Quadcopters (part 1) : Introduction



Quad copters ගැන කෙටියෙන් ම සදහන් කළොත්, මෑත කාලීනව ඉතාමත් ප්රසිද්ධ වුණ ක්රීඩා භාණ්ඩයක්. සාමාන්‍ය Toy Quad copter එකක් 25$ සිට ඉහල මිලගණන් වලට අන්තර්ජාලය හරහා මිලදීගන්න පුළුවන්.


ක්රීඩා භාණ්ඩයක් විදිහට භාවිතයට අමතරව, අද කාලයේ බොහෝ දේවලට Quad copters භාවිතා කරනවා.

විශේෂයෙන්ම ඡායාරූපකරණය හා වීඩිය‍ෝකරණය සම්බන්ධයෙන් Quad copters වලට ඉහළ ඉල්ලුමක් පවතිනවා. දැන් බ‍ොහෝමයක් මාධ්‍ය ආයතන මේවා භාවිතා කරනවා.



මීට අමතරව විදෙස් හමුදා බොහෝමයක් හමුදාමය කටයුතු සදහා Quad copters භාවිත කරනවා.


FedX වග‍ේ භාණ්ඩ බෙදාහරින ආයතන, භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සදහා Quad copters භාවිතය දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ.


මේ වගේ බ‍ොහෝ කටයුතු සදහා Quad copters ය‍ොදාගැනෙවා. සාමාන්‍යයෙන් වෙළදප‍ොල‍ේ තියෙන ජනප්රිය Quad copters කිහිපයක් මෙන්න.

DJI-Phantom

Hubsan-H107D-FPV-X4
Syma x5c
මේ ගොඩක් Quad copters ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, දෝෂ අවම, නිවරද්‍යතාවයෙන් ඉහල නිශ්පාදන. ඒත් මේවායේ ගැටළු කිහිපයක් තියෙනවා.


  • නවීකරණය අපහසුයි.
  • ගුවන් කාලය අවමයි. (වැඩි ගුවන් කාලයක්, Flying time තියෙන ඒවා ඉතා මිල අධිකයි.)
  • ක්රියාකාරී පරාසය අඩුයි. (සමහර විට ආරක්ෂක හේතූන් මත තමයි මේ working distance එක අඩුවට නිශ්පාදනය කරන්නේ.)
  • වෙනත් කාර්යයන් සදහා භාවිත කළ නොහැකියි. (Toy quadcopter එකක්, කැමරාකරණයට පාවිච්චි කරන්න බෑ.)
  • එසවුම් භාරය අඩුයි.




මේ ගැටළු සියල්ලටම විසදුම තමයි Custom Quad copter එකක් නිර්මාණය කරන එක. අනිත් කාරණය තමයි, තනිවම Quadcopter එකක් නිර්මාණය කරලා ලබාගන්න සතුට හා අද්දැකීම Ready made එකකින් ගන්න බැරි එක.


කොහෙම නමුත් මුලින්ම කියන්න වෙන්නේ, Quad copter නිර්මාණය තරමක් මිල අධික කටයුත්තක්. ඒ වගේම හොද ඉවසීමක් සහ සංයමයක් අවශ්‍ය වෙනවා. ඒත් පළවෙනි Quad copter එක හැදුවට පස්සේ, අළුත් එකක් හදන්න යන වියදම, පළවෙනි එකට වඩා අඩුයි.




Quad copter  එකක් හදන්න අවශ්‍ය වෙන වැදගත් ම කොටස් ටික තමයි මේ තියෙන්නේ.

  1. Flight controller
  2. 4 x Brushless motors
  3. 4 x ESC
  4. 4 x Propellers
  5. Transmiter & receiver
  6. Lipo battery & Charger
  7. Body/Frame


Quad copter එකක් නිර්මාණයට අවශ්‍ය වෙන මූලික කොටස් හා උපකරණ ගැන විස්තර  මීලග ලිපි  වලින් විස්තර කරන්නම්.





2 comments :