Showing posts with label cnc. Show all posts
Showing posts with label cnc. Show all posts

DIY Robot Aarm

Another 'Holiday Engineering' project on its final stage.

Now my newly made 3 DOF Robot Arm can solves 'Tower of Hanoi' problem

The design was based on the 'uARM metal' project and I did some updates with available materials. Firmware is GRBL 1.1, which is used to control CNC machines.

Need some position calibration mechanism and coordinate mapping function from Cartesian to Cylindrical for stepper motors driven by CoreXY arrangement.

For your Interest:
>> https://en.wikipedia.org/wiki/Tower_of_Hanoi


CNC as an Acrylic Cutting Machine

CNC Machine එකකින් මොන වගේ වැඩද කරන්න පුළුවන් ? 





Maintaining and Troubleshooting Your 3D Printer

කාලෙකට පස්සේ අද මම බ්ලොග් එකෙන් ඉදිරිපත් කරන්නේ 3D Printing සම්බන්ධයෙන් ගොඩක් වැදගත් වෙන eBook එකක්. මේ eBook එකේ 3d Printing ගැන මුල ඉදලා දැනගන්න ඕන කරුණු වල ඉදලා 3D Printer එකක් නඩත්තු කරන තැන දක්වා විශාල පරාසයක කරුණු සදහන් කරලා තියෙනවා.


පටුන

Part 1: Getting Started with 3D Printing
  • Chapter 1: Introduction to 3D Printing
  • Chapter 2: Getting a 3D Printer
  • Chapter 3: 3D Printer Building: Tips for a Successful Build
  • Chapter 4: Configuring the Software
  • Chapter 5: Calibrating the Printer
Part 2: Troubleshooting
  • Chapter 6: Printing for the First Time
  • Chapter 7: Solving Hardware Issues
  • Chapter 8: Solving Software Issues
  • Part 3: Maintenance and Enhancements
  • Chapter 9: 3D Printer Maintenance: Inspection and Adjustment Tasks
  • Chapter 10: 3D Printer Maintenance: Preventive and Corrective Tasks
  • Chapter 11: 3D Printer Enhancements

Download






CNC Technology 02 - How to CAM




CNC පාවිච්චි කරලා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම අද ලිපියෙන් කථා කරන්නේ CNC එකක් පාවිච්චි කරලා නිර්මාණයක් කරද්දී අවශ්‍ය වෙන දේවල් සහ අනුගමනය කරන්න ඕන පියවර මොනාද කියලයි.





මුල්ම පියවර විදිහට අපේ නිර්මාණය පරිගණකයෙන් නිර්මාණය කරගන්න ඕන. මේ ක්‍රියාවලිය CAD (Computer Aided Drafting) කියලා තමයි හදුන්වන්නේ.  Read More


සාමාන්‍යය 2D Drawing (Plot) එකක් නිර්මාණය කරගන්න නම් Inkscape, Adobe Illustrator වගේ ග්‍රැෆික් ඩිසයිනින් මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්.






හැබැයි මීට වඩා සංකීර්ණ, ත්‍රිමාණ නිර්මාණ කරන්න නම් වෙනම මෘදුකාංග පාවිච්චි කරන්න සිදුවෙනවා.

AutoCAD, SolidWorks වගේ CAD මෘදුකාංග වලින් ඉතා පහසුවෙන්ම ත්‍රිමාණ වස්තු (3D Objects) නිර්මාණය කරගන්න පුළුවන්.






මේ නිර්මාණය කරගත්තු Objects අපිට පෙනෙන්න තිබුණට ඒවා ගැන CNC machine එකට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි⁣ට සිද්ධවෙනවා මේ Objects, මැෂින් එකට තේරෙන භාෂාවකට පරිවර්තනය කරගන්න. CNC එකට තේරෙන භාෂාව Machine Code කියලයි හදුන්වන්නේ. NC code (Numerical Control) කියලත් කියනවා. හැබැයි මේ භාෂාව G-Code නමින් තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. Read More

G-Code ගැන ඉදිරියේදී වෙනම ලිපියකින් කථා කරමු.

දැන් මේ හදාගත්තු Object එක G-Code වලට හරවන්න කලින් ත්‍රිමාණ වස්තුවක් විදිහට export කරගන්න ඕන.

ඊළග පියවරේදී මේ Export කරපු file එක CAM (Computer Aided Manufacturing) Software එකකින් Open කරගෙන Machine Code එකක් කරගන්න ඕන.

