Showing posts with label software. Show all posts
Showing posts with label software. Show all posts

Open Source කියන තරම්ම ආරක්ෂිත ද ?


ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ යම් මෘදුකාංගයක් Open source වූ පමණින් ඉතා ආරක්ෂිතයි/ විශ්වාසනීයයි කියලා. නමුත් ඒවා කියන තරම්ම ආරක්ෂිත ද ? මේ ලිපිය ඒ ගැනයි.

ලිපිය පටන්ගන්න කලින් කියන්න ඕන පොඩි දෙයක් තියෙනවා. මේ ලිපියේ කිසිම තැනක Open Source ඒවා හොද නෑ කියලා අදහස් කරන්නේ නෑ. Open Source මෘදුකාංග භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන  සදහන් කරන්න විතරයි බලාපොරොත්තු වෙන්නේ.

ඕනෑම මෘදුකාංගයක් 100% අංගසම්පූර්ණ නෑ. අඩුපාඩු තියෙනවා. ඒ නිසා හැම මෘදුකාංගයක්/ මෙහෙයුම් පද්ධතියක් ම නිකුත් කලාට පස්සේ කාලෙන් කාලෙට ඒවාය‍ේ ගැටලු නිරාකරණය කරලා, අලුත් Updates නිකුත් කරනවා.

Open Source Project එකක් සැලකුවොත් මේවායේ ගැටළු ගැන ල‍ෝකය පුරා ඉන්න Developers ලා Public Forums, Threads වල සාකච්ඡා කරලා ඒ ගැටළු වලට විසදුම් හොයනවා. මේ විසදුම් Updates විදිහට ලබාදෙනවා.

නමුත් Windows වගේ මෙහෙයුම් පද්ධතියක් සැලකුවෙත්, මම දන්න තරමින් නම් ඔවුන් කවදාවත් ඔවුන්ගේ නිර්මාණවල තියෙන දෝෂ එලියට දාන්නේ නෑ. බොහොම නිශ්ශබ්දව Updates නිකුත් කරනවා.

මේ දෙවර්ගයෙන් ඕනෑම මෘදුකාංගයක් කාලෙන් කාලෙට යාවත්කාලීන කරගත්තේ නැත්නම් අපේ මෘදුකාංග අනාරක්ෂිතයි. මේ අතරින් Update නොකල Open Source මෘදුකාංග කියන්නේ ලොක් එක ඇරලා තියෙන සේප්පුවක් වගේ. මොකද ම‍ේවයේ තියෙන අඩුපාඩු හැමෝම දන්නවා. ඒ නිසා ලේසියෙන් ම Hack කරන්න පුලුවන්.

අනිත් කාරණය Open Source භාවිතයේදී අනිවාර්යයෙන්ම පිලිගත් වෙබ් අඩවි වලින් පමණක් Download කරන්න. ඒ වගේම Pre-compiled Versions ගන්නවා නම් ගොඩක්ම සැලකිලිමත් වෙන්න.

මේකට හේතුව ඕන කෙනෙක්ට ඉතා පහසුවෙන් Open Source මෘදුකාංගයක් තමන්ට ඕන විදිහට වෙනස් කරලා Compile කරලා නිකුත් කරන්න පුළුවන්. මේක පොඩි උදාහරණයකින් ම පැහැදිලි කරන්නම්.

මම Linux මෙහෙයුම් පද්ධතියේ Source Code එක Download කරලා, පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා "Nuwan Linux" කියලා නම්කරලා මිතුරන් අතරත්, අන්තර්ජාලයෙනුත් බෙදාහරිනවා. හැබැයි මම මේ මෙහෙයුම් පද්ධතියට Key Logger එකක් ඇතුල් කරලයි තියෙන්නේ. (Key Logger එකක් කියන්නේ පරිශීලකයා ටයිප් කරන Password ලබාගන්න පාවිච්චි කරන කුඩා ක්‍රමලේඛයක්)

Project එක Open Source වුණත්, පේලි මිලියන ගණනක code එකක මම එකතු කරපු පේලි 10-15ක Key Logger එක කාටවත් ලේසියෙන්ම හොයාගන්න බෑ. මේක පාවිච්චි කරන හැමෝම Programming/ Security ගැන විශේෂඥයින් නොවන නිසා මේ හොර වැඩේ කාටවත් අහුවෙන්නේ නැතිව කරගෙන යන්නත් ලේසියි.

මේ වගේ තවත් සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒවා ගැන ඔයාලත් අන්තර්ජාලයෙන් හොයලා බලන්න. පුලුවන් හැම වෙලාවකම පාවිච්චි කරන මෘදුකාංග යාවත්කාලීන (Update) කරගන්න. ඒ වගේම Open Source කියපු පමණින්ම හැම දෙයක් ගැනම විස්වාස කරන්න එපා.

