අපහසු වීම. උදාහරණයකට කිව්වොත් ඔයා හොයනවා Ultrasonic Sensor එක ගැන ලිපියක්. keyword එක ඉංග්‍රිසි නිසා Google Search Result එකෙන් ලැබෙන්නේ ඉංග්‍රිසි ලිපි විතරයි.

ඒ වගේම ආර්ඩියුනෝ සම්බන්ද සිංහල භාෂාවෙන් තියෙන ලිපි, Posts, Blogs, විඩියෝ අන්තර්ජාලය පුරා විසිරිලයි තියෙන්නේ.

ඒ නිසා මේ ගැ⁣ටළුවට විසදුමක් ලෙස මම Search Engine එකක් නිර්මාණය කලා. මේ Search Engine එකට ගිහින් අපිට හොයන්න ඕන මාතෘකාව ටයිප් කලාම ඒ මාතෘකාවට අදාලව සිංහලෙන් පලවුණ ලිපි සියල්ලම හොයාගන්න පුළුවන්. මේක හරියටම Torrent Search Rngine එකක් වගේ තමයි වැඩ කෙරෙන්නේ.

ඒ වගේම ඕනම කෙනෙක්ට පුළුවන් තමන්⁣ගේ ලිපි, නිර්මාණ, ව්‍යාපෘති මේකට ඉදිරිපත් කරන්න.

දැනට ආරම්භයක් විදිහට ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි 50+ ඇතුලත් කරලයි තියෙන්නේ. ඉදිරියේදී Raspberry Pi, PIC, NodeMCU වගේ මාතෘකා වලටත් මේ වෙබ් අඩවියේ ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. 

ඔයාලත් ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි පලකරලා තියෙනවා නම් හෝ ඔයාලගේ projects මේ අඩවියේ පලකරන්න කැමති නම් arduino@ceykod.com කියන email ලිපිනයට ඔබේ නම හා දුරකථන අංකය email කරන්න.








SOX Audio converter එක භාවිතා කරමු


SOX (
Sound eXchange) කියන්නේ දැනට තියෙන හොදම Open Source audio converter එක කියුවොත් නිවැරදියි. හැබැයි සාමාන්‍ය Converters වල වගේ GUI (Graphical User Interface) එකක් නම් නෑ. ඒ කියන්නේ ක්ලික් කරලා ඔ්පන් කරන්න පුළුවන් Window එකක් නෑ. හැබැයි මේක install කලාට පස්සේ, computer එක‍ේ ඕනම තැනක ඉදලා තත්පර කීපයකින් audio එකක් Convert කරගන්න පුළුවන්.


SOX install කරගැනීම


1. මේ ලින්ක් එකෙන් zip file එක download කරගන්න.




2. Zip file එක extract කරගන්න.

3. රූපසටහන්වල තියෙන පියවර අනුගමනය කරලා sox install කරගන්න. (මෙතනදී, sox install කරන directory එක copy කරලා තියාගන්න. ඉදිරි පියවරකදී ඕන වෙනවා.)








4. sox install කලාට පස්සේ තව පොඩි දේවල් කිහිපයක් කරන්න තියෙනවා. Download කරගත්තු folder එකේ තියෙන කියන file 2, sox ඉන්ස්ටෝල් කරපු folder එකට copy paste කරගන්න. (මේ කොපි කරගත්තේ mp3 decoders 2ක්.)



5. දැන් sox සාර්ථකව install කරගෙනයි තියෙන්නේ. අපිට computer එ‍කේ ඕනම තැනක ඉදලා sox පාවිච්චි කරන්න නම් තව පොඩි දෙයක් කරන්න තියෙනවා. 





රූපසටහන්වල විදිහට, My Computer අයිකනය මත Right click කරලා Properties වලට යන්න. එතනින් වම් පැත්තේ පැනල් එකෙන්, Advance system settings මත ක්ලික් කරන්න. දැන් Environment Variables කියන Button එක තෝරලා System variables යටතේ තියෙන path කියන item එක select කරන්න. දැන් පහලින් තියෙන Edit button එක ඔබලා මතුවන වින්ඩෝ එකේ Variable value කියන Text box එකේ අගට  ;  ලකුණ type කරලා හිස්තැනක් තියලා sox install කරගත්ත directory එක දෙන්න ඕන.

උදා :-  C:\Program Files (x86)\sox-14-4-2






මෙතනදී සිද්ධවෙන්නේ sox වැඩසටහන තියෙන්නේ කොතනද කියලා අපි කලින්ම computer එකට කියලාදෙන එකයි. එතකොට අපි sox ඉල්ලනකොට, computer එක දන්නවා කොහෙද sox තියෙන්නේ කියලා.



