SOX Audio converter එක භාවිතා කරමු


SOX (
Sound eXchange) කියන්නේ දැනට තියෙන හොදම Open Source audio converter එක කියුවොත් නිවැරදියි. හැබැයි සාමාන්‍ය Converters වල වගේ GUI (Graphical User Interface) එකක් නම් නෑ. ඒ කියන්නේ ක්ලික් කරලා ඔ්පන් කරන්න පුළුවන් Window එකක් නෑ. හැබැයි මේක install කලාට පස්සේ, computer එක‍ේ ඕනම තැනක ඉදලා තත්පර කීපයකින් audio එකක් Convert කරගන්න පුළුවන්.


SOX install කරගැනීම


1. මේ ලින්ක් එකෙන් zip file එක download කරගන්න.




2. Zip file එක extract කරගන්න.

3. රූපසටහන්වල තියෙන පියවර අනුගමනය කරලා sox install කරගන්න. (මෙතනදී, sox install කරන directory එක copy කරලා තියාගන්න. ඉදිරි පියවරකදී ඕන වෙනවා.)








4. sox install කලාට පස්සේ තව පොඩි දේවල් කිහිපයක් කරන්න තියෙනවා. Download කරගත්තු folder එකේ තියෙන කියන file 2, sox ඉන්ස්ටෝල් කරපු folder එකට copy paste කරගන්න. (මේ කොපි කරගත්තේ mp3 decoders 2ක්.)



5. දැන් sox සාර්ථකව install කරගෙනයි තියෙන්නේ. අපිට computer එ‍කේ ඕනම තැනක ඉදලා sox පාවිච්චි කරන්න නම් තව පොඩි දෙයක් කරන්න තියෙනවා. 





රූපසටහන්වල විදිහට, My Computer අයිකනය මත Right click කරලා Properties වලට යන්න. එතනින් වම් පැත්තේ පැනල් එකෙන්, Advance system settings මත ක්ලික් කරන්න. දැන් Environment Variables කියන Button එක තෝරලා System variables යටතේ තියෙන path කියන item එක select කරන්න. දැන් පහලින් තියෙන Edit button එක ඔබලා මතුවන වින්ඩෝ එකේ Variable value කියන Text box එකේ අගට  ;  ලකුණ type කරලා හිස්තැනක් තියලා sox install කරගත්ත directory එක දෙන්න ඕන.

උදා :-  C:\Program Files (x86)\sox-14-4-2






මෙතනදී සිද්ධවෙන්නේ sox වැඩසටහන තියෙන්නේ කොතනද කියලා අපි කලින්ම computer එකට කියලාදෙන එකයි. එතකොට අපි sox ඉල්ලනකොට, computer එක දන්නවා කොහෙද sox තියෙන්නේ කියලා.



SOX භාවිතා කිරීම


දැන් ඔයාලා කැමති audio file එකක් තෝරාගන්න. මම පාවිච්චි කරන්න‍ේ original.mp4 කියන file එක.

දැන් file එක තියෙන folder එකේ Address bar එකේ cmd කියලා type කරලා Enter කරන්න. එතක‍ොට, Command Prompt එක open වෙනවා. දැන් ඒකේ මේ විදිහට type කරන්න. 



sox original.mp4 converted.wav




රතු පාටින් තියෙන තැනට convert කරන්න ඕන file එකේ නමත්, කොල පාටින් තියෙන වචනය වෙනුවට convert කරන්න බලාපොරොත්තු වන නමත් type කරන්න. Extension එකත් (මේ උදාහරණයේදී නම් .wav කියන එක) අමතක කරන්නේ නැතිව type කරන්න. ඒකෙන් තමයි sox converter එක, convert කරන්න ඕන file type එක අදුනගන්නේ.

දැන් Enter key එක ඔබන්න. ස්වල්ප වේලාවකින් convert කිරීම අවසන් වෙලා, අළුත් file එක පෙන්වයි.

තව ‍ග‍ොඩක් පහසුකම් තියෙනවා. මම ඒ පහසුකම් කිහිපයක් උදාහරණ මගින්ම පැහැදිලි කරන්නම්.



