Showing posts with label MyThoughts. Show all posts
Showing posts with label MyThoughts. Show all posts

අධ්‍යාපනය (මුදලට) විකුණන උපාධි කඩ වහා අහෝසි කරණු...




එලියෙදි: අධ්‍යාපනය මුදලට විකුණන SLIIT,..., උපාධි කඩ වහා අහෝසි කරණු.
ඇතුලෙදි: 80% ට මුවාවී සිදුකරන ශිෂ්‍ය මර්ධනය වහා නවතනු.

ප්‍රයිවට් කැම්පස් වලට IESL පිලිගැනීම දෙන්න එපාලු. හැබැයි රජයේ විශ්ව විද්‍යාලවල 80% බලන්නත් එපාලු. (ඉංජිනේරු පාඨමාලාවක ගුණාත්මකභාවය පවත්වාගැනීම සදහා තමයි IESL හා UGC එකෙන් මේ 80% ක පාඨමාලා සහභාගීත්වය අනිවාර්ය කරලා තියෙන්නේ.)

⁣මාත් ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඒත් වැරැද්දක් දැක්කම ඒක සාධාරණීකරනය කරන්නේ නැ. මේවා බලාගෙන පැත්තකට වෙලා ඉන්නත් ලැජ්ජයි.

තමන් A/L සමත් වෙලා 5% කට පමණක් හිමිවෙන විශ්ව විද්‍යාල වරම ලැබුනා නම්, තමන්ට ඒ අවස්ථාව ලබාගන්න උපකාර කරපු මේ රටේ බදු ගෙවන අහින්සක ජනතාවගේ දහඩිය මහන්සියට සාධාරණයක් කරන්න ඕන. ඒකට තියෙන හොදම විදිහ තමයි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය උපරිමයෙන් ලබාගෙන හොද ඉංජිනේරුවෙක් වෙලා රටට සේවය කරන එක.

හැබැයි ලකුණක් දෙකක් මදි වෙලා විශ්ව විද්‍යාල වරම් අහිමිවුණ මධ්‍යම පාන්තිකයින් ට තියෙන එකම විකල්පය වන "දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල" වහලා දාන්න කියලා කොළඹ පාරවල් වල පෙලපාලි යන ගමන්, තමන් ඉගෙනගන්න ඉංජිනේරු පාඨමාලාවේ 80% Attendance බලන්න එපා, Attendance නැතත් විභාගේ ලියන්න දෙන්න කියලා ඉල්ලමින් විභාග වර්ජනය කිරිම තරමට වඩා කුහක කමක් තියෙන්න පුළුවන් ද?

විශ්ව විද්‍යාලයක්/ පිඨයක් වහලා තියෙන දවසක් ගානේ නාස්ති වෙන්නේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නෙවෙයි ද? අහිංසක දෙමාපියන්ගේ බලා⁣පොරොත්තු නෙවෙයි ද?

බහුතරයක් මේක අනුමත කරන්නේ නෑ. හැබැයි සුළුතරයක පටු අරමුණු ඉටුකරගන්න ඔවුන් Batch Fit එක අයුතු විදිහට පාවිච්චි කරනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න ඕන නැද්ද?

විප්ලවය හෝ අරගලය කියන්නේ අන්ධානුකරණයෙන්, පොස්ටර් බැනර් උස්සගෙන කොලයක ලියලා දුන්න සටන්පාඨ කියවන එක ද?




එළාර-ගැමුණු හා මහින්ද-ප්‍රභාකරන්

Image result for mahinda and prabhakaran




එළාර ආක්‍රමණිකයෙකි
ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකි.
දෙදෙනාම යුධමය ක්‍රියාමාර්ග මගින් ලංකාව පාලනය කලහ.


ගැමුණු රජ හා ජනපති මහින්ද ලක්දිව එක්සත් කල පාලකයින් දෙදෙනෙකි.
  • එළාර තම අවසන් සටනේදී ගැමුණු රජු හා ද්වන්ද සටනකට ඉදිරිපත් ව ගෞරවාන්විතව පරාජයට පත්විය.
  • ප්‍රභාකරන් අවසන් සටනේදී මිනිස් පලිහකට මුවාවෙමින් ජීවිතය රැකගැනීමට උත්සාහ කොට පරාජයට පත්විය.

