CNC Technology 02 - How to CAM




CNC පාවිච්චි කරලා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම අද ලිපියෙන් කථා කරන්නේ CNC එකක් පාවිච්චි කරලා නිර්මාණයක් කරද්දී අවශ්‍ය වෙන දේවල් සහ අනුගමනය කරන්න ඕන පියවර මොනාද කියලයි.





මුල්ම පියවර විදිහට අපේ නිර්මාණය පරිගණකයෙන් නිර්මාණය කරගන්න ඕන. මේ ක්‍රියාවලිය CAD (Computer Aided Drafting) කියලා තමයි හදුන්වන්නේ.  Read More


සාමාන්‍යය 2D Drawing (Plot) එකක් නිර්මාණය කරගන්න නම් Inkscape, Adobe Illustrator වගේ ග්‍රැෆික් ඩිසයිනින් මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්.






හැබැයි මීට වඩා සංකීර්ණ, ත්‍රිමාණ නිර්මාණ කරන්න නම් වෙනම මෘදුකාංග පාවිච්චි කරන්න සිදුවෙනවා.

AutoCAD, SolidWorks වගේ CAD මෘදුකාංග වලින් ඉතා පහසුවෙන්ම ත්‍රිමාණ වස්තු (3D Objects) නිර්මාණය කරගන්න පුළුවන්.






මේ නිර්මාණය කරගත්තු Objects අපිට පෙනෙන්න තිබුණට ඒවා ගැන CNC machine එකට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි⁣ට සිද්ධවෙනවා මේ Objects, මැෂින් එකට තේරෙන භාෂාවකට පරිවර්තනය කරගන්න. CNC එකට තේරෙන භාෂාව Machine Code කියලයි හදුන්වන්නේ. NC code (Numerical Control) කියලත් කියනවා. හැබැයි මේ භාෂාව G-Code නමින් තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. Read More

G-Code ගැන ඉදිරියේදී වෙනම ලිපියකින් කථා කරමු.

දැන් මේ හදාගත්තු Object එක G-Code වලට හරවන්න කලින් ත්‍රිමාණ වස්තුවක් විදිහට export කරගන්න ඕන.

ඊළග පියවරේදී මේ Export කරපු file එක CAM (Computer Aided Manufacturing) Software එකකින් Open කරගෙන Machine Code එකක් කරගන්න ඕන.

Autodesk Fusion 360, ArtCAM වගේ Software මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ Fusion 360. මේක අවුරුදු 3 ක් යනකම් Student License එක යටතේ නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.






මේ මෘදුකාංගය මගින් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන Cutting tool එකට ගැලපෙන Tool path එකක් හදන්න ඕන. ඒ ගැන වැඩි විස්තර ඕනෙ නම් මේ YouTube Playlist එක බලන්න.








අපි හදාගත්තු G-Code file එක CNC machine එකට යවන්න වෙනම මෘදුකාංගයක් ඕන වෙනවා. මේ තියෙන්නේ ඒ සදහා පාවිච්චි කරන්න පුළුවන් Software කිහිපයක් :




මේ Software පාවිච්චි කරන විදිහ ගැන ඊළග ලිපියෙන් කථා කරමු.





Uses of CNC : CNC Plotting

CNC Machine එකකින් මොන වගේ වැඩද කරන්න පුළුවන් ?




වීඩියෝවේ තියෙන්නේ Lab Report එකක CoverPage එක පහසුවෙන් හා ඉක්මනින් ඇදගන්නේ කොහොමද කියලයි. (University එකේදී මේ වගේ Cover Page අතින් ඇදපු අය තමයි මේකේ වටිනාකම දන්නේ. :-) )

තව වැඩ ඉදිරියේදී පෙන්වන්නම්. වීඩියෝ එක බලන ගමන් YouTube Channel එකට Subscribe කරන්නත් අමතක කරන්න එපා.