Autodesk Fusion 360, ArtCAM වගේ Software මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ Fusion 360. මේක අවුරුදු 3 ක් යනකම් Student License එක යටතේ නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.






මේ මෘදුකාංගය මගින් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන Cutting tool එකට ගැලපෙන Tool path එකක් හදන්න ඕන. ඒ ගැන වැඩි විස්තර ඕනෙ නම් මේ YouTube Playlist එක බලන්න.








අපි හදාගත්තු G-Code file එක CNC machine එකට යවන්න වෙනම මෘදුකාංගයක් ඕන වෙනවා. මේ තියෙන්නේ ඒ සදහා පාවිච්චි කරන්න පුළුවන් Software කිහිපයක් :




මේ Software පාවිච්චි කරන විදිහ ගැන ඊළග ලිපියෙන් කථා කරමු.





Uses of CNC : CNC Plotting

CNC Machine එකකින් මොන වගේ වැඩද කරන්න පුළුවන් ?




වීඩියෝවේ තියෙන්නේ Lab Report එකක CoverPage එක පහසුවෙන් හා ඉක්මනින් ඇදගන්නේ කොහොමද කියලයි. (University එකේදී මේ වගේ Cover Page අතින් ඇදපු අය තමයි මේකේ වටිනාකම දන්නේ. :-) )

තව වැඩ ඉදිරියේදී පෙන්වන්නම්. වීඩියෝ එක බලන ගමන් YouTube Channel එකට Subscribe කරන්නත් අමතක කරන්න එපා.

CNC Technology 01 - Introduction to CNC



CNC එකක් හදන එක දැන් ගොඩක් දෙනෙක්ගේ ආසාවක්. ඒ නිසා පොඩ්ඩක් මේ CNC ගැන කථා කරන තමයි මේ ලිපිය ලියුවේ.

CNC කියන අකුරු තුනෙන් කියවෙන්නේ Computer Numerical Control කියන එක. තේරෙන භාෂාවෙන් කිව්වොත් පරිගණක මගින් සංඛ්‍යාත්මක උපක්‍රම පාවිච්චි කරලා චලනය පාලනය කරන ක්‍රමවේදය.

CNC මැෂින් වර්ග ගොඩක් තියෙනවා. ඒවා ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්.

1. Milling Machines
2. Turning Machines

Milling machines කියන්නේ වැඩ කොටස (Work piece) එක තැනකට හයි කරලා Cutting tool එකකින් කැපීම සිදුකරන මැෂින් වලටයි. මේ රූ⁣පවල තියෙන්නේ ඒවගේ මැෂින් කීපයක්.

Router/ Engraver/ Plotter මැෂින් අයිති වෙන්නේ මේ කාණ්ඩයටයි.




CNC Router

CNC Plotter


Turning Machine වලදී Cutting tool එක හයිවෙලා තියෙනවා. වැඩ කොටස තමයි චලනය වෙන්නේ. ලියවන පට්ටලය (Lathe Machine) අයිති වෙන්නේ මේ කාණ්ඩයටයි.




මේ කාණ්ඩ දෙකටම අමතරව 3D Printer එකත් එක්තරා CNC Machine එකක්. 3D Printer එකකදී වෙන්නේ අමුද්‍රව්‍යය කොටසින් කොටස තැන්පත් කරලා අවසන් නිර්මාණය ගොඩනගන එක. (FDM)



CNC Machines වැඩිපුරම පාවිච්චි වුනේ කර්මාන්ත අංශයේ වැඩවලට. හැබැයි මෑතක ඉදලා පුද්ගලික භාවිතය සදහා CNC භාවිතය ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා. DIY (Do It Yourself) ව්‍යාපෘති සදහා CNC Machine ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

ප්‍රයෝජන ගැන දැනගන්න මේ වීඩියෝ බලල ඉන්න.






CNC Machine එකක වටිනාකම තීරණය වෙන්නේ Machine එකේ Bed Size එක අනුවයි. 

>> 12"x18" ප්‍රමාණයේ CNC එකක් $300 ක් (~රු.45,000) ක් විතර වෙනවා.

>> 24"x36" ප්‍රමාණයේ CNC, $700 ඉදලා වැඩි ගණන් වලට තමයි අලෙවි වෙන්නේ.

හැබැයි ටිකක් මහන්සි වුනොත් මීට වඩා ගොඩක් අඩු වියදමකින් හොද CNC එකක් හදාගන්න පුළුවන්.


