Arduino Home site එකට ලිපියක් එකතු කරන්නේ කොහොමද ?




මේ ලිපියෙන් කියාදෙන්නේ Arduino Home වෙබ් අඩවියට ඔයාලා ලියපු ලිපියක් එකතු කරන්නේ කොහොමද කියලයි.

මේකට ඔයාලට මුලින්ම ceykod.com site එකේ ගිණුමක් ඕන වෙනවා. ගිණුමක් නිර්මාණය කරන්න ඕන නම් මේ ලින්ක් එකට ගිහින් ඉල්ලලා තියෙන විස්තර ටික පුරවලා එවන්න. 

ඔයාලා එවපු විස්තර වලට අනුව ඔයාල වෙනුවෙන් ගිණුමක් නිර්මාණය කලාම ඒ ගැන විස්තර තියෙන email පණිවිඩයක් ඔයාලට ලැබේවි.



ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් User Name එක විදිහට email address එකයි, Password එක විදිහට email එකේ සදහන් කරලා තියෙන password එකයි ඇතුලත් කරන්න.





දැන් ඔයාලට මේ වගේ පිටුවක් ලැබේවි. 




  • Contact Us කොටස පාවිච්චි කරලා ඔයාලට Site එක භාවිතයේදී ඇතිවෙන ගැටළු අපවෙත යොමුකරන්න පුළුවන්. 
  • Messages වලින් ඔයාලට අපි එවන පණිවිඩ බලාගන්න පුළුවන්. 
  • Settings කොටසෙන් ඔයාගේ විස්තර, Password එක වගේ දේවල් වෙනස් කරගන්නත් පුළුවන්.


Contents කියන කොටසින් තමයි ඔයාලගේ ලිපි/ වීඩියෝ වගේ දෙවල් Site එකට ඇතුලත් කරන්න තියෙන්නේ. 
ලිපියේ ඉදිරියේදී මේ ලිපි/වීඩියෝ වගේ Site එකට එකතු කරන්න පුළුවන් දේවල් අයිතම (Items) කියලා හදුන්වන්නම්.
Contents වලට ගියාම ඔයාලට මේ වගේ පිටුවක් ලැබෙනවා. මුලින්ම තියෙන්නේ Add New Content කියන Button එක. ඊළග⁣ට තියෙන්නේ ඔයාලා මේ වෙනකොට Site එකට එකතු කරලා තියෙන ලිපි ලැයිස්තුවයි. 







දැන් බලමු කොහොමද ලිපියක් ඇතුලත් කරන්නේ කියලා. Add New Content බොත්තම ක්ලික් කලාම මේ වගේ පිටුවක් ලැබෙනවා. 



Title : ඔයාලා එකතු කරන්න බලාපොරොත්තු වෙන අයිතමයේ නම මෙතන Type කරන්න. (සිංහල හෝ ඉංග්‍රිසි භාෂාවෙන්)

Link : මෙතනට ඔයාල එකතු කරන අයිතමයේ ලින්ක් එක දෙන්න. (උදා : YouTube Video එකක් නම් ඒ ලින්ක් එක මෙතනට Copy Paste කරන්න.)

Type : ඔයාල එකතු කරන අයිතමය අයිති කාණ්ඩය මෙතනින් තෝරලා දෙන්න.

Description : අයිතමය ගැන කෙටි හැදින්වීමක් මෙතනට දාන්න. සිංහලෙන් නම් ගොඩක් ම හොදයි.

Tags : මෙතනට ඔයාලගේ අයිතමය සම්බන්ධ Keywords තෝරලා දෙන්න. අයිතමයට අදාල / ගැලපෙන Keywords විතරක් දාන්න.




දැන් Submit කරන්න. දැන් ඔයාලා එකතු කරපු අයිතමය වෙබ් අඩවියට එකතු වෙලයි තියෙන්නේ. හැබැයි මේක Site එකේ පෙන්වන්න නම් Site Admin ගේ Approval එකක් ඕන වෙනවා. (මේකට හේතුව ලිපියේ අන්තිමට කියන්නම්)






ඔයාලා එකතු කරපු අයිතමය ඕනැම වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඒකට මේ වගේ ලිපිය ඉදිරියෙන් තියෙන Edit කියන බොත්තම පාවිච්චි කරන්න පුළුවන්.








Site එකේ ගුණාත්මක බව පවත්වාගන්න පොඩි පොඩි කරුණු කිහිපයක් අනුගමනය කරන්න වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් ඒවට එකග වෙයි කියලා.

1. Site එකට එකතු කරන්න පුළුවන් Arduino හෝ ඒ ආසන්න තාක්ෂණික තොරතුරු සම්බන්ධ ලිපි විතරයි.

2. හැම අයිතමයකම පුළුවන් තරම් නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න ඕන. (නැත්නම් වැරදි උපදෙස් තියෙන ලිපි වලින් පරිශීලකයින්ට ගොඩක් ගැටළු ඇතිවෙන්න පුළුවන්.)

3. Site එකට එකතු කරන ලින්ක් වලට adfly වගේ Ads Click URL පාවිච්චි කරන්න බෑ. (ඔයාලගේ අයිතමය ඇතුලේ වෙළද දැන්වීම් තිබුණට ගැටළුවක් නෑ.)

4. වාණිජ අරමුණු වලින් පලකරන ලිපි අනුමත කරන්නේ නෑ. ඒ වගේම තවත් කෙනෙක්ගේ ලිපියක් හෝ බුද්ධිමය දේපලක් කොපි කරලා තිබුනොත් ඒ ලිපි Site එකෙන් ඉවත් කරන්න සිදුවෙනවා.

5. අයිතම එකතු කරන්න පුළුවන් ඒ අයිතමයේ කතෘ හෝ අයිති කෙනාට විතරයි. 



මීට අමතරව Site එක ගැන ඔයාලගේ අදහස්/ යෝජනා/ චෝදනා වගේ ඕනම දෙයක් මේ Link එක හරහා එවන්න පුළුවන්.













No comments :

Post a Comment