Showing posts with label arduino. Show all posts
Showing posts with label arduino. Show all posts

5DOF Robot Arm


මේ තියෙන්නේ මම ලගදි හදපු Robot Arm එකක්. තාම හදලා නම් ඉවර කරලා නෑ. Design එකට මූලික අදහස ගත්තේ Dorna කියන robot arm එකෙන්. Stepper motors වලින් තමයි වැඩ කරන්නේ. (Nema17 මෝටර් 3 යි, 28BYJ-48 මෝටර් 2 යි) Firmware එක විදිහට grbl-5x සහ Development board එක විදිහට Arduino Mega 2560 + Ramps 1.4 පාවිච්චි කරලා තියෙනවා.


ගොඩක් කොටස් හදලා තියෙන්නේ 3mm Cladding Boards වලින්. හැම කොටසක්ම ව⁣ගේ කැපුවේ මගේ CNC Machine එකෙන්.












DIY Robot Aarm

Another 'Holiday Engineering' project on its final stage.

Now my newly made 3 DOF Robot Arm can solves 'Tower of Hanoi' problem

The design was based on the 'uARM metal' project and I did some updates with available materials. Firmware is GRBL 1.1, which is used to control CNC machines.

Need some position calibration mechanism and coordinate mapping function from Cartesian to Cylindrical for stepper motors driven by CoreXY arrangement.

For your Interest:
>> https://en.wikipedia.org/wiki/Tower_of_Hanoi


All-in-one Robot Board : Minbot-Nano v1.0






Robotics කරන අයට ගොඩක් වැදගත්වෙන දෙයක් තමයි අද මම ගෙනල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් Arduino Board, Motor Drive, Power Supply, Sensors වගේ පොඩි පොඩි මොඩියුල් ගොඩක් Jumper Cables වලින් අමුණලා තමයි රොබෝ කෙනෙක්ව හදන්නේ. රොබෝ පොඩ්ඩක් එහෙ මෙහේ වුණ ගමන් අර වයර් බුරුල් වෙනවා. ලෙඩේ හොයාගන්න සෑහෙන වෙලා යනවා. Sensors වල වයර් බුරුල් (Loose Connection) වුණාම Readings වලටත් ලොකු බලපෑමක් එනවා.

මේ ප්‍රශ්න වලට විසදුමක් විදිහට තමයි මම මේ පල්ලෙහා රූපයේ තියෙන විදිහේ පොඩි Development Board / Shield එකක් නිර්මාණය කලේ. මේ Board එකේ සාමාන්‍ය රොබෝ කෙනෙක්ට තියෙන්න ඕන හැම උපාංගයකටම අවශ්‍ය ඉඩ තියෙනවා.



Development බෝර්ඩ් එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ Arduino Nano එකක්. Nano එක වෙනුවට NodeMCU දාපු බොර්ඩ් එකකුත් ඉදිරියේදී Design කරන්න අදහසක් තියෙනවා.

Arduino Nano Board

Motor Driver එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ TB6612FNG කියන මොඩියුල් එක. මේකෙන් 1.2A වෙනකම් ධාරාවක් ගන්න මොටර් Control කරන්න පුළුවන්.  N20 වගේ පොඩි මෝටර් වලට මේක හොදටම ප්‍රමාණවත්. ගෙන්නගත්තේ eBayඑකෙන්. වටිනාකම $1.37 (~Rs.220) විතර වෙනවා. (eBay Link: https://ebay.us/NOoW81)

TB6612 FNG Module


Voltage Regulator එක විදිහට පාවිච්චි කරලා තියෙන Unit එක ගෙන්නගත්තේ Aliexpress එකෙන්. වටිනාකම $0.69 (~Rs.110) විතර වෙනවා.
DC DC Step Down Buck Converter



මේක PCB Toner Transfer විදිහට හදාගන්න ඕන කරන Files, /printable_files folder එකේ තියෙනවා.

Online Service එකකින් හදාගන්න කැමති නම් ඒකට ඕන කරන gerber files,  /gerber_files folder එකේ තියෙනවා.

මේ Board එකට ගැලපෙන Sample Code එකක්, /program-nano folder එකේ තියෙනවා.