මේ ලින්ක් වල තියෙන්නේ ඒ වගේ Home Made CNC projects කිහිපයක්. 













වෙලාව ලැබෙන විදිහට CNC එකක් හදන විදිහ පියවරෙන් පියවර ලිපි පෙලක් ඉදිරිපත් කරන්නම්




CNC Machining Handbook

By Alan Overby



සෑහෙන කාලෙකට පස්සේ blog එකෙන් මම අළුත් eBook එකක් දෙනවා. මේක වැදගත් වෙන්නේ Mills, Routers, Plotters වගේ CNC Machines හදන්න උනන්දු අයටයි.

පොතේ නම CNC Machining Handbook. මේක ලියලා තියෙන්නේ
 CNC මැෂින් එකක් හදන්න හෝ මිලදීගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉලක්ක කරගෙනයි.

CNC එකකදී පාවිච්චි වෙන යාන්ත්‍රික මූලධර්ම, භාවිතාවෙන කොටස්, පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග වගේ ගොඩක් දේවල් ගැන මේ පොතේ සදහන් වෙනවා. ඔයාලත් Download කරගෙන කියවලාම බලන්න. පිටු 274 යි.



පටුන

Part I The Physical Architecture
1 CNC Machines
2 Guide Systems
3 Transmission Systems
4 Motors

Part II The CNC Controller
5 Controller Hardware
6 Control Software

Part III Application Software
7 The Cartesian Coordinate System
8 CAD and Graphics
9 CAM Software

Part IV Building or Buying a CNC Machine
10 Choosing a Ready-Made CNC System
11 Building Your Own CNC Plasma Table

Part V Appendices
A Project Implementation and Examples
B Programming Examples in G-Code
C Engineering Process of Selecting a Ball Screw

D NEMA Motor Mounting Templates



Download








 

E-Book: Build Your Own CNC Machine

By Patrick Hood-Daniel and James Floyd Kelly



CNC මැෂින් හදන්න කැමැත්තෙන් ඉන්න අයට ගොඩක් වැදගත් eBook එකක් තමයි මම අද ඉදිරිපත් කරන්නේ.

මේ පොතෙන් විස්තර කරලා තියෙන්නේ DIY, හෙවත් Do It Yourself කියන කාණ්ඩයට අයිති නිර්මාණයක්. තවත් සරළවම කිව්වොත් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යය හා උපකරණවලින් මේ CNC එක නිර්මාණය කරන්න පුළුවන්.

ඔයාලත් හදාගන්න බලාපොරොත්තු වෙන CNC එකේ Mechanical/ කාර්මික පැත්තට මේ පොතෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. 
පිටු 240 යි.


(සටහන : මේ පොතේ තියෙන CNC Driver එකයි, March3 Software එකයි වෙනුවට ලංකාවේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් EasyDrive board එක හා Universal Gcode Sender මෘදුකාංගය පාවිච්චි කරන්න)


පටුන
  • Introduction
  • Chapter 1: Your CNC Machine
  • Chapter 2: Hardware and Tools
  • Chapter 3: Tips and Advice
  • Chapter 4: Movement Using Rails
  • Chapter 5: Joining Methods
  • Chapter 6: The Electronics
  • Chapter 7: X-Axis, Part 1
  • Chapter 8: X-Axis, Part 2
  • Chapter 9: X-Axis, Part 3
  • Chapter 10: Y-Axis, Part 1
  • Chapter 11: Y-Axis, Part 2
  • Chapter 12: Y-Axis, Part 3
  • Chapter 13: Preparing for the Z-Axis
  • Chapter 14: Z-Axis, Part 1
  • Chapter 15: Z-Axis, Part 2
  • Chapter 16: Z-Axis, Part 3
  • Chapter 17: Mounting the Electronics
  • Chapter 18: Software and Testing
  • Chapter 19: Where to Go from Here

Download 










Plotter එකක් හදමු - Basic


කීපදෙනෙක්ම Arduino වලින් Plotter එකක් හදන්නේ කොහෙමද කියලා අහල තිබුණා. ඒ නිසා මම මේ ලිපියෙන් Plotter එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්.




Plotter එකක වැදගත්ම සහ අමාරුම කොටස තමයි, Hardware කොටස. ඒ කියන්නේ භෞතිකව Plotter එක නිර්මාණය කරගැනීම. අපි Plotter එකේ hardware (දෘඩාංග) නිර්මාණය කරන ආකාරය අනුව තමයි Plotter එකේ ගුණාත්මක බව රදාපවතින්නේ.