CNC Technology 01 - Introduction to CNC



CNC එකක් හදන එක දැන් ගොඩක් දෙනෙක්ගේ ආසාවක්. ඒ නිසා පොඩ්ඩක් මේ CNC ගැන කථා කරන තමයි මේ ලිපිය ලියුවේ.

CNC කියන අකුරු තුනෙන් කියවෙන්නේ Computer Numerical Control කියන එක. තේරෙන භාෂාවෙන් කිව්වොත් පරිගණක මගින් සංඛ්‍යාත්මක උපක්‍රම පාවිච්චි කරලා චලනය පාලනය කරන ක්‍රමවේදය.

CNC මැෂින් වර්ග ගොඩක් තියෙනවා. ඒවා ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්.

1. Milling Machines
2. Turning Machines

Milling machines කියන්නේ වැඩ කොටස (Work piece) එක තැනකට හයි කරලා Cutting tool එකකින් කැපීම සිදුකරන මැෂින් වලටයි. මේ රූ⁣පවල තියෙන්නේ ඒවගේ මැෂින් කීපයක්.

Router/ Engraver/ Plotter මැෂින් අයිති වෙන්නේ මේ කාණ්ඩයටයි.




CNC Router

CNC Plotter


Turning Machine වලදී Cutting tool එක හයිවෙලා තියෙනවා. වැඩ කොටස තමයි චලනය වෙන්නේ. ලියවන පට්ටලය (Lathe Machine) අයිති වෙන්නේ මේ කාණ්ඩයටයි.




මේ කාණ්ඩ දෙකටම අමතරව 3D Printer එකත් එක්තරා CNC Machine එකක්. 3D Printer එකකදී වෙන්නේ අමුද්‍රව්‍යය කොටසින් කොටස තැන්පත් කරලා අවසන් නිර්මාණය ගොඩනගන එක. (FDM)



CNC Machines වැඩිපුරම පාවිච්චි වුනේ කර්මාන්ත අංශයේ වැඩවලට. හැබැයි මෑතක ඉදලා පුද්ගලික භාවිතය සදහා CNC භාවිතය ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා. DIY (Do It Yourself) ව්‍යාපෘති සදහා CNC Machine ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

ප්‍රයෝජන ගැන දැනගන්න මේ වීඩියෝ බලල ඉන්න.






CNC Machine එකක වටිනාකම තීරණය වෙන්නේ Machine එකේ Bed Size එක අනුවයි. 

>> 12"x18" ප්‍රමාණයේ CNC එකක් $300 ක් (~රු.45,000) ක් විතර වෙනවා.

>> 24"x36" ප්‍රමාණයේ CNC, $700 ඉදලා වැඩි ගණන් වලට තමයි අලෙවි වෙන්නේ.

හැබැයි ටිකක් මහන්සි වුනොත් මීට වඩා ගොඩක් අඩු වියදමකින් හොද CNC එකක් හදාගන්න පුළුවන්.


මේ ලින්ක් වල තියෙන්නේ ඒ වගේ Home Made CNC projects කිහිපයක්. 













වෙලාව ලැබෙන විදිහට CNC එකක් හදන විදිහ පියවරෙන් පියවර ලිපි පෙලක් ඉදිරිපත් කරන්නම්




Arduino Home site එකට ලිපියක් එකතු කරන්නේ කොහොමද ?




මේ ලිපියෙන් කියාදෙන්නේ Arduino Home වෙබ් අඩවියට ඔයාලා ලියපු ලිපියක් එකතු කරන්නේ කොහොමද කියලයි.

මේකට ඔයාලට මුලින්ම ceykod.com site එකේ ගිණුමක් ඕන වෙනවා. ගිණුමක් නිර්මාණය කරන්න ඕන නම් මේ ලින්ක් එකට ගිහින් ඉල්ලලා තියෙන විස්තර ටික පුරවලා එවන්න. 

