SOX Audio converter එක භාවිතා කරමු


SOX (
Sound eXchange) කියන්නේ දැනට තියෙන හොදම Open Source audio converter එක කියුවොත් නිවැරදියි. හැබැයි සාමාන්‍ය Converters වල වගේ GUI (Graphical User Interface) එකක් නම් නෑ. ඒ කියන්නේ ක්ලික් කරලා ඔ්පන් කරන්න පුළුවන් Window එකක් නෑ. හැබැයි මේක install කලාට පස්සේ, computer එක‍ේ ඕනම තැනක ඉදලා තත්පර කීපයකින් audio එකක් Convert කරගන්න පුළුවන්.


SOX install කරගැනීම


1. මේ ලින්ක් එකෙන් zip file එක download කරගන්න.




2. Zip file එක extract කරගන්න.

3. රූපසටහන්වල තියෙන පියවර අනුගමනය කරලා sox install කරගන්න. (මෙතනදී, sox install කරන directory එක copy කරලා තියාගන්න. ඉදිරි පියවරකදී ඕන වෙනවා.)








4. sox install කලාට පස්සේ තව පොඩි දේවල් කිහිපයක් කරන්න තියෙනවා. Download කරගත්තු folder එකේ තියෙන කියන file 2, sox ඉන්ස්ටෝල් කරපු folder එකට copy paste කරගන්න. (මේ කොපි කරගත්තේ mp3 decoders 2ක්.)



5. දැන් sox සාර්ථකව install කරගෙනයි තියෙන්නේ. අපිට computer එ‍කේ ඕනම තැනක ඉදලා sox පාවිච්චි කරන්න නම් තව පොඩි දෙයක් කරන්න තියෙනවා. 





රූපසටහන්වල විදිහට, My Computer අයිකනය මත Right click කරලා Properties වලට යන්න. එතනින් වම් පැත්තේ පැනල් එකෙන්, Advance system settings මත ක්ලික් කරන්න. දැන් Environment Variables කියන Button එක තෝරලා System variables යටතේ තියෙන path කියන item එක select කරන්න. දැන් පහලින් තියෙන Edit button එක ඔබලා මතුවන වින්ඩෝ එකේ Variable value කියන Text box එකේ අගට  ;  ලකුණ type කරලා හිස්තැනක් තියලා sox install කරගත්ත directory එක දෙන්න ඕන.

උදා :-  C:\Program Files (x86)\sox-14-4-2






මෙතනදී සිද්ධවෙන්නේ sox වැඩසටහන තියෙන්නේ කොතනද කියලා අපි කලින්ම computer එකට කියලාදෙන එකයි. එතකොට අපි sox ඉල්ලනකොට, computer එක දන්නවා කොහෙද sox තියෙන්නේ කියලා.



SOX භාවිතා කිරීම


දැන් ඔයාලා කැමති audio file එකක් තෝරාගන්න. මම පාවිච්චි කරන්න‍ේ original.mp4 කියන file එක.

දැන් file එක තියෙන folder එකේ Address bar එකේ cmd කියලා type කරලා Enter කරන්න. එතක‍ොට, Command Prompt එක open වෙනවා. දැන් ඒකේ මේ විදිහට type කරන්න. 



sox original.mp4 converted.wav




රතු පාටින් තියෙන තැනට convert කරන්න ඕන file එකේ නමත්, කොල පාටින් තියෙන වචනය වෙනුවට convert කරන්න බලාපොරොත්තු වන නමත් type කරන්න. Extension එකත් (මේ උදාහරණයේදී නම් .wav කියන එක) අමතක කරන්නේ නැතිව type කරන්න. ඒකෙන් තමයි sox converter එක, convert කරන්න ඕන file type එක අදුනගන්නේ.

දැන් Enter key එක ඔබන්න. ස්වල්ප වේලාවකින් convert කිරීම අවසන් වෙලා, අළුත් file එක පෙන්වයි.

තව ‍ග‍ොඩක් පහසුකම් තියෙනවා. මම ඒ පහසුකම් කිහිපයක් උදාහරණ මගින්ම පැහැදිලි කරන්නම්.



1. Combine Multiple Audio Files to Single File

sox -m first_part.wav second_part.wav whole_part.wav 


2. Extract Part of the Audio File

sox old.wav new.wav trim [SECOND TO START] [SECONDS DURATION]

3. Get Audio File Information

sox foo.wav -e stat


දැන් ඔයාලටත් sox පාවිච්චි කරන ආකාරය ගැන අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා.

වැඩි විස්තර දැනගන්න කැමති අයට මේ ලින්ක් එක උපකාර වේවි.








No comments :

Post a Comment