Youtubeinstructables.com site එකේ search කලොත් Plotter එකකට සුදුසු Plans ගොඩක් හොයාගන්න පුළුවන්. ඒ වගේ සැලසුම් කිපයක් එකතු කරගත්තම, Plotter එක හදන්න ඕන විදිහ ඔයාලටම තීරණය කරගන්න පුළුවන් වෙයි. ආධුනිකයෙක් නම් මුලින්ම CD Rom පාව්ච්චි කරලා පොඩි Plotter එකක් හදන්න බලන්න. ඒක ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් වගේම වියදමත් අඩුයි. (ඉලෙක්ට්‍රොනික් බඩු හදන තැනකින් ඉල්ලුවොත් සමහර වෙලාවට පරණ CD Roms නිකන් වුණත් දෙනවා.)

eBooks


instructables.com වලින් මම Download කරගත්ත projects කීපයක්




Plotter සදහා පාවිච්චි කරන්නේ Stepper motors. ඒ නිසා මේ Stepper motors පාලනය කරන්න විශේෂ පරිපථයක් අවශ්‍ය වෙනවා. 


Stepper Motor Drivers: 



DRV8825


Easy Drive V4.4

Plotter එක වැඩකරවන්න Code එකක් ලියන්න ඕන. හැබැයි ඇත්තටම කියුවොත් අපි කිසිම Code එකක් ලියන්න මහන්සි වෙන්න ඕන නෑ. මොකද GRBL කියලා Library එකක් තියෙනවා. ඒක Arduino board එකට Upload කරන්න විතරයි තියෙන්නේ.




මේ ලින්ක් එකෙන් Arduino GRBL library එක download කරගන්න.


GRBL ගැන වැඩි විස්තර දැනගන්න

මේ තියෙන්නේ Arduino එකට EasyDrives සම්බන්ධ කරන ආකාරය Diagram එක. මෙතනින් අත්‍යවශ්‍ය වෙන්නේ x,y,z අක්ෂ 3ම Stepper motors වලට සම්බන්ධ EasyDriver board වල Step හා Direction කියන pins සම්බන්ධ කරගැනීමයි.









Limit x,y,z කියන ඒවා සම්බන්ධ කරන්න‍ේ Mechanical end stops කියන ස්ව්ච් වර්ගයටයි. මේවාගෙන් කෙරෙන්නේ plotter එකේ පෑන/spindle එක කෙලවරකට ආවාම auto stop කරන එක. මේ ස්විච අනිවාර්යයෙන්ම තිබියයුතු නෑ. ඒත් තියෙනවා නම් හොදයි.





ඉතිරි pins නම් Plotter එකට අවශ්‍ය වෙන්නේ නෑ.

දැන් Plotter එක නිවැරදිව සකස් කරගත්තට පස්සේ ඊළග පියවර තමයි පරිගණකයට සම්බන්ධ කරලා පරිගණකය මගින් Plotter එක පාලනය කිරීම. ඒකට පාවිච්චි කරන්න පුළුවන් Software ගොඩක් තියෙනවා. ඒ අතරින් මම පාවිච්චි කරන්නේ Universal Gcode Sender කියන Software එක. 




දැන් මේ Software එක පාවිච්චි කරලා Plotter එක ක්‍රියාත්මක කරන්න කලින්, GRBL වල Settings කීපයක් හදාගන්න ඕන. motor directions, speed, acceleration වගේ දේවල්.


දැන් Plotter එකේ වැඩ ඉවරයි. Plotter එකට අදින්න ඕන චිත්‍ර ලබාදෙන්න ඕන Gcode කියන ආකාරයටයි. මේකට වැඩිපුරම පාවිච්චි කරන්නේ Inkscape මෘදුකාංගයයි. මෘදුකාංගයට අමතරව gcodetool කියලා plugin එකකුත් යොදාගන්න වෙනවා.






මේ ලිපියේ අරමුණ වුනේ Plotter එකක් නිර්මාණය කරන්න අවශ්‍ය මූලික මගපෙන්වීම ලබාදීමයි. ඉදිරියේදී මීට වඩා විස්තරාත්මක ලිපි පෙලක් ඉදිරිපත් කරන්නම්. 

දිගටම බ්ලොග් එකත් එක්ක රැදිලා ඉන්න. ස්තූතියි.