ආර්ඩියුනෝ ප්‍රෝග්‍රෑමර් එකක් හදාගනිමු


හදාගත්ත ආර්ඩියුනෝ බෝඩ් එකක් පාවිච්චි කරන්න කලින් ඒකට bootloader එකක් upload කරන්න ඕන. (සමහර වෙලාවට IC එක ගන්නකොටම bootloader එකක් දාලයි තියෙන්නේ. IC එක හයිකරලා 5v power supply එක දුන්නම බෝඩ් එකේ LED එකක් නිවි නිවී දැල්වෙනවා නම් bootloader එක තියෙන බව හඳුනාගන්න පුළුවන්.)


Bootloader එක burn කරන්න (තාක්ෂණිකව ඒක හදුන්වන්නේ එහෙමයි) පුළුවන් සරළම විදිහ තමයි Parallel Port Programmer එකක් භාවිතා කරන එක. මේ ප්‍රෝග්‍රෑමර්එක හදාගන්න ඕන වෙන්නේ ප්‍රතිරෝධක (Resisters) 3ක් විතරයි.


අවශ්‍ය දේවල්

උපකරණ :
  • බවුත් එකක් (Soldering iron)
  • Hot glue gun (තියෙනවා නම් විතරයි. අත්‍යාවශ්‍ය නෑ)
උපාංග:
  • 470 Ω  රෙසිස්ටර්  - 2 (කහ,දම්,දුඹුරු)
  • 220 Ω  රෙසිස්ටර්  - 1 (රතු,රතු,දුඹුරු)
  • පැරලල් පෝට් එකක් (Prallel port) 
  • Female header එකක්.
  • අවශ්‍ය තරම් දිග වයර් කෑලි 5 ක්.


    උපදෙස්


    470Ω රෙසිස්ටර් පැරලල් පෝට් එකේ  1 හා 2 පින් වලට පාස්සන්න.



    220Ω රෙසිස්ටර් එක පැරලල් පෝට් එකේ  11 වන පින් එකට පාස්සන්න.

    දැන් පාස්සපු රෙසිස්ටර් තුනේ ඉඳලා අවශ්‍ය තරම් දිගට වයර් 3 ක් පාස්සගන්න. මම නම් 30 cm විතර දිග වයර් තමයි පාවිච්චි කළේ. ගොඩාක් දිග වැඩි වුණොත් යන සංඥා දුර්වල වෙන්න පුළුවන්. ඒක හින්දා පුළුවන් තරම් කෙටි වෙන්න මේ වයර් පාස්සාගන්න.



    16, 18 පින් වලට කෙළින්ම වයර් පාස්සාගන්න.

    Female header එකක් ඇරන් පින් 3 කොටස් 2 ක් කපාගන්න. ඊළඟට රූපසටහනේ පෙන්නලා තියෙන විදිහට ඒවට අදාළ වයර් පාස්සගන්න.

    අන්තිමට පොඩ්ඩක් මහන්සි වුණොත් හොඳ නිමාවක් තියෙන, කඩෙන් ගත්තා වගේ පේන ප්‍රෝග්‍රෑමර් එකක් හදාගන්න පුළුවන්.




    පෝට් එකේ ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එක පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
    giveio (from MIT's Microcomputer Project Laboratory)

    දැන් හදාගත්ත ප්‍රෝග්‍රෑමර් එකේ  හෙඩර් එක බෝඩ් එකේ අදාළ තැනට හයිකරලා බෝඩ් එකට විදුලිය සපයන්න.

    ATMege 8 එකට අදාළ bootloader එක burn කරන්න පහත රූපසටහන් මගින් දැක්වෙන පියවර අනුගමනය කරන්න.






    මෙතන COM පෝර්ට් අතරින් පැරරල් පොට් එක හරියට තෝරන්න ඕන. ඒක පරිගණකයෙන් පරිගණකයට වෙනස්වෙන නිසා හරි පෝර්ට් එක තෝරගන්න එක ඔයාලගේ වැඩක්. (සාමාන්‍යයෙන් පැරරල් පෝට් එක වෙන්නේ ලැයිස්තුවේ අන්තිම පෝර්ට් එකයි)



    දැන් තියෙන්නේ bootloader එක burn කරන්නයි. මේකට සාමාන්‍යයෙන් විනාඩියක් විතර ගතවෙනවා. සියල්ල හරි නම් දැන් ඔගොල්ලො හදාගත්ත බෝඩ් එකේ  LED එක නිවි නිවී පත්තුවෙන්න ඕන. මොකක් හරි error එකක් පෙන්නනවා නම් ආයෙත් මුල ඉඳලා පරීක්ෂා කරලා බලන්න.



    මෙම ලිපිය http://arduino.cc/en/Hacking/ParallelProgrammer හී අඩංගු ලිපිය ඇසුරින් සිංහලට පරිවර්තනය කළ ලිපියක් බව සලකන්න.

    Read Original Article : Parallel Port Programmer

    No comments :

    Post a Comment