1. Combine Multiple Audio Files to Single File

sox -m first_part.wav second_part.wav whole_part.wav 


2. Extract Part of the Audio File

sox old.wav new.wav trim [SECOND TO START] [SECONDS DURATION]

3. Get Audio File Information

sox foo.wav -e stat


දැන් ඔයාලටත් sox පාවිච්චි කරන ආකාරය ගැන අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා.

වැඩි විස්තර දැනගන්න කැමති අයට මේ ලින්ක් එක උපකාර වේවි.








E-Book: Build Your Own CNC Machine

By Patrick Hood-Daniel and James Floyd Kelly



CNC මැෂින් හදන්න කැමැත්තෙන් ඉන්න අයට ගොඩක් වැදගත් eBook එකක් තමයි මම අද ඉදිරිපත් කරන්නේ.

මේ පොතෙන් විස්තර කරලා තියෙන්නේ DIY, හෙවත් Do It Yourself කියන කාණ්ඩයට අයිති නිර්මාණයක්. තවත් සරළවම කිව්වොත් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යය හා උපකරණවලින් මේ CNC එක නිර්මාණය කරන්න පුළුවන්.

ඔයාලත් හදාගන්න බලාපොරොත්තු වෙන CNC එකේ Mechanical/ කාර්මික පැත්තට මේ පොතෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. 
පිටු 240 යි.


(සටහන : මේ පොතේ තියෙන CNC Driver එකයි, March3 Software එකයි වෙනුවට ලංකාවේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් EasyDrive board එක හා Universal Gcode Sender මෘදුකාංගය පාවිච්චි කරන්න)


පටුන
  • Introduction
  • Chapter 1: Your CNC Machine
  • Chapter 2: Hardware and Tools
  • Chapter 3: Tips and Advice
  • Chapter 4: Movement Using Rails
  • Chapter 5: Joining Methods
  • Chapter 6: The Electronics
  • Chapter 7: X-Axis, Part 1
  • Chapter 8: X-Axis, Part 2
  • Chapter 9: X-Axis, Part 3
  • Chapter 10: Y-Axis, Part 1
  • Chapter 11: Y-Axis, Part 2
  • Chapter 12: Y-Axis, Part 3
  • Chapter 13: Preparing for the Z-Axis
  • Chapter 14: Z-Axis, Part 1
  • Chapter 15: Z-Axis, Part 2
  • Chapter 16: Z-Axis, Part 3
  • Chapter 17: Mounting the Electronics
  • Chapter 18: Software and Testing
  • Chapter 19: Where to Go from Here

Download 










කාලීන : SAITM වසා දමනවද ?



මේ දවස්වල මේ මාතෘකාව ගැන ගොඩක් දෙනෙක් කථාවෙනවා. දෙපැත්තෙම අය එකිනෙකාට චෝදනා කරගන්නවා. තුන්වන පාර්ශවය (ඒ කියන්නේ අපි) දෙගොල්ලන්ටම චෝදනා කරනවා. 

 රජයේ විශ්වවිද්‍යාලවල අය කියන්නේ සයිටම් හොර උපාධි කඩය වහලා දාන්න කියලයි. මේකට පාරවල් වල උද්ගෝෂණ කරනවා, පෙලපාලි යනවා. සයිටම් සිසූන් අහනවා, පිටරට ගිහින් උපාධිය ඇරන් එන්න පුළුවන් නම් ඇයි මෙහෙදි බැරි කියලා. 

