Plotter එකක් හදමු - Basic


කීපදෙනෙක්ම Arduino වලින් Plotter එකක් හදන්නේ කොහෙමද කියලා අහල තිබුණා. ඒ නිසා මම මේ ලිපියෙන් Plotter එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්.




Plotter එකක වැදගත්ම සහ අමාරුම කොටස තමයි, Hardware කොටස. ඒ කියන්නේ භෞතිකව Plotter එක නිර්මාණය කරගැනීම. අපි Plotter එකේ hardware (දෘඩාංග) නිර්මාණය කරන ආකාරය අනුව තමයි Plotter එකේ ගුණාත්මක බව රදාපවතින්නේ.



Youtubeinstructables.com site එකේ search කලොත් Plotter එකකට සුදුසු Plans ගොඩක් හොයාගන්න පුළුවන්. ඒ වගේ සැලසුම් කිපයක් එකතු කරගත්තම, Plotter එක හදන්න ඕන විදිහ ඔයාලටම තීරණය කරගන්න පුළුවන් වෙයි. ආධුනිකයෙක් නම් මුලින්ම CD Rom පාව්ච්චි කරලා පොඩි Plotter එකක් හදන්න බලන්න. ඒක ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් වගේම වියදමත් අඩුයි. (ඉලෙක්ට්‍රොනික් බඩු හදන තැනකින් ඉල්ලුවොත් සමහර වෙලාවට පරණ CD Roms නිකන් වුණත් දෙනවා.)

eBooks


instructables.com වලින් මම Download කරගත්ත projects කීපයක්




Plotter සදහා පාවිච්චි කරන්නේ Stepper motors. ඒ නිසා මේ Stepper motors පාලනය කරන්න විශේෂ පරිපථයක් අවශ්‍ය වෙනවා. 


Stepper Motor Drivers: 



DRV8825


Easy Drive V4.4

Plotter එක වැඩකරවන්න Code එකක් ලියන්න ඕන. හැබැයි ඇත්තටම කියුවොත් අපි කිසිම Code එකක් ලියන්න මහන්සි වෙන්න ඕන නෑ. මොකද GRBL කියලා Library එකක් තියෙනවා. ඒක Arduino board එකට Upload කරන්න විතරයි තියෙන්නේ.




මේ ලින්ක් එකෙන් Arduino GRBL library එක download කරගන්න.


GRBL ගැන වැඩි විස්තර දැනගන්න

මේ තියෙන්නේ Arduino එකට EasyDrives සම්බන්ධ කරන ආකාරය Diagram එක. මෙතනින් අත්‍යවශ්‍ය වෙන්නේ x,y,z අක්ෂ 3ම Stepper motors වලට සම්බන්ධ EasyDriver board වල Step හා Direction කියන pins සම්බන්ධ කරගැනීමයි.









Limit x,y,z කියන ඒවා සම්බන්ධ කරන්න‍ේ Mechanical end stops කියන ස්ව්ච් වර්ගයටයි. මේවාගෙන් කෙරෙන්නේ plotter එකේ පෑන/spindle එක කෙලවරකට ආවාම auto stop කරන එක. මේ ස්විච අනිවාර්යයෙන්ම තිබියයුතු නෑ. ඒත් තියෙනවා නම් හොදයි.





ඉතිරි pins නම් Plotter එකට අවශ්‍ය වෙන්නේ නෑ.

දැන් Plotter එක නිවැරදිව සකස් කරගත්තට පස්සේ ඊළග පියවර තමයි පරිගණකයට සම්බන්ධ කරලා පරිගණකය මගින් Plotter එක පාලනය කිරීම. ඒකට පාවිච්චි කරන්න පුළුවන් Software ගොඩක් තියෙනවා. ඒ අතරින් මම පාවිච්චි කරන්නේ Universal Gcode Sender කියන Software එක. 




දැන් මේ Software එක පාවිච්චි කරලා Plotter එක ක්‍රියාත්මක කරන්න කලින්, GRBL වල Settings කීපයක් හදාගන්න ඕන. motor directions, speed, acceleration වගේ දේවල්.


දැන් Plotter එකේ වැඩ ඉවරයි. Plotter එකට අදින්න ඕන චිත්‍ර ලබාදෙන්න ඕන Gcode කියන ආකාරයටයි. මේකට වැඩිපුරම පාවිච්චි කරන්නේ Inkscape මෘදුකාංගයයි. මෘදුකාංගයට අමතරව gcodetool කියලා plugin එකකුත් යොදාගන්න වෙනවා.






මේ ලිපියේ අරමුණ වුනේ Plotter එකක් නිර්මාණය කරන්න අවශ්‍ය මූලික මගපෙන්වීම ලබාදීමයි. ඉදිරියේදී මීට වඩා විස්තරාත්මක ලිපි පෙලක් ඉදිරිපත් කරන්නම්. 

දිගටම බ්ලොග් එකත් එක්ක රැදිලා ඉන්න. ස්තූතියි.

1 comment :

  1. ඉතා වටිනා සාරවත් බ්ලොග් අඩවියක්. ඔබගේ මහන්සියට ගොඩක් තුති.

    ReplyDelete