Board එකට components පාස්සගන්න ඕන විදිහ ගැන විස්තර, /Minbot_v1_Doc.pdf  කියන PDF එකේ තියෙනවා.



මේ Design එක, CEYKOD Research & Development මගින් GPLv3 බලපත්‍රය යටතේ නිදහස් හා විවෘත නිර්මාණයක් (Free and Open Source Design) විදිහටයි ඉදිරිපත් කරලා තියෙන්නේ.


Download Full Design from GitHub:







මේ වගේ තවත් Open-source Designs ගැන දැනගන්න, CRaD FB Page එකට Like කරන්න.









How to program STM32F103CB by USB directly (Windows)



Usually, we need a USB to TTL programmer (AKA Serial Programmer) or STLink programmer to program STM32 based boards.

But you can direct program STM32F103CB Blue Pill Board (As shown in above picture) through its built-in micro USB port using a custom bootloader.


1. Connect the hardware as below. You can use any USB to TTL Converter.

Programmer        Device
Tx ----------------> A10
Rx ----------------> A09
5V ----------------> 5V
Gnd --------------> GND




2. Set boot pin, BOOT0 to '1 position' (Right most 2 pins)

3. Reset the board using the reset button

4. Download following zip file and extract it.



5. Goto the extracted directory and run the following command on terminal/command line (Change the COM Port to your available COM Port)

./stm32flash.exe -w ./generic_boot20_pc13.bin COM7





6. After the success message, power off the board and set BOOT0 pin to '0 position' again.

7. Connect USB Mini cable.

8. Open the Arduino IDE and select the board STM32F103C (Watch this video to know how to install STM32 Package: https://www.youtube.com/watch?v=K-jYSysmw9w)


9. Now select following settings from Tools menu


10. Select the USB Port which is introduced with name within the brackets

               Ex:  'COM # (Maple Mini)'

Note

If you unable to find this special port, you need to install Maple Mini Drivers. For that, please go to Arduino install directory. (Mine is C:\Program Files (x86)\Arduino)

Arduino install directory > hardware > Arduino_STM32 > drivers > win

(Example: C:\Program Files (x86)\Arduino\hardware\Arduino_STM32\drivers\win)

Then run the file named, install_drivers.bat


11. Now you can upload a sketch to the board and get a fun :-) 

















SLIIT Robofest 2017

Maze Solving: In Virtual Maze





Arrow Following: With RGB arrows | Single color sensor









The competition was held on 07th of September 2017 at SLIIT Malabe Campus. Our robot now worked well in the game field due to a technical problem.


Getting Started with Sensors

Arduino හා Raspberry Pi කියන්නේ මේ දවස්වල ලොකේ පුරාම ඉතා ජනප්‍රිය Platforms දෙකක් කිව්වොත් නිවැරදියි. මේ දෙකම අනිත් Platform වලට වඩා ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මේ Platforms දෙකට සහයෝගය දක්වන Sensors ඉතා විශාල ප්‍රමාණයක් තිබීම හා ඒවා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් Libraries හා Modules තිබීම. මේ Sensors අතරින් කීපයක් ගැන තමයි මේ eBook එකේ තියෙන්නේ. 


Download 











Arduino Home site එකට ලිපියක් එකතු කරන්නේ කොහොමද ?




මේ ලිපියෙන් කියාදෙන්නේ Arduino Home වෙබ් අඩවියට ඔයාලා ලියපු ලිපියක් එකතු කරන්නේ කොහොමද කියලයි.

මේකට ඔයාලට මුලින්ම ceykod.com site එකේ ගිණුමක් ඕන වෙනවා. ගිණුමක් නිර්මාණය කරන්න ඕන නම් මේ ලින්ක් එකට ගිහින් ඉල්ලලා තියෙන විස්තර ටික පුරවලා එවන්න. 

ඔයාලා එවපු විස්තර වලට අනුව ඔයාල වෙනුවෙන් ගිණුමක් නිර්මාණය කලාම ඒ ගැන විස්තර තියෙන email පණිවිඩයක් ඔයාලට ලැබේවි.



ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් User Name එක විදිහට email address එකයි, Password එක විදිහට email එකේ සදහන් කරලා තියෙන password එකයි ඇතුලත් කරන්න.





දැන් ඔයාලට මේ වගේ පිටුවක් ලැබේවි. 




  • Contact Us කොටස පාවිච්චි කරලා ඔයාලට Site එක භාවිතයේදී ඇතිවෙන ගැටළු අපවෙත යොමුකරන්න පුළුවන්. 
  • Messages වලින් ඔයාලට අපි එවන පණිවිඩ බලාගන්න පුළුවන්. 
  • Settings කොටසෙන් ඔයාගේ විස්තර, Password එක වගේ දේවල් වෙනස් කරගන්නත් පුළුවන්.


Contents කියන කොටසින් තමයි ඔයාලගේ ලිපි/ වීඩියෝ වගේ දෙවල් Site එකට ඇතුලත් කරන්න තියෙන්නේ. 
ලිපියේ ඉදිරියේදී මේ ලිපි/වීඩියෝ වගේ Site එකට එකතු කරන්න පුළුවන් දේවල් අයිතම (Items) කියලා හදුන්වන්නම්.
Contents වලට ගියාම ඔයාලට මේ වගේ පිටුවක් ලැබෙනවා. මුලින්ම තියෙන්නේ Add New Content කියන Button එක. ඊළග⁣ට තියෙන්නේ ඔයාලා මේ වෙනකොට Site එකට එකතු කරලා තියෙන ලිපි ලැයිස්තුවයි. 







දැන් බලමු කොහොමද ලිපියක් ඇතුලත් කරන්නේ කියලා. Add New Content බොත්තම ක්ලික් කලාම මේ වගේ පිටුවක් ලැබෙනවා. 



Title : ඔයාලා එකතු කරන්න බලාපොරොත්තු වෙන අයිතමයේ නම මෙතන Type කරන්න. (සිංහල හෝ ඉංග්‍රිසි භාෂාවෙන්)

Link : මෙතනට ඔයාල එකතු කරන අයිතමයේ ලින්ක් එක දෙන්න. (උදා : YouTube Video එකක් නම් ඒ ලින්ක් එක මෙතනට Copy Paste කරන්න.)

Type : ඔයාල එකතු කරන අයිතමය අයිති කාණ්ඩය මෙතනින් තෝරලා දෙන්න.

Description : අයිතමය ගැන කෙටි හැදින්වීමක් මෙතනට දාන්න. සිංහලෙන් නම් ගොඩක් ම හොදයි.

Tags : මෙතනට ඔයාලගේ අයිතමය සම්බන්ධ Keywords තෝරලා දෙන්න. අයිතමයට අදාල / ගැලපෙන Keywords විතරක් දාන්න.




දැන් Submit කරන්න. දැන් ඔයාලා එකතු කරපු අයිතමය වෙබ් අඩවියට එකතු වෙලයි තියෙන්නේ. හැබැයි මේක Site එකේ පෙන්වන්න නම් Site Admin ගේ Approval එකක් ඕන වෙනවා. (මේකට හේතුව ලිපියේ අන්තිමට කියන්නම්)






ඔයාලා එකතු කරපු අයිතමය ඕනැම වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඒකට මේ වගේ ලිපිය ඉදිරියෙන් තියෙන Edit කියන බොත්තම පාවිච්චි කරන්න පුළුවන්.








Site එකේ ගුණාත්මක බව පවත්වාගන්න පොඩි පොඩි කරුණු කිහිපයක් අනුගමනය කරන්න වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් ඒවට එකග වෙයි කියලා.

1. Site එකට එකතු කරන්න පුළුවන් Arduino හෝ ඒ ආසන්න තාක්ෂණික තොරතුරු සම්බන්ධ ලිපි විතරයි.

2. හැම අයිතමයකම පුළුවන් තරම් නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න ඕන. (නැත්නම් වැරදි උපදෙස් තියෙන ලිපි වලින් පරිශීලකයින්ට ගොඩක් ගැටළු ඇතිවෙන්න පුළුවන්.)