මමත් පෞද්ගලිකව උපාධිය මුදලට විකිණීම නම් අනුමත කරන්නේ නෑ. හැබැයි උසස් පෙළ විභාගය ලියපු කෙනෙක් විදිහට දන්නවා, A/L විභාගය ලියලා හොදටම පාස් වෙලා දක්ෂතාව/හැකියාව තියෙන, ඒත් ලකුණක් දෙකක් මදිවෙලා කැම්පස් යන්න බැරිවෙන අය ගොඩක් ඉන්නවා කියලා. ඒ අයට තියෙන එකම විසදුම මෙරට හෝ විදෙස් රටක පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත්වීම පමණයි.
මගේ අදහස තමයි, සයිටම් එක රජය යටතට පවරගෙන, රජයේ වෛද්‍ය පීඨයක් කරන්න ඕන කියන එක. පාරවල් පුරා සයිටම් වහල‍ා දාන්න කියලා උද්ඝෝෂණ කරන්නේ නැතිව, සයිටම් රජයට පවරගන්න කියලා කියුවා නම්, ඒක හුදු ආත්මාර්ථකාමී ඉල්ලීමක් කියලා කාටවක් චෝදනා කරන්නත් බෑ. රජයට ඒක බෑ කියන්න හේතුවකුත් නෑ. 

එතකොට විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්න සහෝදර ශිෂ්‍යයන් ගණනත් වැඩිකරගන්න පුළුවන්. ඒ වගේම මුදලට උපාධි විකිණිමත් නතර වෙනවා. (නිසි සුදුසුකම් නැතිව වෛද්‍ය උපාධිය ගන්න බලාපොරොත්තු වෙන අයට නම් මේ විසදුම සාර්ථක නොවේවි.)

ඉතින් තවමත් සයිටම් වසාදමන්න කියලා අරුත් සුන් උද්ගෝෂණ කරනවා ද ? නැත්නම් සයිටම් රජයේ විශ්ව විද්‍යාලයක් බවට පත්කරගන්න උත්සාහ කරනවද ?




Programming Home with Arduino and Android

By Mike Riley




Arduino Controlled Smart Home, Home automation system වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ප්‍රයෝජනවත් වේවි. (පිටු 229 යි)


පටුන

  • 1. Getting Started
  • 2. Requirements
  • 3. Water Level Notifier
  • 4. Electric Guard Dog
  • 5. Tweeting Bird Feeder
  • 6. Package Delivery Detector
  • 7. Web-Enabled Light Switch
  • 8. Curtain Automation
  • 9. Android Door Lock
  • 10. Giving Your Home a Voice
  • 11. Future Designs
  • 12. More Project Ideas
  • A1. Installing Arduino Libraries
  • A1.1 Apple OSX
  • A1.2 Linux
  • A1.3 Windows
  • A2. Bibliography



Download 





Practical Arduino Cool Projects for Open Source Hardware

By Jonathan Oxer & Hugh Blemingo




Arduino පාවිච්චි කරලා කරන්න පුළුවන් තවත් අපූරු ව්‍යාපෘති කීපයක් ගැන තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ.

Weather stations, RFID Locks, Virtual keyboards වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. (පිටු 445)

පටුන


  • Chapter 1: Introduction
  • Chapter 2: Appliance Remote Control
  • Chapter 3: Time-Lapse Camera Controller
  • Chapter 4: Virtual USB Keyboard
  • Chapter 5: PS/2 Keyboard or Mouse Input
  • Chapter 6: Security/Automation Sensors
  • Chapter 7: Online Thermometer
  • Chapter 8: Touch Control Panel
  • Chapter 9: Speech Synthesizer
  • Chapter 10: Water Flow Gauge
  • Chapter 11: Oscilloscope/Logic Analyzer
  • Chapter 12: Water Tank Depth Sensor
  • Chapter 13: Weather Station Receiver
  • Chapter 14: RFID Access Control System
  • Chapter 15: Vehicle Telemetry Platform
  • Chapter 16: Resources

Downloads










Beginning Android ADK with Arduino

By Mario Bohmer




Android ෆෝන් වලට Arduino board සම්බන්ධ කරන්න පුළුවන් ද ?

Arduino Mega ADK බෝර්ඩ් එකත් එක්ක කරන්න පුළුවන් අපූරු projects කීපයක් ගැන තමයි මේ පොතේ විස්තර වෙන්නේ (පිටු 310 යි).

