Showing posts with label kaleena. Show all posts
Showing posts with label kaleena. Show all posts

අධ්‍යාපනය (මුදලට) විකුණන උපාධි කඩ වහා අහෝසි කරණු...




එලියෙදි: අධ්‍යාපනය මුදලට විකුණන SLIIT,..., උපාධි කඩ වහා අහෝසි කරණු.
ඇතුලෙදි: 80% ට මුවාවී සිදුකරන ශිෂ්‍ය මර්ධනය වහා නවතනු.

ප්‍රයිවට් කැම්පස් වලට IESL පිලිගැනීම දෙන්න එපාලු. හැබැයි රජයේ විශ්ව විද්‍යාලවල 80% බලන්නත් එපාලු. (ඉංජිනේරු පාඨමාලාවක ගුණාත්මකභාවය පවත්වාගැනීම සදහා තමයි IESL හා UGC එකෙන් මේ 80% ක පාඨමාලා සහභාගීත්වය අනිවාර්ය කරලා තියෙන්නේ.)

⁣මාත් ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඒත් වැරැද්දක් දැක්කම ඒක සාධාරණීකරනය කරන්නේ නැ. මේවා බලාගෙන පැත්තකට වෙලා ඉන්නත් ලැජ්ජයි.

තමන් A/L සමත් වෙලා 5% කට පමණක් හිමිවෙන විශ්ව විද්‍යාල වරම ලැබුනා නම්, තමන්ට ඒ අවස්ථාව ලබාගන්න උපකාර කරපු මේ රටේ බදු ගෙවන අහින්සක ජනතාවගේ දහඩිය මහන්සියට සාධාරණයක් කරන්න ඕන. ඒකට තියෙන හොදම විදිහ තමයි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය උපරිමයෙන් ලබාගෙන හොද ඉංජිනේරුවෙක් වෙලා රටට සේවය කරන එක.

හැබැයි ලකුණක් දෙකක් මදි වෙලා විශ්ව විද්‍යාල වරම් අහිමිවුණ මධ්‍යම පාන්තිකයින් ට තියෙන එකම විකල්පය වන "දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල" වහලා දාන්න කියලා කොළඹ පාරවල් වල පෙලපාලි යන ගමන්, තමන් ඉගෙනගන්න ඉංජිනේරු පාඨමාලාවේ 80% Attendance බලන්න එපා, Attendance නැතත් විභාගේ ලියන්න දෙන්න කියලා ඉල්ලමින් විභාග වර්ජනය කිරිම තරමට වඩා කුහක කමක් තියෙන්න පුළුවන් ද?

විශ්ව විද්‍යාලයක්/ පිඨයක් වහලා තියෙන දවසක් ගානේ නාස්ති වෙන්නේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නෙවෙයි ද? අහිංසක දෙමාපියන්ගේ බලා⁣පොරොත්තු නෙවෙයි ද?

බහුතරයක් මේක අනුමත කරන්නේ නෑ. හැබැයි සුළුතරයක පටු අරමුණු ඉටුකරගන්න ඔවුන් Batch Fit එක අයුතු විදිහට පාවිච්චි කරනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න ඕන නැද්ද?

විප්ලවය හෝ අරගලය කියන්නේ අන්ධානුකරණයෙන්, පොස්ටර් බැනර් උස්සගෙන කොලයක ලියලා දුන්න සටන්පාඨ කියවන එක ද?




එළාර-ගැමුණු හා මහින්ද-ප්‍රභාකරන්

Image result for mahinda and prabhakaran




එළාර ආක්‍රමණිකයෙකි
ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකි.
දෙදෙනාම යුධමය ක්‍රියාමාර්ග මගින් ලංකාව පාලනය කලහ.


ගැමුණු රජ හා ජනපති මහින්ද ලක්දිව එක්සත් කල පාලකයින් දෙදෙනෙකි.
  • එළාර තම අවසන් සටනේදී ගැමුණු රජු හා ද්වන්ද සටනකට ඉදිරිපත් ව ගෞරවාන්විතව පරාජයට පත්විය.
  • ප්‍රභාකරන් අවසන් සටනේදී මිනිස් පලිහකට මුවාවෙමින් ජීවිතය රැකගැනීමට උත්සාහ කොට පරාජයට පත්විය.