ඕනම දෙයක් Download කරන්න කලින් අන්තර්ජාලයෙන් ඒ ගැන පොඩ්ඩක් හෙයලා බලන්න. Download Page එකේ Comments තියෙනවා නම් ඒවත් කියවලා බලන්න.


"කිසිවෙක් විශ්වාස නොකරනු"
- ෆොක්ස් මොල්ඩර්, X Files TV Series



SOX Audio converter එක භාවිතා කරමු


SOX (
Sound eXchange) කියන්නේ දැනට තියෙන හොදම Open Source audio converter එක කියුවොත් නිවැරදියි. හැබැයි සාමාන්‍ය Converters වල වගේ GUI (Graphical User Interface) එකක් නම් නෑ. ඒ කියන්නේ ක්ලික් කරලා ඔ්පන් කරන්න පුළුවන් Window එකක් නෑ. හැබැයි මේක install කලාට පස්සේ, computer එක‍ේ ඕනම තැනක ඉදලා තත්පර කීපයකින් audio එකක් Convert කරගන්න පුළුවන්.


SOX install කරගැනීම


1. මේ ලින්ක් එකෙන් zip file එක download කරගන්න.




2. Zip file එක extract කරගන්න.

3. රූපසටහන්වල තියෙන පියවර අනුගමනය කරලා sox install කරගන්න. (මෙතනදී, sox install කරන directory එක copy කරලා තියාගන්න. ඉදිරි පියවරකදී ඕන වෙනවා.)








4. sox install කලාට පස්සේ තව පොඩි දේවල් කිහිපයක් කරන්න තියෙනවා. Download කරගත්තු folder එකේ තියෙන කියන file 2, sox ඉන්ස්ටෝල් කරපු folder එකට copy paste කරගන්න. (මේ කොපි කරගත්තේ mp3 decoders 2ක්.)



5. දැන් sox සාර්ථකව install කරගෙනයි තියෙන්නේ. අපිට computer එ‍කේ ඕනම තැනක ඉදලා sox පාවිච්චි කරන්න නම් තව පොඩි දෙයක් කරන්න තියෙනවා. 





රූපසටහන්වල විදිහට, My Computer අයිකනය මත Right click කරලා Properties වලට යන්න. එතනින් වම් පැත්තේ පැනල් එකෙන්, Advance system settings මත ක්ලික් කරන්න. දැන් Environment Variables කියන Button එක තෝරලා System variables යටතේ තියෙන path කියන item එක select කරන්න. දැන් පහලින් තියෙන Edit button එක ඔබලා මතුවන වින්ඩෝ එකේ Variable value කියන Text box එකේ අගට  ;  ලකුණ type කරලා හිස්තැනක් තියලා sox install කරගත්ත directory එක දෙන්න ඕන.

උදා :-  C:\Program Files (x86)\sox-14-4-2






මෙතනදී සිද්ධවෙන්නේ sox වැඩසටහන තියෙන්නේ කොතනද කියලා අපි කලින්ම computer එකට කියලාදෙන එකයි. එතකොට අපි sox ඉල්ලනකොට, computer එක දන්නවා කොහෙද sox තියෙන්නේ කියලා.



SOX භාවිතා කිරීම


දැන් ඔයාලා කැමති audio file එකක් තෝරාගන්න. මම පාවිච්චි කරන්න‍ේ original.mp4 කියන file එක.

දැන් file එක තියෙන folder එකේ Address bar එකේ cmd කියලා type කරලා Enter කරන්න. එතක‍ොට, Command Prompt එක open වෙනවා. දැන් ඒකේ මේ විදිහට type කරන්න. 



sox original.mp4 converted.wav




රතු පාටින් තියෙන තැනට convert කරන්න ඕන file එකේ නමත්, කොල පාටින් තියෙන වචනය වෙනුවට convert කරන්න බලාපොරොත්තු වන නමත් type කරන්න. Extension එකත් (මේ උදාහරණයේදී නම් .wav කියන එක) අමතක කරන්නේ නැතිව type කරන්න. ඒකෙන් තමයි sox converter එක, convert කරන්න ඕන file type එක අදුනගන්නේ.

දැන් Enter key එක ඔබන්න. ස්වල්ප වේලාවකින් convert කිරීම අවසන් වෙලා, අළුත් file එක පෙන්වයි.

තව ‍ග‍ොඩක් පහසුකම් තියෙනවා. මම ඒ පහසුකම් කිහිපයක් උදාහරණ මගින්ම පැහැදිලි කරන්නම්.



1. Combine Multiple Audio Files to Single File

sox -m first_part.wav second_part.wav whole_part.wav 


2. Extract Part of the Audio File

sox old.wav new.wav trim [SECOND TO START] [SECONDS DURATION]

3. Get Audio File Information

sox foo.wav -e stat


දැන් ඔයාලටත් sox පාවිච්චි කරන ආකාරය ගැන අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා.

වැඩි විස්තර දැනගන්න කැමති අයට මේ ලින්ක් එක උපකාර වේවි.