පටුන

  • Chapter 1: Introduction
  • Chapter 2: Android and Arduino: Getting to Know Each Other 
  • Chapter 3: Outputs 
  • Chapter 4: Inputs 
  • Chapter 5: Sounds
  • Chapter 6: Light Intensity Sensing
  • Chapter 7: Temperature Sensing 
  • Chapter 8: A Sense of Touch 
  • Chapter 9: Making Things Move 
  • Chapter 10: Alarm System



Download 











YouTube වීඩිය‍‍ෝවල Direct Links ලබාගමු


හැමෝම දන්නවානේ YouTube videos වල direct links ලබාගන්න අපහසු බව. YouTube වීඩියෝ Download කරන්න පුළුවන් ගොඩක් Tools, Extension තිබුණත්, ඒවායෙන් ලැබෙන Link කෙටි කාලයකින්ම කල්ඉකුත් වෙනවා. ඉතින් ඒ ගැටළුවට පොඩි විසදුමක් දෙන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ.

මේ තියෙන්නේ YouTube වීඩියෝවක්.





මේක, මේ පහලින් තියෙන URL එකට ගිහින්, කැමති Quality එකකට, කැමති Format එකකින් Download කරගන්න පුළුවන්.



ඒ කියන්නේ, Video link එක වෙනුවට මේ විදිහේ link එකක් දුන්න‍ොත්, ඒ ලින්ක් එකෙන් කෙලින්ම Video එක Download කරන්න පුළුවන්.

දැන් මම කියලා දෙන්නම්, කොහොමද YouTube URL එකකට මේ වගේ Download URL එකක් හදාගන්නේ කියලා. මම මේකට පාවිච්චි කලේ catchvideo.net කියන වෙබ් අඩවියයි. සමහරවිට ඔයාලා දැනටමත් මේ Site එක දැන දන්නවා ඇති.








මේ Site එකේ තියෙන Paste your video link below කියන Text Box එකට, YouTube video URL එක Paste කරලා catch කියන බොත්තම Click කරන්නයි තියෙන්නේ. තත්පර කිහිපයකින් ඔබව නව වෙබ් පිටුවකට යවයි. 






දැන් මේ වෙබ් පිටුවේ URL එක Copy කරගන්න. මෙන්න මේ URL එක තමයි Direct Download වලට දෙන්න තියෙන්නේ.


මේ කාර්යය වඩාත් පහසුවෙන්ම සිදුකරගන්න කැමති අයට මම හදපු Direct Link Extractor කියන Online Tool එක පාවිච්චි කරන්නත් පුළුවන්.









Arduino Internals

By Dale Wheat




ආර්ඩියුනෝ ගැන ඇතුලටම ගිහින්, ගැඹුරටම ගිහින් ඉගෙනගන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙයි

Arduino Pinout එකේ ඉදලා AVR core function වෙනකම් පුළුල් පරාසයක් මේ පොතෙන් ආවරණය වෙනවා

තමන්ගෙම කියලා Arduino board එකක් හදාගන්න බලාපොරොත්තු වෙන අයටත් මේ පොත ගොඩක් වැදගත් වෙයි Download කරගෙන කියවලාම බලන්න. පිටු 387 යි

පටුන

  • About the Author 
  • About the Technical Reviewers 
  • Acknowledgments 
  • Preface 
  • Chapter 1: Hardware 
  • Chapter 2: Software 
  • Chapter 3: Atmel AVR 
  • Chapter 4: Supporting Hardware 
  • Chapter 5: Arduino Software 
  • Chapter 6: Optimizations 
  • Chapter 7: Hardware Plus Software  
  • Chapter 8: Example Projects 
  • Chapter 9: Project Management  
  • Chapter 10: Hardware Design 
  • Chapter 11: Software Design 
  • Chapter 12: Networking 
  • Chapter 13: More Example Projects  

Download 












Android App : W3School Offline




Web Design ගැන ඉගෙනගන්න කැමති අයට ගොඩක් වැදගත්වන දෙයක් තමයි අද මම ඉදිරිපත් කරන්න යන්නේ.

Web Designing ගැන ඉගෙනගන්න පුළුවන් ගොඩක් වෙබ් අඩවි තියෙනවා. ඒවා අතරින් w3schools.com ඉදිරියෙන්ම ඉන්නවා. මාත් ගොඩක් දේවල් ඉගෙනගත්තේ මේ වෙබ් අඩවියෙන්. මාස කීපයකට කලින් මට මේ වෙබ් අඩවියේ offline පිටපතක් හම්බවුණා. මම ඒ offline 
පිටපත පාවිච්චි කරලා මගේ ප්‍රයෝජනය සදහා පොඩි Android App එකක් හදාගත්තා.