SOX භාවිතා කිරීම


දැන් ඔයාලා කැමති audio file එකක් තෝරාගන්න. මම පාවිච්චි කරන්න‍ේ original.mp4 කියන file එක.

දැන් file එක තියෙන folder එකේ Address bar එකේ cmd කියලා type කරලා Enter කරන්න. එතක‍ොට, Command Prompt එක open වෙනවා. දැන් ඒකේ මේ විදිහට type කරන්න. 



sox original.mp4 converted.wav




රතු පාටින් තියෙන තැනට convert කරන්න ඕන file එකේ නමත්, කොල පාටින් තියෙන වචනය වෙනුවට convert කරන්න බලාපොරොත්තු වන නමත් type කරන්න. Extension එකත් (මේ උදාහරණයේදී නම් .wav කියන එක) අමතක කරන්නේ නැතිව type කරන්න. ඒකෙන් තමයි sox converter එක, convert කරන්න ඕන file type එක අදුනගන්නේ.

දැන් Enter key එක ඔබන්න. ස්වල්ප වේලාවකින් convert කිරීම අවසන් වෙලා, අළුත් file එක පෙන්වයි.

තව ‍ග‍ොඩක් පහසුකම් තියෙනවා. මම ඒ පහසුකම් කිහිපයක් උදාහරණ මගින්ම පැහැදිලි කරන්නම්.



1. Combine Multiple Audio Files to Single File

sox -m first_part.wav second_part.wav whole_part.wav 


2. Extract Part of the Audio File

sox old.wav new.wav trim [SECOND TO START] [SECONDS DURATION]

3. Get Audio File Information

sox foo.wav -e stat


දැන් ඔයාලටත් sox පාවිච්චි කරන ආකාරය ගැන අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා.

වැඩි විස්තර දැනගන්න කැමති අයට මේ ලින්ක් එක උපකාර වේවි.








E-Book: Build Your Own CNC Machine

By Patrick Hood-Daniel and James Floyd Kelly



CNC මැෂින් හදන්න කැමැත්තෙන් ඉන්න අයට ගොඩක් වැදගත් eBook එකක් තමයි මම අද ඉදිරිපත් කරන්නේ.

මේ පොතෙන් විස්තර කරලා තියෙන්නේ DIY, හෙවත් Do It Yourself කියන කාණ්ඩයට අයිති නිර්මාණයක්. තවත් සරළවම කිව්වොත් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යය හා උපකරණවලින් මේ CNC එක නිර්මාණය කරන්න පුළුවන්.

ඔයාලත් හදාගන්න බලාපොරොත්තු වෙන CNC එකේ Mechanical/ කාර්මික පැත්තට මේ පොතෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. 
පිටු 240 යි.


(සටහන : මේ පොතේ තියෙන CNC Driver එකයි, March3 Software එකයි වෙනුවට ලංකාවේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් EasyDrive board එක හා Universal Gcode Sender මෘදුකාංගය පාවිච්චි කරන්න)


පටුන
  • Introduction
  • Chapter 1: Your CNC Machine
  • Chapter 2: Hardware and Tools
  • Chapter 3: Tips and Advice
  • Chapter 4: Movement Using Rails
  • Chapter 5: Joining Methods
  • Chapter 6: The Electronics
  • Chapter 7: X-Axis, Part 1
  • Chapter 8: X-Axis, Part 2
  • Chapter 9: X-Axis, Part 3
  • Chapter 10: Y-Axis, Part 1
  • Chapter 11: Y-Axis, Part 2
  • Chapter 12: Y-Axis, Part 3
  • Chapter 13: Preparing for the Z-Axis
  • Chapter 14: Z-Axis, Part 1
  • Chapter 15: Z-Axis, Part 2
  • Chapter 16: Z-Axis, Part 3
  • Chapter 17: Mounting the Electronics
  • Chapter 18: Software and Testing
  • Chapter 19: Where to Go from Here

Download 










YouTube වීඩිය‍‍ෝවල Direct Links ලබාගමු


හැමෝම දන්නවානේ YouTube videos වල direct links ලබාගන්න අපහසු බව. YouTube වීඩියෝ Download කරන්න පුළුවන් ගොඩක් Tools, Extension තිබුණත්, ඒවායෙන් ලැබෙන Link කෙටි කාලයකින්ම කල්ඉකුත් වෙනවා. ඉතින් ඒ ගැටළුවට පොඩි විසදුමක් දෙන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ.

මේ තියෙන්නේ YouTube වීඩියෝවක්.





මේක, මේ පහලින් තියෙන URL එකට ගිහින්, කැමති Quality එකකට, කැමති Format එකකින් Download කරගන්න පුළුවන්.



