අධ්‍යාපනය (මුදලට) විකුණන උපාධි කඩ වහා අහෝසි කරණු...




එලියෙදි: අධ්‍යාපනය මුදලට විකුණන SLIIT,..., උපාධි කඩ වහා අහෝසි කරණු.
ඇතුලෙදි: 80% ට මුවාවී සිදුකරන ශිෂ්‍ය මර්ධනය වහා නවතනු.

ප්‍රයිවට් කැම්පස් වලට IESL පිලිගැනීම දෙන්න එපාලු. හැබැයි රජයේ විශ්ව විද්‍යාලවල 80% බලන්නත් එපාලු. (ඉංජිනේරු පාඨමාලාවක ගුණාත්මකභාවය පවත්වාගැනීම සදහා තමයි IESL හා UGC එකෙන් මේ 80% ක පාඨමාලා සහභාගීත්වය අනිවාර්ය කරලා තියෙන්නේ.)

⁣මාත් ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඒත් වැරැද්දක් දැක්කම ඒක සාධාරණීකරනය කරන්නේ නැ. මේවා බලාගෙන පැත්තකට වෙලා ඉන්නත් ලැජ්ජයි.

තමන් A/L සමත් වෙලා 5% කට පමණක් හිමිවෙන විශ්ව විද්‍යාල වරම ලැබුනා නම්, තමන්ට ඒ අවස්ථාව ලබාගන්න උපකාර කරපු මේ රටේ බදු ගෙවන අහින්සක ජනතාවගේ දහඩිය මහන්සියට සාධාරණයක් කරන්න ඕන. ඒකට තියෙන හොදම විදිහ තමයි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය උපරිමයෙන් ලබාගෙන හොද ඉංජිනේරුවෙක් වෙලා රටට සේවය කරන එක.

හැබැයි ලකුණක් දෙකක් මදි වෙලා විශ්ව විද්‍යාල වරම් අහිමිවුණ මධ්‍යම පාන්තිකයින් ට තියෙන එකම විකල්පය වන "දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල" වහලා දාන්න කියලා කොළඹ පාරවල් වල පෙලපාලි යන ගමන්, තමන් ඉගෙනගන්න ඉංජිනේරු පාඨමාලාවේ 80% Attendance බලන්න එපා, Attendance නැතත් විභාගේ ලියන්න දෙන්න කියලා ඉල්ලමින් විභාග වර්ජනය කිරිම තරමට වඩා කුහක කමක් තියෙන්න පුළුවන් ද?

විශ්ව විද්‍යාලයක්/ පිඨයක් වහලා තියෙන දවසක් ගානේ නාස්ති වෙන්නේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නෙවෙයි ද? අහිංසක දෙමාපියන්ගේ බලා⁣පොරොත්තු නෙවෙයි ද?

බහුතරයක් මේක අනුමත කරන්නේ නෑ. හැබැයි සුළුතරයක පටු අරමුණු ඉටුකරගන්න ඔවුන් Batch Fit එක අයුතු විදිහට පාවිච්චි කරනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න ඕන නැද්ද?

විප්ලවය හෝ අරගලය කියන්නේ අන්ධානුකරණයෙන්, පොස්ටර් බැනර් උස්සගෙන කොලයක ලියලා දුන්න සටන්පාඨ කියවන එක ද?




No comments :

Post a Comment