3. Site එකට එකතු කරන ලින්ක් වලට adfly වගේ Ads Click URL පාවිච්චි කරන්න බෑ. (ඔයාලගේ අයිතමය ඇතුලේ වෙළද දැන්වීම් තිබුණට ගැටළුවක් නෑ.)

4. වාණිජ අරමුණු වලින් පලකරන ලිපි අනුමත කරන්නේ නෑ. ඒ වගේම තවත් කෙනෙක්ගේ ලිපියක් හෝ බුද්ධිමය දේපලක් කොපි කරලා තිබුනොත් ඒ ලිපි Site එකෙන් ඉවත් කරන්න සිදුවෙනවා.

5. අයිතම එකතු කරන්න පුළුවන් ඒ අයිතමයේ කතෘ හෝ අයිති කෙනාට විතරයි. 



මීට අමතරව Site එක ගැන ඔයාලගේ අදහස්/ යෝජනා/ චෝදනා වගේ ඕනම දෙයක් මේ Link එක හරහා එවන්න පුළුවන්.













ARDUINO HOME



ආර්ඩියුනෝ ගැන ඉගෙනගන්න කැමති, ආසාවක් තියෙන හැම දෙනාටම ඉතා වැදගත් දෙයක් තමයි මම අද කියන්න යන්නේ. මෑතක ඉදලා ලංකාව පුරා ආර්ඩියුනෝ තාක්ෂණය ඉතා වේගයෙන් ප්‍රචලිත වෙනවා. ඒ වගේම අපේ ගොඩක් දෙනෙක් තමන් ඉගෙනගත්ත දේවල් තවත් අයට කියා⁣දෙන්න කැමතියි. ඒ නිසා ම වෙනත් කිසිදේකට නැති තරම් සිංහලෙන් ආර්ඩියුනෝ ගැන ලිපි, YouTube Video අන්තර්ජාලය පුරා තියෙනවා. 

හැබැයි මෙතන තියෙන ලොකු ගැටළුවක් තමයි මේ කියන ලිපි, වීඩියෝ ලේසියකට හොයාගන්න අමාරුකම. මූලිකම ⁣හේතුව Google Ranking වල ඉහලට එන්න ගොඩක් කල් ගතවීම. අනිත් කාරණය තමයි සිංහලෙන් තියෙන නිසා technical terms / keywords වලින් ඉහලට එන්න අපහසු වීම. උදාහරණයකට කිව්වොත් ඔයා හොයනවා Ultrasonic Sensor එක ගැන ලිපියක්. keyword එක ඉංග්‍රිසි නිසා Google Search Result එකෙන් ලැබෙන්නේ ඉංග්‍රිසි ලිපි විතරයි.

ඒ වගේම ආර්ඩියුනෝ සම්බන්ද සිංහල භාෂාවෙන් තියෙන ලිපි, Posts, Blogs, විඩියෝ අන්තර්ජාලය පුරා විසිරිලයි තියෙන්නේ.

ඒ නිසා මේ ගැ⁣ටළුවට විසදුමක් ලෙස මම Search Engine එකක් නිර්මාණය කලා. මේ Search Engine එකට ගිහින් අපිට හොයන්න ඕන මාතෘකාව ටයිප් කලාම ඒ මාතෘකාවට අදාලව සිංහලෙන් පලවුණ ලිපි සියල්ලම හොයාගන්න පුළුවන්. මේක හරියටම Torrent Search Rngine එකක් වගේ තමයි වැඩ කෙරෙන්නේ.

ඒ වගේම ඕනම කෙනෙක්ට පුළුවන් තමන්⁣ගේ ලිපි, නිර්මාණ, ව්‍යාපෘති මේකට ඉදිරිපත් කරන්න.

දැනට ආරම්භයක් විදිහට ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි 50+ ඇතුලත් කරලයි තියෙන්නේ. ඉදිරියේදී Raspberry Pi, PIC, NodeMCU වගේ මාතෘකා වලටත් මේ වෙබ් අඩවියේ ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. 

ඔයාලත් ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි පලකරලා තියෙනවා නම් හෝ ඔයාලගේ projects මේ අඩවියේ පලකරන්න කැමති නම් arduino@ceykod.com කියන email ලිපිනයට ඔබේ නම හා දුරකථන අංකය email කරන්න.