  • ගැමුණු රජ, එළාරගේ නායකත්ව ගුණ අගය කරමින් නිසි ගෞරව සහිතව ආදාහනය සිදුකලේය.
  • මහින්ද, ප්‍රභාකරන්ගේ දුර්ගුණ වලට සුදුසු පරිදි අවසන් කටයුතු සිදුකලේය.

එළාර රජුගේ ගුණ අදටත් ඉතිහාස පොත්වල වර්ණනා කරයි. ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් සමරන්නන් අදත් සිටී ???

ගැමුණු රජු අද "දුෂ්ඨ ගාමිණ - දුටුගැමුණු " ය. මහින්ද ජනපති අද "මහින්ද හොරා" ය.

වැඩිමහල් සොයුරාගේ රාජ උරුමය පැහැරගැනීම්ට උත්සාහ කල තිස්ස අද, "සද්ධාතිස්ස" ය. (කෙසේ වුවත් ඔහු ගැමුණු රජුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයමින් රට දියුණු කිරීමට කටයුතු කලේය.)

මෛත්‍රි ජනපති ගැන _______________________









කාලීන : SAITM වසා දමනවද ?



මේ දවස්වල මේ මාතෘකාව ගැන ගොඩක් දෙනෙක් කථාවෙනවා. දෙපැත්තෙම අය එකිනෙකාට චෝදනා කරගන්නවා. තුන්වන පාර්ශවය (ඒ කියන්නේ අපි) දෙගොල්ලන්ටම චෝදනා කරනවා. 

 රජයේ විශ්වවිද්‍යාලවල අය කියන්නේ සයිටම් හොර උපාධි කඩය වහලා දාන්න කියලයි. මේකට පාරවල් වල උද්ගෝෂණ කරනවා, පෙලපාලි යනවා. සයිටම් සිසූන් අහනවා, පිටරට ගිහින් උපාධිය ඇරන් එන්න පුළුවන් නම් ඇයි මෙහෙදි බැරි කියලා. 

මමත් පෞද්ගලිකව උපාධිය මුදලට විකිණීම නම් අනුමත කරන්නේ නෑ. හැබැයි උසස් පෙළ විභාගය ලියපු කෙනෙක් විදිහට දන්නවා, A/L විභාගය ලියලා හොදටම පාස් වෙලා දක්ෂතාව/හැකියාව තියෙන, ඒත් ලකුණක් දෙකක් මදිවෙලා කැම්පස් යන්න බැරිවෙන අය ගොඩක් ඉන්නවා කියලා. ඒ අයට තියෙන එකම විසදුම මෙරට හෝ විදෙස් රටක පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත්වීම පමණයි.
මගේ අදහස තමයි, සයිටම් එක රජය යටතට පවරගෙන, රජයේ වෛද්‍ය පීඨයක් කරන්න ඕන කියන එක. පාරවල් පුරා සයිටම් වහල‍ා දාන්න කියලා උද්ඝෝෂණ කරන්නේ නැතිව, සයිටම් රජයට පවරගන්න කියලා කියුවා නම්, ඒක හුදු ආත්මාර්ථකාමී ඉල්ලීමක් කියලා කාටවක් චෝදනා කරන්නත් බෑ. රජයට ඒක බෑ කියන්න හේතුවකුත් නෑ. 

එතකොට විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්න සහෝදර ශිෂ්‍යයන් ගණනත් වැඩිකරගන්න පුළුවන්. ඒ වගේම මුදලට උපාධි විකිණිමත් නතර වෙනවා. (නිසි සුදුසුකම් නැතිව වෛද්‍ය උපාධිය ගන්න බලාපොරොත්තු වෙන අයට නම් මේ විසදුම සාර්ථක නොවේවි.)

ඉතින් තවමත් සයිටම් වසාදමන්න කියලා අරුත් සුන් උද්ගෝෂණ කරනවා ද ? නැත්නම් සයිටම් රජයේ විශ්ව විද්‍යාලයක් බවට පත්කරගන්න උත්සාහ කරනවද ?