ඒ කියන්නේ, Video link එක වෙනුවට මේ විදිහේ link එකක් දුන්න‍ොත්, ඒ ලින්ක් එකෙන් කෙලින්ම Video එක Download කරන්න පුළුවන්.

දැන් මම කියලා දෙන්නම්, කොහොමද YouTube URL එකකට මේ වගේ Download URL එකක් හදාගන්නේ කියලා. මම මේකට පාවිච්චි කලේ catchvideo.net කියන වෙබ් අඩවියයි. සමහරවිට ඔයාලා දැනටමත් මේ Site එක දැන දන්නවා ඇති.








මේ Site එකේ තියෙන Paste your video link below කියන Text Box එකට, YouTube video URL එක Paste කරලා catch කියන බොත්තම Click කරන්නයි තියෙන්නේ. තත්පර කිහිපයකින් ඔබව නව වෙබ් පිටුවකට යවයි. 






දැන් මේ වෙබ් පිටුවේ URL එක Copy කරගන්න. මෙන්න මේ URL එක තමයි Direct Download වලට දෙන්න තියෙන්නේ.


මේ කාර්යය වඩාත් පහසුවෙන්ම සිදුකරගන්න කැමති අයට මම හදපු Direct Link Extractor කියන Online Tool එක පාවිච්චි කරන්නත් පුළුවන්.









Quadcopters 13 : Transmitter එක හදුනාගනිමු



මම කලින් ලිපියක Transmitter එක ගැන කෙටි හැදින්වීමක් කළා. මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ Transmitter එකක hardware පැත්තයි, program කරන ආකාරයයි.


Transmitter වර්ග ගොඩක් තියෙන නිසා ඒ හැම එකක් ගැනම වෙන වෙනම කථා කරන්න අමාරුයි. එ් නිසා මම හැම Transmitter එකකටම පොදු ගුණාංග ගැන විතරයි කථා කරන්නේ. ඕනෑම Transmitter එකක් ගැන වැඩි විස්තර, අදාළ Transmitter එකේ User manual එක මගින් දැනගන්න පුළුවන්.

මම ඉදිරියට, Transmitter කියන වචනය, කෙටියෙන් TR කියලා හදුන්වන්නම්.


කලින් ලිපියක සදහන් කළා වගේම TR එකක වටිනාකම තීරණය වෙන්නේ එමගින් පාලනය කරන්න පුළුවන් Channels ගණන මතයි. හැම TR එකකම වගේ අනිවාර්යයයෙන් Channels 4ක් තියෙනවා. ඒ ත්‍රිමාණ අක්ෂ 3 පාලනය කරන්නත් සහ වේගය පාලනය කරන්නත් වශයෙනුයි.


මේ ප්‍රධාන Channel 4, remote එක මත තියෙන sticks 2 මගිනුයි පාලනය කරන්නේ. sticks මත Channels පිහිටන ආකාරය අනුව TR වර්ග 4 ක් තියෙනවා. රූපසටහනෙන් ඒ ගැන පැහැදිලි වෙයි කියලා හිතනවා. Quad copters සදහා වැඩිපුරම පාවිච්චි වෙන්නේ දෙවෙනි ආකාරයයි. (Stick mode 2)


Channel 1 : Roll
Channel 2 : Pitch
Channel 3 : Throttle
Channel 4 : Yaw





Channel 3 වලට අදාල stick එක භාවිතා වෙන්නේ Quad copter එකේ මෝටර් වල වේගය අඩු වැඩි කරන්නයි. ඒ කියන්නේ ඉහල පහල යන එක පාලනය කරන්න. අනිත් sticks 3, Quad copter එක ඉදිරියට, පසුපසට, දෙපැත්තට ගමන් කරවන්න වගේම හරවන්නත් භාවිතා වෙනවා.


මේ sticks වලට අමතරව TR එකේ Switches හා VR (Variables) , Trimmers කියන උපාංගත් තියෙනවා. VR කියන්නෙත් sticks වග‍ේම channel එකක අගය වෙනස් කරන්න පුළුවන් පොඩි ඇණයක් වගේ කොටසක්. TR එකේ ප්‍රධාන channel 4 ට අමතරව එන 5,6,... චැනල වල අගයයන් පාලනය කරන්න VR භාවිතා වෙනවා.