Self Balancing Robot




සෑහෙන කාලෙකට පස්සේ Robo කෙනෙක් හැදුවා. (හැදුවා කිව්වට තාම හදලා ඉවර නෑ.)

මේ රො⁣බෝට රෝද දෙකෙන් සමබරව ඉන්න පුළුවන්. සමබරතාව තියාගන්නේ MPU 6050 Gyroscope sensor එකක් මගින් ලැබෙන pitch angle කියන දත්තය පාවිච්චි කරලයි.

මීට අමතරව PID කියන Control Structure එකත් භාවිතා වෙනවා. වෙලාවක් ලැබුනොත් හදන හැටි blog post එකක් දාන්නම්.





මොකක්ද මේ Processing කියන්නේ ?



ආර්ඩියුනෝ කියන්නේ මොකක්ද කියලා නොදන්න කෙනෙක් නැති තරම් දැන් ආර්ඩියුනෝ ජනප්‍රියයි. මේ ආර්ඩියුනෝ වල ලගම ඥාතියෙක් කියලා හදුන්වන්න පුළුවන් මෘදුකාංගයක් තමයි Processing කියන්නේ. ලොකු අයියා කිව්වොත් ගොඩක්ම නිවැරදියි. මොකද Processing පලමු සංස්කරණය නිකුත් කරලා තියෙන්නේ 2001 දී.

IDE එක, එහෙමත් නැත්නම් අතුරුමුහුණත ආර්ඩියුනෝ වලට ගොඩක්ම සමානයි. 




මේකත් Arduino වගේම Open Source මෘදුකාංගයක්. Processing වල නිල වෙබ් අඩවිය තමයි processing.org  මෙතනින් ඔයාලටත් නොමිලේම Processing මෘදුකාංගය Download කරගන්න පුලුවන්.




Processing කියන වචනයේ තේරුම "සකස් කිරීම" යි. මේ Processing වලින් කෙරෙන්නේත් ඒ වගේම දෙයක් තමයි. මේක වැඩිපුරම පාවිච්චි කරන්නේ ආර්ඩියුනෝ වගේ දෘඩාංග වලින් ලැබෙන දත්ත විශ්ලේෂණය කරන්නයි. ගොඩක් අය දැනටමත් C# වලින් Arduino සදහා පොඩි පොඩි වැඩසටහන් ලියනවා ඇති. එ් වගේ වැඩවලට මේ Processing පහසුවෙන්ම පාවිච්චි කරන්න පුලුවන්.


Communicate with Arduino

Arduino Examples අතර Communication කාණ්ඩයට අයිති Example කිහිපයකදිම මේ Processing භාවිතා වෙනවා.

මේ තියෙන්නේ ඒ වගේ උදාහරණයක්.

File > Examples > Communication > Physical Pixel

( වැඩි විස්තර :  http://www.arduino.cc/en/Tutorial/PhysicalPixel)

Arduino Code


const int ledPin = 13; // the pin that the LED is attached to
int incomingByte;      // a variable to read incoming serial data into

void setup() {
  // initialize serial communication:
  Serial.begin(9600);
  // initialize the LED pin as an output:
  pinMode(ledPin, OUTPUT);
}

void loop() {
  // see if there's incoming serial data:
  if (Serial.available() > 0) {
    // read the oldest byte in the serial buffer:
    incomingByte = Serial.read();
    // if it's a capital H (ASCII 72), turn on the LED:
    if (incomingByte == 'H') {
      digitalWrite(ledPin, HIGH);
    }
    // if it's an L (ASCII 76) turn off the LED:
    if (incomingByte == 'L') {
      digitalWrite(ledPin, LOW);
    }
  }
}




Processing Code


 import processing.serial.*;

 float boxX;
 float boxY;
 int boxSize = 20;
 boolean mouseOverBox = false;

 Serial port;

 void setup() {
 size(200, 200);
 boxX = width/2.0;
 boxY = height/2.0;
 rectMode(RADIUS);