ඔයාලා එවපු විස්තර වලට අනුව ඔයාල වෙනුවෙන් ගිණුමක් නිර්මාණය කලාම ඒ ගැන විස්තර තියෙන email පණිවිඩයක් ඔයාලට ලැබේවි.



ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් User Name එක විදිහට email address එකයි, Password එක විදිහට email එකේ සදහන් කරලා තියෙන password එකයි ඇතුලත් කරන්න.





දැන් ඔයාලට මේ වගේ පිටුවක් ලැබේවි. 




  • Contact Us කොටස පාවිච්චි කරලා ඔයාලට Site එක භාවිතයේදී ඇතිවෙන ගැටළු අපවෙත යොමුකරන්න පුළුවන්. 
  • Messages වලින් ඔයාලට අපි එවන පණිවිඩ බලාගන්න පුළුවන්. 
  • Settings කොටසෙන් ඔයාගේ විස්තර, Password එක වගේ දේවල් වෙනස් කරගන්නත් පුළුවන්.


Contents කියන කොටසින් තමයි ඔයාලගේ ලිපි/ වීඩියෝ වගේ දෙවල් Site එකට ඇතුලත් කරන්න තියෙන්නේ. 
ලිපියේ ඉදිරියේදී මේ ලිපි/වීඩියෝ වගේ Site එකට එකතු කරන්න පුළුවන් දේවල් අයිතම (Items) කියලා හදුන්වන්නම්.
Contents වලට ගියාම ඔයාලට මේ වගේ පිටුවක් ලැබෙනවා. මුලින්ම තියෙන්නේ Add New Content කියන Button එක. ඊළග⁣ට තියෙන්නේ ඔයාලා මේ වෙනකොට Site එකට එකතු කරලා තියෙන ලිපි ලැයිස්තුවයි. 







දැන් බලමු කොහොමද ලිපියක් ඇතුලත් කරන්නේ කියලා. Add New Content බොත්තම ක්ලික් කලාම මේ වගේ පිටුවක් ලැබෙනවා. 



Title : ඔයාලා එකතු කරන්න බලාපොරොත්තු වෙන අයිතමයේ නම මෙතන Type කරන්න. (සිංහල හෝ ඉංග්‍රිසි භාෂාවෙන්)

Link : මෙතනට ඔයාල එකතු කරන අයිතමයේ ලින්ක් එක දෙන්න. (උදා : YouTube Video එකක් නම් ඒ ලින්ක් එක මෙතනට Copy Paste කරන්න.)

Type : ඔයාල එකතු කරන අයිතමය අයිති කාණ්ඩය මෙතනින් තෝරලා දෙන්න.

Description : අයිතමය ගැන කෙටි හැදින්වීමක් මෙතනට දාන්න. සිංහලෙන් නම් ගොඩක් ම හොදයි.

Tags : මෙතනට ඔයාලගේ අයිතමය සම්බන්ධ Keywords තෝරලා දෙන්න. අයිතමයට අදාල / ගැලපෙන Keywords විතරක් දාන්න.




දැන් Submit කරන්න. දැන් ඔයාලා එකතු කරපු අයිතමය වෙබ් අඩවියට එකතු වෙලයි තියෙන්නේ. හැබැයි මේක Site එකේ පෙන්වන්න නම් Site Admin ගේ Approval එකක් ඕන වෙනවා. (මේකට හේතුව ලිපියේ අන්තිමට කියන්නම්)






ඔයාලා එකතු කරපු අයිතමය ඕනැම වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඒකට මේ වගේ ලිපිය ඉදිරියෙන් තියෙන Edit කියන බොත්තම පාවිච්චි කරන්න පුළුවන්.








Site එකේ ගුණාත්මක බව පවත්වාගන්න පොඩි පොඩි කරුණු කිහිපයක් අනුගමනය කරන්න වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් ඒවට එකග වෙයි කියලා.

