ARDUINO HOME



ආර්ඩියුනෝ ගැන ඉගෙනගන්න කැමති, ආසාවක් තියෙන හැම දෙනාටම ඉතා වැදගත් දෙයක් තමයි මම අද කියන්න යන්නේ. මෑතක ඉදලා ලංකාව පුරා ආර්ඩියුනෝ තාක්ෂණය ඉතා වේගයෙන් ප්‍රචලිත වෙනවා. ඒ වගේම අපේ ගොඩක් දෙනෙක් තමන් ඉගෙනගත්ත දේවල් තවත් අයට කියා⁣දෙන්න කැමතියි. ඒ නිසා ම වෙනත් කිසිදේකට නැති තරම් සිංහලෙන් ආර්ඩියුනෝ ගැන ලිපි, YouTube Video අන්තර්ජාලය පුරා තියෙනවා. 

හැබැයි මෙතන තියෙන ලොකු ගැටළුවක් තමයි මේ කියන ලිපි, වීඩියෝ ලේසියකට හොයාගන්න අමාරුකම. මූලිකම ⁣හේතුව Google Ranking වල ඉහලට එන්න ගොඩක් කල් ගතවීම. අනිත් කාරණය තමයි සිංහලෙන් තියෙන නිසා technical terms / keywords වලින් ඉහලට එන්න අපහසු වීම. උදාහරණයකට කිව්වොත් ඔයා හොයනවා Ultrasonic Sensor එක ගැන ලිපියක්. keyword එක ඉංග්‍රිසි නිසා Google Search Result එකෙන් ලැබෙන්නේ ඉංග්‍රිසි ලිපි විතරයි.

ඒ වගේම ආර්ඩියුනෝ සම්බන්ද සිංහල භාෂාවෙන් තියෙන ලිපි, Posts, Blogs, විඩියෝ අන්තර්ජාලය පුරා විසිරිලයි තියෙන්නේ.

ඒ නිසා මේ ගැ⁣ටළුවට විසදුමක් ලෙස මම Search Engine එකක් නිර්මාණය කලා. මේ Search Engine එකට ගිහින් අපිට හොයන්න ඕන මාතෘකාව ටයිප් කලාම ඒ මාතෘකාවට අදාලව සිංහලෙන් පලවුණ ලිපි සියල්ලම හොයාගන්න පුළුවන්. මේක හරියටම Torrent Search Rngine එකක් වගේ තමයි වැඩ කෙරෙන්නේ.

ඒ වගේම ඕනම කෙනෙක්ට පුළුවන් තමන්⁣ගේ ලිපි, නිර්මාණ, ව්‍යාපෘති මේකට ඉදිරිපත් කරන්න.

දැනට ආරම්භයක් විදිහට ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි 50+ ඇතුලත් කරලයි තියෙන්නේ. ඉදිරියේදී Raspberry Pi, PIC, NodeMCU වගේ මාතෘකා වලටත් මේ වෙබ් අඩවියේ ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. 

ඔයාලත් ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි පලකරලා තියෙනවා නම් හෝ ඔයාලගේ projects මේ අඩවියේ පලකරන්න කැමති නම් arduino@ceykod.com කියන email ලිපිනයට ඔබේ නම හා දුරකථන අංකය email කරන්න.








No comments :

Post a Comment