 // List all the available serial ports in the output pane.
 // You will need to choose the port that the Arduino board is
 // connected to from this list. The first port in the list is
 // port #0 and the third port in the list is port #2.
 // if using Processing 2.1 or later, use Serial.printArray()
 println(Serial.list());

 // Open the port that the Arduino board is connected to (in this case #0)
 // Make sure to open the port at the same speed Arduino is using (9600bps)
 port = new Serial(this, Serial.list()[0], 9600);

 }

 void draw()
 {
 background(0);

 // Test if the cursor is over the box
 if (mouseX > boxX-boxSize && mouseX < boxX+boxSize &&
 mouseY > boxY-boxSize && mouseY < boxY+boxSize) {
 mouseOverBox = true;
 // draw a line around the box and change its color:
 stroke(255);
 fill(153);
 // send an 'H' to indicate mouse is over square:
 port.write('H');
 }
 else {
 // return the box to it's inactive state:
 stroke(153);
 fill(153);
 // send an 'L' to turn the LED off:
 port.write('L');
 mouseOverBox = false;
 }

 // Draw the box
 rect(boxX, boxY, boxSize, boxSize);
 }



Control Arduino from PC

Arduino Board එක USB Cable එක හරහා පරිගණකයට සම්බන්ධ කරලා පරිගණකයේ ඉදලා Processing වලින් Arduino Board එක කෙලින්ම මෙහෙයවන්නත් පුලුවන්.



Android App Developing

Processing අළුත්ම සංස්කරණයේ (Processing 3.2.1) Android app නිර්මාණය කිරීමේ පහසුකමත් ලබාදීලා තියෙනවා. Android SDK එක තියෙන ඕනම පරිගණකයකින් මේ Processing භාවිතා කරලා Android Apps හදන්න පුළුවන්. හැබැයි තාම මේ පහසුකම Beta අවස්ථාවෙයි තියෙන්නේ.




මේ ලිපියේ අරමුණ වුණේ Processing කියන්නේ මොකක්ද කියන එක ගැන කෙටි අදහසක් ලබාදීමයි. මෙතන සදහන් නොවුණ තව ගොඩක් දේවල් වලට Processing භාවිතයෙන් කරන්න පුළුවන්. Arduino වල වගේම Processing මෘදුකාංගයේත් File > Examples කොටසේ ගොඩක් උදාහරණ තියෙනවා. ඔයාලත් ඒවා කීපයක් උත්සාහ කරලා බලන්න.

 එහෙනම් මීළග ලිපියෙන් හමුවෙමු.










Arduino Robotics : ආරම්භය



මම මීට ටික කාලයකට කලින් පොරොන්දු වුණා Arduino Robotics ගැන මුල ඉදලා සරළව කියාදෙන ලිපි පෙලක් ඉදිරිපත් කරනවා කියලා.

Robotics/ රොබෝ තාක්ෂණය කියලා කියන්නේ ඉතා පුළුල් විෂයක් නිසා මේ ලිපි පෙල කොතනින් පටන් අරන් කොතනින් අවසන් කරන්නද කියලා හිතාගන්න අමාරුයි වුණා.

ඒ නිසා මම තීරණය කළා ලිපි මාලාව මේ විදිහට ඉදිරිපත් කරන්න. පහලින් තියෙන්නේ Robotics සම්බන්ධයෙන් මම හදාගත්ත විෂය නිර්දේශය. Robotics වලට අවශ්‍ය ගොඩක් දේවල් මාතෘකා කිහිපයක් යටතේ ගොනු කරලා තියෙනවා.

Motors
  • Motors ගැන හැදින්වීමක් 
  • DC Gear Head Motors 
  • Servo Motors 
  • Stepper Motors 
  • Brush less Motors 

Sensors
  • Sensors ගැන හැදින්වීමක් 
  • LDR සහ IR 
  • Ultrasonic Sensor 
  • Gyrascope Sensor 
  • IR Sharp Sensor 
  • Touch Sensor 

Power Supplies
  • Batteries 
  • Voltage Regulators 
  • රොබෝට බලසැපයුමක් හදමු 
  • Chargers 

Driver Circuits
  • මෝටරයක් දෙපැත්තටම කරකවමු 
  • H-Bridge 
  • L298 Motor Drive 
  • AF Motor Shield 
  • Stepper Motor Drive 
  • Brushless Motor Drive (ESC) 


