Quadcopters (part 6) : Transmitter & Receiver



Quad copter එකකට අවශ්‍ය කොටස් වලින් මිල අධිකම උපාංගය තමයි Transmitter එක. මෙමගින් තමයි Quad copter එක දුරස්ථව ඉදලා පාලනය කරන්නේ. Transmitter එකක් තෝරාගැනීමේදී වැදගත්ම කාරණය තමයි Transmitter එකේ Channel කීයක් තියෙනවද කියන කාරණය. Channel එකක් කියන්නේ එක නාලිකාවක්. ගුවන් විදුලි නාලිකා වලට සමානයි. මේ එක නාලිකාවකින් එක විචල්‍යයක් වෙනස් කරන්න පුළුවන්.


Quad copter එකකට අවම වශයෙන් Channel 4ක් වත් තියෙන Transmitter එකක් ඕන වෙනවා. එකක් මෝටර් වල වේගය අඩු වැඩි කරන්න. අනික් 3 ඕන වෙන්නේ x,y,z අක්ෂ 3 ඔස්සේ Quad copter එක ගමන් කරවන්නයි.


ඒත් Transmitter එකක් මිලදී ගන්නකොට Channel 6ක් හෝ ඊට වැඩි ගණනක එකක් ගන්න උත්සාහ කරන්න. ඉතිරි Channel ඉදිරියේදී කරන වැඩිදියුණුකිරීම් වලදී පාවිච්චි කරන්න පුළුවන්.

ගොඩක් Transmitters පරිගණකයකට සම්බන්ධ කරලා Program කරන්න පුළුවන්. ඒ ඒ Channel වල අගය පරාසයන් වෙනස් කිරීම වගේ දේවල්. තවත් සමහර Transmitter පරිගණකයකට සම්බන්ධ කරන්නේ නැතිවම Program කරගන්න පුළුවන්. ඒ සදහා එ්වායේ කුඩා LCD තිරයක් භාවිත වෙනවා.




Transmitter එකත් සමග බොහෝවිට ඊට ගැලපෙන Receiver එකකුත් ලැබෙනවා. මේ Receiver එක Quad copter එකේ Flight controller එකට සම්බන්ධ කළ යුතුයි. ඒ සම්බන්ධ තොරතුරු ඉදිරි ලිපියකින් ගෙනඑන්නම්.









No comments :

Post a Comment