ඉතින් මට හිතුණ‍ා මේ App එක අනිත් අයත් සමග බෙදාගන්න. ඒ නිසා මම අද මේ App එක තවත් වැඩිදියුණු කරලා W3school Offline 1.0.1 කියන සංස්කරණය නිකුත් කරනවා.

මේ App එක පහත ලිපිනයෙන් ගිහින් Google Drive එක හරහා Download කරගන්න පුළුවන්.












මම මේ App එක සදහා වෙළඳ දැන්වීම් හෝ InApp purchase වගේ කිසිම දෙයක් ඇතුලත් කළේ නෑ. 100% නොමිලේ තමයි ලබාදෙන්නේ. ඒ නිසා ඇප් එක Download කරගත්තම, සුදුසු Rating එකක් දෙන්න අමතක කරන්න එපා. මොකද මේක හදපු මට ලැබෙන එකම දේ ඔයාලාගේ Feedback එක විතරයි.

මේ ඇප් එකෙන් ඔයාලට මේ දේවල් ගැන ඉගෙනගන්න පුළුවන්.

  • වෙබ් අඩවි නිර්මාණයට HTML
  • ඔබේ වෙබ් අඩවිය අලංකාර කරගැනීමට CSS
  • වෙබ් පිටු ක්‍රමලේඛනය කිරීමට JavaScript
  • සර්වර් වලින් වැඩ ගන්න PHP, ASP 
  • දත්ත සමුදාය සදහා SQL
  • අලංකාර වෙබ් අඩවි නිර්මාණයට jQuery, Boostrap 
  • දත්ත හුවමාරුවට, XML
  • .......................

ඇතුළු තවත් පාඩම් මාලා රැසක් මේ ඇප් එකේ අන්තර්ගතයි.ඇප් එක ගැන අදහස්, යෝ්ජනා හෝ චෝදනා තියෙනවා නම් comment කරන්න.


Screenshots




ඉදිරියේදී තවත් ඇප් කීපයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට පොඩි ඉඟියක් දෙන්නම්, මගේ ඊළඟ ඇප් එක Arduino සම්බන්ධවයි.







Getting Started with Raspberry Pi

By Matt Richardson and Shawn Wallace




Raspberry Pi කියන්නේ දැන් ලංකාවට අළුත් මාතෘකාවක් නෙවෙයි. ගෙඩක් අය Raspberry Pi කියන්නේ මොකක්ද කියලා දන්නවා. එ්ත් තවම Raspberry pi ගැන ඉගෙනගන්න තියෙන මූලාශ්‍ර ප්‍රමාණවත් මදි. ඒ නිසා මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ Raspberry pi ගැන මුල ඉදලා ඉගෙනගන්න කැමති අයට ගොඩක් ප්‍රයෝජනවත් වන e-Book එකක්.

මුල පරිච්ඡේද වලින් Raspberry Pi computer එක නිවැරදිව සකසාගන්න ආකාරයක්, ඊළගට Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ආකාරයත් විස්තර කරල තියෙනවා. මීළග පරිචිඡේද කිහිපයෙන් Python ක්‍රමලේඛන භාෂාව ගැනයි සදහන් වෙන්නේ. Raspberry pi සමග Arduino භාවිතා කරන ආකාරයත් විස්තර කියලා තියෙනවා. එහෙනම් පොත download කරගෙන කියවලාම බලන්න.


1. Getting Up and Running
2. Getting Around Linux on the Raspberry Pi
3. Python On The Pi
4. Animation and Multimedia in Python
5. Scratch on the Pi
6. Arduino and the Pi
7. Basic Input and Output
8. Programming Inputs and Outputs with Python
9. Working with Webcams
10. Python and The Internet
A. Writing an SD Card Image
B. Astral Trespassers Complete
C. Analog Input


Download