  • ගැමුණු රජ, එළාරගේ නායකත්ව ගුණ අගය කරමින් නිසි ගෞරව සහිතව ආදාහනය සිදුකලේය.
  • මහින්ද, ප්‍රභාකරන්ගේ දුර්ගුණ වලට සුදුසු පරිදි අවසන් කටයුතු සිදුකලේය.

එළාර රජුගේ ගුණ අදටත් ඉතිහාස පොත්වල වර්ණනා කරයි. ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් සමරන්නන් අදත් සිටී ???

ගැමුණු රජු අද "දුෂ්ඨ ගාමිණ - දුටුගැමුණු " ය. මහින්ද ජනපති අද "මහින්ද හොරා" ය.

වැඩිමහල් සොයුරාගේ රාජ උරුමය පැහැරගැනීම්ට උත්සාහ කල තිස්ස අද, "සද්ධාතිස්ස" ය. (කෙසේ වුවත් ඔහු ගැමුණු රජුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයමින් රට දියුණු කිරීමට කටයුතු කලේය.)

මෛත්‍රි ජනපති ගැන _______________________









Sri Lanka, Forever




මේ පිංතූරේ බැලුවම විහිළුවක් වගේ පෙනෙයි. හැබැයි අපිට හරි දැක්මක් යටතේ එකතු වෙලා වැඩ කලොත් අපේ රට, ශ්‍රී ලංකාව, වකන්ඩාවක් කරන එක අමාරු දෙයක් නෙවෙයි.

අපේ මුතුන්මිත්තන් මුහුදු වගේ වැව් නිර්මාණය කලෙත්, පුරාතන ලෝකයේ ගීසා පිරමීඩ වලට පමණක් දෙවෙනි වෙන මහා චෛත්‍ය හැදුවෙත් අපේම දැනුම හා තාක්ෂණයෙන්. (තවමත් ජනප්‍රවාදයක් විදිහට තිබුණත්, රාවණාගේ ලංකාපුර රාජධානිය ගැනත් එහි පැවති තාක්ෂණය ගැනත් අමතක කරන්න බෑ.)

හැබැයි හැමදාම කලා වගේ අතීතය ගැන උදම් ඇනීම නතර කරලා, අද දවසත් අනාගතයත් රටේ දියුණුව වෙනුවෙන් කැප කරන්න පුළුවන් නම් වකන්ඩාවක් ගොඩනැගීම අපහසු ඉලක්කයක් නෙවෙයි.


"Sri Lanka, Forever"


(වකන්ඩා = Marval චිත්‍ර කථාවල සදහන් වන අප්‍රිකානු රටකි. පිටතින් 3 වන ලොකයේ දිලිදු රටක් ලෙස පෙනුනත්, බටහිර තාක්ෂණයෙන් වියුක්තව, වයිබ්‍රේනියම් නම් මුලද්‍රව්‍යය මුල්කරගත් අති දියුණු තාක්ෂණයකට ඔවුන් හිමිකම් කියයි.)

Image from the Black Panther 2018 Film

Image result for wakanda
Image from the Black Panther 2018 Film

හොද නරක vs. බටහිර චින්තනය



හොද -   නරක  
යහපත -    අයහපත  

මේවා තීරණය කරන්නේ කවුද?


ජර්මනිය/ජපානය, වෙනත් රටවල් අල්ලන්ට යුද්ධ කරන එක වැරදියි. එතකොට එයාලා සතුරු පාර්ශවය. බ්‍රිතාන්‍යය, ඇමරිකාව මිත්‍ර පාර්ශවය.

ඒත් ක්‍රි.ව. 1500-1900 ගණන්වල බ්‍රිතාන්‍යයේ/ ප්‍රංශයේ/ ස්පාඥයේ/ ඕලන්දයේ යටත් විජිත ව්‍යාපාරයේ කිසිම වැරැද්දක් නෑ.

ජර්මනියේ හිට්ලර් යුදෙව්වන්ව ගෑස් කාමර වල දාලා මරපු එක වැරදියි. හැබැයි ඇමරිකාව පරමාණු බෝම්බ දාලා හිරෝෂිමා නාගසාකි නගර පිටින් විනාශ කරපු එකේ වැරැද්දක් නෑ.


ඉතිහාස පොතේ උගන්වන්නේ එහෙමයි.

මේක තමයි බටහිර චින්තනය. එයාලට හරි කියලා හිතෙන දේවල් අපිත් හරියි කියලා පිලිගන්න ඕන.


#thinkOut_of_the_Box