TR එකක අපිට මීළගට කථා කරන්න තියෙන්නේ switches ගැනයි. මේ switches විවිධ කාර්යය සදහා භාවිතා කරන්න පුළුවන්. එ් ඒ switch එකෙන් වන කාර්යය අපිට program කරන්නත් පුළුවන්.
  • ThotCut : Throttle එක on, off කරන්න පුළුවන්. ඒ කියන්නේ Switch එක off කලාම, throttle stick එක තාවකාලිකව විසන්ධි කරන්න පුළුවන්.
  • DR : Dual rate/ sticks වල සංවේදීතාව වෙනස් කරන්න පාවිච්චි කරන පහසුකමක්. මේ පහසුකමත්, program කරන්න පුළුවන්


Trimmers වලින් කරන්නේ sticks වල values භෞතින වශයෙන් සුසර කිරීමයි. වැඩිපුරම පාවිච්චි වෙන්නේ RC Planes වල. Quad copters වලදී මේ පහසුකමින් වැඩි ප්‍රයොජනයක් නෑ. 


මීට අමතරව සමහර TR වල flight modes කීපයක් එකවර භාවිතා කරන්න පුළුවන්. මේ flight modes තෝරන්නත් වෙනම ස්විචයක් තියෙනවා.


මීට අමතරව Advance transmitters වල තව ගොඩක් අමතර පහසුකම් තියෙනවා. ඒ හැම එකක්ම ම මේ ලිපියෙන් විස්තර කරන්න අමාරුයි. හැබැයි TR එකේ instruction manual එක කියවලා ඒ පහසුකම් ගැන දැනගන්න පුළුවන්.


උදා :- FlySky FS CT6B User manual


An Advance Transmiter

අපි දැන් බලමු TR එකක් program කරන්නේ කොහොමද කියලා. මුලින්ම TR සමග ලැබෙන CD එකෙන් TR එකට අදාල drivers සහ programming software එක install කරගන්න. CD එකක් ලැබිලා නැත්නම්, Transmitter එකේ brand name එක google කරලා software එක download කරගන්න වෙයි.





දැන් TR එකට බැටරි සම්බන්ධ කරලා, power on කරගන්න. මීළගට TR එකත් සමග එන USB කනෙක්ටරය පරිගණකයට සම්බන්ධ කරලා, කලින් install කරගත්ත software එක විවෘත කරගන්න. USB converter එකේ අනිත් කෙලවරේ තියෙන PS-2 plug එක, Transmitter එකේ පිටුපස තියෙන PS-2 port එකට සම්බන්ධ කරන්න.






මම මේ සදහා පාවිච්චි කලේ FlySky FS CT6B Transmitter එකයි. දැන් අතුරුමුහුණත‍ේ Settings වලින් අදාල USB port එක select කරලා දෙන්න. (Port එකේ අංකය හොයාගන්න බැරි නම්, Device manager වලින් බලාගන්න පුළුවන්.)




දැන් GetUser කියන බොත්තම ඔබලා, TR එකේ දැනට තියෙන Settings ටික software එකට load කරගන්න.


මේ පියවර සියල්ල නිවැරදිව කළා නම් දැන් TR එකේ sticks එහා මෙහා කරද්දී, අතුරුමුහුණතින් ඒ ඒ චැනල් වල අගයයන් පෙන්වාවි.

  • End point : sticks වල උපරිම හා අවම අගයයන් සැකසීම
  • Reverse : sticks වල දිශා මාරු කිරීම. invert
  • SubTrim : මේක පාවිච්චි වෙන්නේ sticks වල සුසර කිරීම් (Tuning) වලටයි.
  • Sticks : Transmitter එකේ stick modes සකස් කිරීම.
  • Switch A & B : switches වල ක්‍රියාකාරීත්වයන් සැකසීම.
  • VR A & B : Variables (මගේ Transmitte එකේ නම් 5 වන හා 6 වන channels) සැකසීම.


මීට අමතරව තව ගොඩක් පහසුකම් තියෙනවා. ඒ හැම එකක් ගැනම දැනගන්න තියෙන හොදම ක්‍රමය තමයි try & error කියන්නේ. එහෙනම් ඔයාලත් try කරලම බලන්න.


(මේ හදන settings, පරිගණකයේ save කරන්නයි, නැවත load කරන්නයි පුළුවන්. ඒ සදහා system options වල තියෙන save, load button 2 පාවිච්චි කරන්න.)


තවත් දෙයක් කියන්න තියෙනවා. CC3D FC එක භාවිතා කරන අයට, මේ Transmitter එක program කරන්න ඕනම වෙන්නේ නෑ. මොකද, FC එකේ programming software එක, LibraPilot GCS හරහා Transmitter Setup Wizard මගින් Transmitter එකෙන් එන input වෙන වෙනම configure කරගන්න පුළුවන්.




මීළඟ ලිපියෙන් හමුවෙමු.



අළුත් ලිපි පලවූ සැනින් දැනගන්න