Quadcopters (part 2) : Flight Controller




Quadcopter එකක මොලය තමයි, Filght controller එක කියන්නේ. මේක කෙටියෙන් හදුන්වන්නේ FC කියලා. මම ඉදිරියට භාවිත කරන්නේ මේ FC කියන කෙටි යෙදුම.


අපි දුරස්ථ පාලකයකින් දෙන උපදෙස් ලබාගෙන Quadcopter එකේ මෝටර් 4 වේගයන් පාලනය කිරීම තමයි මේ උපකරණයේ ප්රධානම කාර්යභාරය වෙන්නේ. මේ සදහා gyroscope, accelerometer වගේ සංවේදක කිහිපයක් ම භාවිත වෙනවා. FC එකක ක්රියාකාරීත්වය සහ Quadcopter එකක් ගුවන්ගත කිරීම සම්බන්ධ භෞතික විද්‍යාත්මක මූලධර්ම පිලිබද ඉදිරි ලිපි වලින් විස්තරාත්මකව පැහැදිලි කරන්නම්.


FC ලෙස භාවිත කළහැකි මාදිලි ගණනාවක්, 10$ සිට 100-200$ දක්වා විවිධ මිල ගණන් වලට ගන්න තියෙනවා. ඒ අතරින් අපේ අවශ්‍යතාවට ගැලපෙන FC එක ත‍ෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් ම තියෙනවා.  මේ වගුව හොදින් අධ්‍යනය කළොත්, දැනට වෙළදපොලේ තියෙන ජනප්රිය FC පිලිබද දළ අවබෝධයක් ලබාගන්න පුළුවන්.








මේවා අතරින් මම තෝරාගත්තේ Open pilot CC3D කියන FC එක. මේක open source වර්ගයේ උපකරණයක්. ආධුනිකයෙක්ට වුණත්  Libra pilot GCS කියන මෘදුකාංගය මගින් ඉතා පහසුවෙන් මේ බෝඩ් එක setup කරගන්න පුළුවන්.



(Open pilot ව්‍යාපෘතිය දැන් හදුන්වන්නේ Libra Pilot නමිනුයි. එනම් open pilot වල සියළුම යාවත්කාලීන කිරීම් සිදුවන්නේ Libra pilot නමිනුයි.)





පළමු ලිපිය : හැදින්වීම


No comments :

Post a Comment