1. Site එකට එකතු කරන්න පුළුවන් Arduino හෝ ඒ ආසන්න තාක්ෂණික තොරතුරු සම්බන්ධ ලිපි විතරයි.

2. හැම අයිතමයකම පුළුවන් තරම් නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න ඕන. (නැත්නම් වැරදි උපදෙස් තියෙන ලිපි වලින් පරිශීලකයින්ට ගොඩක් ගැටළු ඇතිවෙන්න පුළුවන්.)

3. Site එකට එකතු කරන ලින්ක් වලට adfly වගේ Ads Click URL පාවිච්චි කරන්න බෑ. (ඔයාලගේ අයිතමය ඇතුලේ වෙළද දැන්වීම් තිබුණට ගැටළුවක් නෑ.)

4. වාණිජ අරමුණු වලින් පලකරන ලිපි අනුමත කරන්නේ නෑ. ඒ වගේම තවත් කෙනෙක්ගේ ලිපියක් හෝ බුද්ධිමය දේපලක් කොපි කරලා තිබුනොත් ඒ ලිපි Site එකෙන් ඉවත් කරන්න සිදුවෙනවා.

5. අයිතම එකතු කරන්න පුළුවන් ඒ අයිතමයේ කතෘ හෝ අයිති කෙනාට විතරයි. 



මීට අමතරව Site එක ගැන ඔයාලගේ අදහස්/ යෝජනා/ චෝදනා වගේ ඕනම දෙයක් මේ Link එක හරහා එවන්න පුළුවන්.













ARDUINO HOME



ආර්ඩියුනෝ ගැන ඉගෙනගන්න කැමති, ආසාවක් තියෙන හැම දෙනාටම ඉතා වැදගත් දෙයක් තමයි මම අද කියන්න යන්නේ. මෑතක ඉදලා ලංකාව පුරා ආර්ඩියුනෝ තාක්ෂණය ඉතා වේගයෙන් ප්‍රචලිත වෙනවා. ඒ වගේම අපේ ගොඩක් දෙනෙක් තමන් ඉගෙනගත්ත දේවල් තවත් අයට කියා⁣දෙන්න කැමතියි. ඒ නිසා ම වෙනත් කිසිදේකට නැති තරම් සිංහලෙන් ආර්ඩියුනෝ ගැන ලිපි, YouTube Video අන්තර්ජාලය පුරා තියෙනවා. 

හැබැයි මෙතන තියෙන ලොකු ගැටළුවක් තමයි මේ කියන ලිපි, වීඩියෝ ලේසියකට හොයාගන්න අමාරුකම. මූලිකම ⁣හේතුව Google Ranking වල ඉහලට එන්න ගොඩක් කල් ගතවීම. අනිත් කාරණය තමයි සිංහලෙන් තියෙන නිසා technical terms / keywords වලින් ඉහලට එන්න අපහසු වීම. උදාහරණයකට කිව්වොත් ඔයා හොයනවා Ultrasonic Sensor එක ගැන ලිපියක්. keyword එක ඉංග්‍රිසි නිසා Google Search Result එකෙන් ලැබෙන්නේ ඉංග්‍රිසි ලිපි විතරයි.

ඒ වගේම ආර්ඩියුනෝ සම්බන්ද සිංහල භාෂාවෙන් තියෙන ලිපි, Posts, Blogs, විඩියෝ අන්තර්ජාලය පුරා විසිරිලයි තියෙන්නේ.

ඒ නිසා මේ ගැ⁣ටළුවට විසදුමක් ලෙස මම Search Engine එකක් නිර්මාණය කලා. මේ Search Engine එකට ගිහින් අපිට හොයන්න ඕන මාතෘකාව ටයිප් කලාම ඒ මාතෘකාවට අදාලව සිංහලෙන් පලවුණ ලිපි සියල්ලම හොයාගන්න පුළුවන්. මේක හරියටම Torrent Search Rngine එකක් වගේ තමයි වැඩ කෙරෙන්නේ.