Arduino Programming
  • Arduino Boards 
  • Digital Reading/Writing 
  • Analog Reading/Writing 
  • IF Structure 
  • Switch Case 
  • For Loop 
  • While Loop 
  • Functions 
  • Libraries 
  • Interrupts 

Accessories
  • Multi meter එක හදුනාගනිමු 
  • Screw Driver 
  • Hot Glue Gun 
  • Soldering Iron 
  • Connectors/ Sockets 
  • Hand Drill 

Robot Accessories
  • Wheels 
  • Caster Wheels 

PCB Designing
  • PCB නිර්මාණය 

Transmitters and Receivers
  • Bluetooth Module 
  • 2.4GHz Transceivers 
  • 433MHz Transmitter and receiver 

Robots
  • Bluetooth Car 
  • Wall Avoiding Robot 
  • Line Following Robot 
  • Pick and Place Robot 

Other

  • (අවශ්‍ය වුනොත් තවත් මාතෘකා එකතු කරන්නම්.)

 
මේවා අතරින් ප්‍රමුඛතාවයේ අනුපිළිවෙලට ලිපි පලකරන්නම්. ඒ අනුව Bluetooth Car එකක් හදන්න ඕන කරුණු තමයි මම මුලින් ම ඉදිරිපත් කරන්නේ. 

Robotics වලට පාවිච්චි කරන මෝටර් වර්ග ගැන තමයි පළවෙනි ලිපිය හදලා තියෙන්නේ. ඊළගට Motor controller ගැනයි Bluetooth module එක ගැනයි කථා කරමු. 

ගොඩක් වැඩ කටයුතු අතර තමයි මේ ලිපි පෙල හදන්න වෙලා තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණ ලිපි මාලාවම ඉදිරිපත් කරන්න ටික කාලයක් ගතවෙයි. ඒ නිසා දිගටම බ්ලොග් එකත් එක්ක රැදිලා ඉන්න. බ්ලොග් එක Bookmark කරලා තියාගන්න. ඒ වගේම අලුත් ලිපි පළවූ සැනින් දැනගන්න බ්ලොග් එකේ Facebook Fan Page එකටත් Like එකක් දාගෙනම යන්න.



මේ ලිපි පෙල ඉදිරිපත් කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයකින් තොරවයි. කාටහරි යමක් කියාදීලා ලබන සතුට විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලිපි මාලාව ගැන ඔබේ අදහස් උදහස් යෝජනා චෝදනා Comment මගින් ලබාදෙන්න. ලිපි හොදයි නම් Like එකකුත් දාගෙනම යන්න.

එහෙනම් ලගදිම පළවෙනි ලිපියෙන් හමුවෙන්නම්.


මේ ඉදිරිපත් කරන ලිපි සියල්ලේම හිමිකම් මා සතු බව සලකන්න. වාණිජ පරමාර්ථයෙන් තොරව උපුටාගැනීමක් කළාට කමක් නෑ. හැබැයි උපුටාගැනීම කලේ කාගෙන්ද, කොතනින් ද කියලා සදහන් කරන්න කාරුණික වෙන්න.

මේ ලිපි මාලාව සම්පූර්ණ කරන්න සහය‍ෝගයක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් Comment කරන්න.


Programming Home with Arduino and Android

By Mike Riley




Arduino Controlled Smart Home, Home automation system වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ප්‍රයෝජනවත් වේවි. (පිටු 229 යි)


පටුන

  • 1. Getting Started
  • 2. Requirements
  • 3. Water Level Notifier
  • 4. Electric Guard Dog
  • 5. Tweeting Bird Feeder
  • 6. Package Delivery Detector
  • 7. Web-Enabled Light Switch
  • 8. Curtain Automation
  • 9. Android Door Lock
  • 10. Giving Your Home a Voice
  • 11. Future Designs
  • 12. More Project Ideas
  • A1. Installing Arduino Libraries
  • A1.1 Apple OSX
  • A1.2 Linux
  • A1.3 Windows
  • A2. Bibliography



Download