කාලීන : SAITM වසා දමනවද ?



මේ දවස්වල මේ මාතෘකාව ගැන ගොඩක් දෙනෙක් කථාවෙනවා. දෙපැත්තෙම අය එකිනෙකාට චෝදනා කරගන්නවා. තුන්වන පාර්ශවය (ඒ කියන්නේ අපි) දෙගොල්ලන්ටම චෝදනා කරනවා. 

 රජයේ විශ්වවිද්‍යාලවල අය කියන්නේ සයිටම් හොර උපාධි කඩය වහලා දාන්න කියලයි. මේකට පාරවල් වල උද්ගෝෂණ කරනවා, පෙලපාලි යනවා. සයිටම් සිසූන් අහනවා, පිටරට ගිහින් උපාධිය ඇරන් එන්න පුළුවන් නම් ඇයි මෙහෙදි බැරි කියලා. 

මමත් පෞද්ගලිකව උපාධිය මුදලට විකිණීම නම් අනුමත කරන්නේ නෑ. හැබැයි උසස් පෙළ විභාගය ලියපු කෙනෙක් විදිහට දන්නවා, A/L විභාගය ලියලා හොදටම පාස් වෙලා දක්ෂතාව/හැකියාව තියෙන, ඒත් ලකුණක් දෙකක් මදිවෙලා කැම්පස් යන්න බැරිවෙන අය ගොඩක් ඉන්නවා කියලා. ඒ අයට තියෙන එකම විසදුම මෙරට හෝ විදෙස් රටක පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත්වීම පමණයි.
මගේ අදහස තමයි, සයිටම් එක රජය යටතට පවරගෙන, රජයේ වෛද්‍ය පීඨයක් කරන්න ඕන කියන එක. පාරවල් පුරා සයිටම් වහල‍ා දාන්න කියලා උද්ඝෝෂණ කරන්නේ නැතිව, සයිටම් රජයට පවරගන්න කියලා කියුවා නම්, ඒක හුදු ආත්මාර්ථකාමී ඉල්ලීමක් කියලා කාටවක් චෝදනා කරන්නත් බෑ. රජයට ඒක බෑ කියන්න හේතුවකුත් නෑ. 

එතකොට විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්න සහෝදර ශිෂ්‍යයන් ගණනත් වැඩිකරගන්න පුළුවන්. ඒ වගේම මුදලට උපාධි විකිණිමත් නතර වෙනවා. (නිසි සුදුසුකම් නැතිව වෛද්‍ය උපාධිය ගන්න බලාපොරොත්තු වෙන අයට නම් මේ විසදුම සාර්ථක නොවේවි.)

ඉතින් තවමත් සයිටම් වසාදමන්න කියලා අරුත් සුන් උද්ගෝෂණ කරනවා ද ? නැත්නම් සයිටම් රජයේ විශ්ව විද්‍යාලයක් බවට පත්කරගන්න උත්සාහ කරනවද ?




No comments :

Post a Comment