Showing posts with label video. Show all posts
Showing posts with label video. Show all posts
SLIIT Robofest 2017
Maze Solving: In Virtual Maze
Arrow Following: With RGB arrows | Single color sensor
The competition was held on 07th of September 2017 at SLIIT Malabe Campus. Our robot now worked well in the game field due to a technical problem.
Uses of CNC : CNC Plotting
CNC Machine එකකින් මොන වගේ වැඩද කරන්න පුළුවන් ?
වීඩියෝවේ තියෙන්නේ Lab Report එකක CoverPage එක පහසුවෙන් හා ඉක්මනින් ඇදගන්නේ කොහොමද කියලයි. (University එකේදී මේ වගේ Cover Page අතින් ඇදපු අය තමයි මේකේ වටිනාකම දන්නේ. :-) )
තව වැඩ ඉදිරියේදී පෙන්වන්නම්. වීඩියෝ එක බලන ගමන් YouTube Channel එකට Subscribe කරන්නත් අමතක කරන්න එපා.
වීඩියෝවේ තියෙන්නේ Lab Report එකක CoverPage එක පහසුවෙන් හා ඉක්මනින් ඇදගන්නේ කොහොමද කියලයි. (University එකේදී මේ වගේ Cover Page අතින් ඇදපු අය තමයි මේකේ වටිනාකම දන්නේ. :-) )
තව වැඩ ඉදිරියේදී පෙන්වන්නම්. වීඩියෝ එක බලන ගමන් YouTube Channel එකට Subscribe කරන්නත් අමතක කරන්න එපා.
Quadcopters එකලස් කිරීම - I
Quad copters පිළිබද ලිපි පෙලේ මීළඟ ලිපිය විදිහට මම බලාපොරොත්තු වෙන්නේ ESC එක හා Brush-less Motor එක නිවැරදිව සම්බන්ධ කරන ආකාරය ඉදිරිපත් කිරීමයි.
අපි මුලින් ම ESC එකේ අග්‍ර මොනවද කියලා හදුනාගනිමු.
ESC එකේ එක් පැත්තක වයර් 3 කුත් අනෙක් පැත්තේ වයර් 5 කුත් තියෙනවා. ගොඩක් ESC වල වයර් 3 ක් තියෙන පැත්තේ වයර් 3, A,B,C කියලා නම් කරලයි තියෙන්නේ. මේ වයර් 3 තමයි මෝටරයට සම්බන්ධ කරන්නේ.
අනෙක් පැත්තේ තියෙන වයර් අතරින් 2 ක් අනෙක් වයර් වලට වඩා ඝනකමෙන් වැඩියි. මේ වයර් 2 න් තමයි ESC එකට විදුලිය සපයන්නේ. ESC එකට, මෝටර් කැරකවිය යුතු වේගය පිළිබද උපදෙස් ලබාදීමට තමයි ඉතිරි වයර් 3 භාවිතා වෙන්නේ. මේ වයර් 3 කෙළවර තියෙන Connector එක FC එකට සම්බන්ධ කළයුතුයි.
සාමාන්‍ය මෝටරයක තියෙන්නේ අග්‍ර 2 යි. ඒ අග්‍ර 2 බැටරියක + හා - අග්‍ර වලට සම්බන්ධ කරන පිළිවෙල අනුව තමයි මෝටරය කැරකෙන දිශාව තීරණය වෙන්නේ.
Brush less මෝටරයක අග්‍ර 3 ක් තියෙනවා. මේ අග්‍ර 3 තමයි ESC එකට සම්බන්ධ කරන්න තියෙන්නේ. මේ අග්‍ර 3 න් ඔනෑම අග්‍ර 2 ක් මාරු කරලා සම්බන්ධ කිරීම මගින් මෝටරය කැරකෙන දිශාව වෙනස් කරන්න පුළුවන්.
රූපසටහන බැලුවොත් ඒක හොදින්ම පැහැදිලි වෙයි කියලා හිතනවා.
ESC එකයි මෝටර් එකයි සම්බන්ධ කරන්න පුළුවන් ආකාර 2 ක් තියෙනවා.
- ස්ථිරවම පෑස්සීම
- Bullet connectors මගින් සම්බන්ධ කිරීම.
ස්ථිරව පැස්සීම කියලා අදහස් කළේ මෝටරයේ අග්‍ර 3, ESC එකේ අග්‍ර 3 ට කෙලින්ම පෑස්සීමයි.
ඒත් වඩාත්ම සුදුසු ක්‍රමය තමයි Bullet connector මගින් සම්බන්ධ කිරීම. මේ Bullet connectors කියන්නේ Audio jack එකට තරමක් සමාන connector එකක්. මේ ක්‍රමයේ තියෙන වාසිය තමයි අපිට ඕනම වෙලාවක connectors ගලවලා ආපහු සම්බන්ධ කරන්න පුළුවන් වීම. Bullet connectors වල වර්ග 2 ක් තියෙනවා.
ඊයම් මගින් පෑස්සීම ගැන දන්නේ නැති කෙනෙක් නම් මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ කිහිපය බලලා පෑස්සුම් පුරුදු වෙන්න වෙනවා.
Bullet connectors වලට වයර් නිවැරදිව සම්බන්ධ කරන ආකාරය මේ වීඩියෝව බලලා ඉගෙනගන්න පුළුවන්.
මේ විදිහට මෝටර් 4ටයි ESC 4 ටයි Bullet connectors පාස්සාගන්න. 4x3x2 විදිහට connectors 24 ක් ම පාස්සාගන්න වෙනවා.
දැන් ESC උපාංග 4, Power board එකට සම්බන්ධ කරගන්න ඕන. ඒ සදහා නම් bullet connectors යොදාගන්න අවශ්‍ය වෙන්නේ නෑ. කෙලින්ම පෑස්සීම ප්‍රමාණවත්.
ESC එකේ රතු වයර + සලකුණ තියෙන Pads වලටත්, කළු වයර්, - සළකුණ තියෙන Pads වලටත් පාස්සාගන්න. හැම Solder joint එකකටම ටිකක් වැඩිපුර ඊයම් යොදලා හොදින් පාස්සාගන්න වෙනවා. නැත්නම් මේවා හරහා ඉහළ ධාරාවක් ගලන නිසා Joint එක උණු වෙලා විසන්ධි වෙන්න ඉඩ තියෙනවා.
ඉතිරි කොටස මීළග ලිපියෙන් බලාපොරොත්තු වන්න.
Subscribe to:
Posts
(
Atom
)




