Quadcopters එකලස් කිරීම - II



අද ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ Quad copter එකේ Flight Controller එක නිවැරදිව සම්බන්ධ කරගන්න ආකාරය විස්තර කරන්නයි.

මේ තියෙන්නේ මම පාවිච්චි කරපු CC3D Flight Controller එක ඉහලින් හා පහලින් පෙනෙන ආකාරය.




Board එකේ යට පැත්තෙන් තියෙන micro USB port එක මගින් තමයි FC එක පරිගණකයට සම්බන්ධ කරන්නේ. (පරිගණකයට සම්බන්ධ කරලා Quad copter එක setup කරගන්න ආකාරය ඉදිරි ලිපියකින් කියාදෙන්නම්.)

Board එකත් එක්ක USB cable එක ලැබුණ‍ේ නැත්නම්, ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින්, micro USB cable එකක් ගන්න වෙනවා. ගන්නකොට 1m හෝ ඊට වැඩි දිග cable එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.




Output port

අපි කලින් ලෑස්ති කරගත්ත ESC 4 සම්බන්ධ කරන්න තියෙන්නේ මේ port එකට තමයි. ඊට අමතරව ESC වල BEC පහසුකම තියෙනවා නම්, FC එකට අවශ්‍ය විදුලි බලය ලබාගන්න‍ේත් මේ port එක හරහායි.


Receiver port

Transmiter එකත් එක්ක තියෙන Receiver එක සම්බන්ධ වෙන්නේ මේ port එක හරහායි.


Main port/ Flexi port

Quad copter එකට GPS, Telemetry වගේ වෙනත් උපාංග සම්බන්ධ කරන්න තමයි මේ ports 2 භාවිතා වෙන්නේ.



මේ වෙද්දී මොටර් 4යි ESC එකයි, Power Distribution Board එකයි Frame එකට සම්බන්ධ කරගෙන තියෙන්න ඕන. ඒවා සම්බන්ධ කරන ආකාරය, Frame එකෙන් එකට වෙනස් නිසා ඔයාලා ලග තියෙන frame එකට අදාල ක්‍රමය, YouTube වීඩියෝවක් බලලා හොයාගන්න වෙනවා. (මට වෙලාවක් ලැබුණොත්, Alien500 frame එකට වීඩියෝ tutorial එකක් දෙන්න බලන්නම්.)

FC එක Frame එකට සම්බන්ධ කරන දිශාව ග‍ොඩක් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම CC3D Board එක, Frame එකට සම්බන්ධ වෙන්න ඕන පහළ රූපයේ තියෙන විදිහටයි. උඩ යට මාරු වුණ‍ොත් හරි, ඉදිරිපස පිටුපස මාරු වුණ‍ොත් හරි Quad copter එක නිවැරදිව ක්‍රියා ‍නොකරන්න ඉඩ තියෙනවා.




ඊළඟ වැදගත්ම කාරණය තමයි FC එක, frame එකට සම්බන්ධ කිරීමේදී රබර් බුෂ් හෝ වෙනත් කම්පන අවශෝෂක උපක්‍රමයක් භාවිතා කරන්න සිදුවෙනවා. ඒ Quad copter එක ගුවන්ගත වීමේදී ඇතිවන දෙදරීම් හා කම්පන වලින් FC එකට සිදුවිය හැකි බලපෑම අවම කරන්නයි.

දැන් ESC වලින් එන 3 pin cables සම්බන්ධ කරන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින්, cable එක පෑනක් හෝ පැන්සලක් වටේ ඔතලා මේ රූපසටහනේ විදිහට හදාගත්තා නම් වැඩේ ගොඩක් පහසු වෙනවා.




දැන් මේ රූපසටහනේ විදිහට, පළවෙනි මෝටරය‍ේ ESC එක, පළවෙනි pin එකට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කිරීමේදී, + - මාරු නොවෙන්න පරිස්සම් වෙන්න. වැරදියට සම්බන්ධ කරලා තිබුණ‍ොත් බ‍ෝර්ඩ් එකට හානි වෙන්න ඉඩතියෙනවා.





මේ විදිහට ESC 4ම FC එකට සම්බන්ධ කරගන්න. දැන් ආයෙත් සැරයක් හොදින් පරීක්ෂා කරලා බලන්න සියල්ල නිවැරදිවද සම්බන්ධ කරලා ද තියෙන්නේ කියලා.




ඊළගට තියෙන්නේ Receiver එක සම්බන්ධ කරගන්නයි. මම පාවිච්චි කළේ Fly sky FS-CT6 B transmitter එකක්. ඒක‍ේ Receiver එක තමයි මේ තියෙන්නේ.




FC එකත් එක්ක වයර් set 3ක් හම්බ වෙනවා. ඒවා අතරින් ලොකුම set එක තමයි මේ සදහා පාවිච්චි කරන්නේ. (අනිත් set 2 තිය‍ෙන්නේ Flexi port, Main port වලට. ඒ නිසා ඒ Set 2 දැන්ම ඕන වෙන්නේ නෑ)




දැන් වයර් set එකේ කනෙක්ටර් එක, FC එකට සම්බන්ධ කරගන්න. අනිත් පැත්තේ වයර් ටික මේ රූප සටහනේ විදිහට Receiver එකට සම්බන්ධ කරගන්න. රතු වයර් එක + වලටත්, කළු වයර් එක - වලටත් සම්බන්ධ කරන්න. (Receiver එකට විදුලිය ලැබෙන්නේ මේ වයර් 2 න් තමයි.) අනිත් වයර් ටික, Receiver එකේ 1 ඉදලා 6 වෙනකම් Channel වල signal කියන pin එකටයි සම්බන්ධ කරන්න ඕන. මේ pin ගැන විස්තරයක් receiver එකේ පොඩිවට Print කරලා ඇති.





රතු, කළු වයර් 2 ඇරුණම අනිත් වයර් වල පාට ගැන හිතන්න ඕන නෑ.ඒවා කනෙක්ටරයේ තියෙන පිළිවෙලට ch1 වල ඉදලා ch6 වෙනකම් පිළිවෙලින් සම්බන්ධ කරගත්තානම් ඇති.


ඉතිරි කොටස මීළඟ ලිපියෙන් කියාදෙන්නම්. 







No comments :

Post a Comment