Windows 10 වලට Update කරපු ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Windows Photos App එක Load වෙන්න ගොඩක් වෙලා යන එක. එහෙම නැත්නම් Slow ගතිය. Windows 7 කාලේ තිබුණ Windows Photo Viewer එක ආයෙත් ගන්නේ කොහොමද කියන එකයි අද Post එකෙන් කථා කරන්නේ.
මුලින් ම කියන්න තියෙන්නේ මේ Windows Photo Viewer එක Windows 10 වල තියෙනවා. හැබැයි හංගලා තියෙන්නේ. මේ පියවර කීපය අනුගමනය කරලා ලේසියෙන් ම ඒක ආපසු Active කරගන්න පුළුවන්.
Step 1: Download the Script
මේකට Windows Registry එක Edit කරන්න ඕන. හැබැයි මේ පහල තියෙන PhotoViewer.reg කියන File එක Download කරලා Run කලාම Edit කරන්න ඕන Registries ටික Auto Update වෙනවා.
Download |
Step 2: Run Script
දැන් මේ Script එක ක්ලික් කරලා Run කරන්න. Edit Permission ඉල්ලුවොත් Permission දෙන්න.
Step 3: Goto Windows Settings
දැන් Windows Settings වලට ගිහින් රූපසටහේ තියෙන විදිහට Apps අයිකනය ෝරන්න.
Step 4: Select Default Apps Tab
දැන් Default apps කියන Tab එක ක්ලික් කරලා එතනින් Photos තෝරන්න.
Step 5: Select Windows Photo Viewer
දැන් පෙන්නන ලැයිස්තුවෙන් Windows Photo Viewer තෝරන්න.
No comments :
Post a Comment