Android App : W3School Offline




Web Design ගැන ඉගෙනගන්න කැමති අයට ගොඩක් වැදගත්වන දෙයක් තමයි අද මම ඉදිරිපත් කරන්න යන්නේ.

Web Designing ගැන ඉගෙනගන්න පුළුවන් ගොඩක් වෙබ් අඩවි තියෙනවා. ඒවා අතරින් w3schools.com ඉදිරියෙන්ම ඉන්නවා. මාත් ගොඩක් දේවල් ඉගෙනගත්තේ මේ වෙබ් අඩවියෙන්. මාස කීපයකට කලින් මට මේ වෙබ් අඩවියේ offline පිටපතක් හම්බවුණා. මම ඒ offline 
පිටපත පාවිච්චි කරලා මගේ ප්‍රයෝජනය සදහා පොඩි Android App එකක් හදාගත්තා.

ඉතින් මට හිතුණ‍ා මේ App එක අනිත් අයත් සමග බෙදාගන්න. ඒ නිසා මම අද මේ App එක තවත් වැඩිදියුණු කරලා W3school Offline 1.0.1 කියන සංස්කරණය නිකුත් කරනවා.

මේ App එක පහත ලිපිනයෙන් ගිහින් Google Drive එක හරහා Download කරගන්න පුළුවන්.












මම මේ App එක සදහා වෙළඳ දැන්වීම් හෝ InApp purchase වගේ කිසිම දෙයක් ඇතුලත් කළේ නෑ. 100% නොමිලේ තමයි ලබාදෙන්නේ. ඒ නිසා ඇප් එක Download කරගත්තම, සුදුසු Rating එකක් දෙන්න අමතක කරන්න එපා. මොකද මේක හදපු මට ලැබෙන එකම දේ ඔයාලාගේ Feedback එක විතරයි.

මේ ඇප් එකෙන් ඔයාලට මේ දේවල් ගැන ඉගෙනගන්න පුළුවන්.

  • වෙබ් අඩවි නිර්මාණයට HTML
  • ඔබේ වෙබ් අඩවිය අලංකාර කරගැනීමට CSS
  • වෙබ් පිටු ක්‍රමලේඛනය කිරීමට JavaScript
  • සර්වර් වලින් වැඩ ගන්න PHP, ASP 
  • දත්ත සමුදාය සදහා SQL
  • අලංකාර වෙබ් අඩවි නිර්මාණයට jQuery, Boostrap 
  • දත්ත හුවමාරුවට, XML
  • .......................

ඇතුළු තවත් පාඩම් මාලා රැසක් මේ ඇප් එකේ අන්තර්ගතයි.ඇප් එක ගැන අදහස්, යෝ්ජනා හෝ චෝදනා තියෙනවා නම් comment කරන්න.


Screenshots




ඉදිරියේදී තවත් ඇප් කීපයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට පොඩි ඉඟියක් දෙන්නම්, මගේ ඊළඟ ඇප් එක Arduino සම්බන්ධවයි.







No comments :

Post a Comment