ඒ වගේම ඕනම කෙනෙක්ට පුළුවන් තමන්⁣ගේ ලිපි, නිර්මාණ, ව්‍යාපෘති මේකට ඉදිරිපත් කරන්න.

දැනට ආරම්භයක් විදිහට ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි 50+ ඇතුලත් කරලයි තියෙන්නේ. ඉදිරියේදී Raspberry Pi, PIC, NodeMCU වගේ මාතෘකා වලටත් මේ වෙබ් අඩවියේ ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. 

ඔයාලත් ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි පලකරලා තියෙනවා නම් හෝ ඔයාලගේ projects මේ අඩවියේ පලකරන්න කැමති නම් arduino@ceykod.com කියන email ලිපිනයට ඔබේ නම හා දුරකථන අංකය email කරන්න.








Self Balancing Robot




සෑහෙන කාලෙකට පස්සේ Robo කෙනෙක් හැදුවා. (හැදුවා කිව්වට තාම හදලා ඉවර නෑ.)

මේ රො⁣බෝට රෝද දෙකෙන් සමබරව ඉන්න පුළුවන්. සමබරතාව තියාගන්නේ MPU 6050 Gyroscope sensor එකක් මගින් ලැබෙන pitch angle කියන දත්තය පාවිච්චි කරලයි.

මීට අමතරව PID කියන Control Structure එකත් භාවිතා වෙනවා. වෙලාවක් ලැබුනොත් හදන හැටි blog post එකක් දාන්නම්.





Bluetooth කාර් එකක් හදමු (Part 1)



අපි දැන් මෝටර් ගැනයි, රෝද ගැනයි, මෝටර් ධාවක පරිපථය ගැනයි පහුගිය ලිපිවලින් කථා කරලා තියෙනවා. ඒ වගේම තියරි පැත්තට වැටෙන H Bridge ගැනයි, PWM ගැනයි කථා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අපිට පුළුවන් අපේ පළවෙනි රොබෝව නිර්මාණය කරන්න. පළවෙනි රොබෝවරයා විදිහට 2 Wheel Bluetooth රොබෝ කෙනෙක් හදමු. 


මේකට පාවිච්චි කරන්නේ කහපාට Smart Car Robot Wheel කියන මෝටර්. චැසියක් කඩෙන් ගන්න පුළුවන් වුණත් අපිම හදාගමු. ලේසියෙන්ම චැසියක් හදාගන්න විදිහ මම කියාදෙන්නම්.


මෝටර් වලට අමතරව මේ ලැයිස්තුවේ තියෙන දේවල් ටිකත් ඕන වෙනවා.

Ball Caster Wheel







මේ රූපසටහනේ තියෙන විදිහේ එකක්ම හොයාගන්න පුළුවන් නම් හොදයි. වානේ හා ප්ලාස්ටික් විදිහට වර්ග දෙකකින් ගන්න පුළුවන්. වානේ එක ගන්න පුළුවන් නම් ගොඩක් ම හොදයි. Caster wheel එකට හරියන bolt ඇණ දෙකකුත් හොයාගන්න.

බැටරියක් (Battery)




LiPo හෝ Li-ion බැටරියක් ගන්න බලන්න. Cell 2ක් (7.4v) හෝ cell 3 ක් (11.1 v) තියෙන බැටරියක් පාවිච්චි කරන්න පුළුවන්. ධාරිතාව 1200mAh වලින් එහා එකක් ගන්න පුළුවන් නම් ඉස්සරහටත් ගොඩක් ම ප්‍රයෝජනවත් වෙනවා. 

මෝටර් ධාවක පරිපථය (Motor Drive) 



මේකට අපි කලින් හදාගත්ත පරිපථය හෝ කඩෙන් ගත්ත module එකක් පාවිච්චි කරන්න පුළුවන්.


Breadboard Jumpers / Circuit Wire 






Breadboard Jumper වර්ග 3 ක් තියෙනවා. (Male to Male, Male to Female, Female to Female) වර්ග 3න් ම Jumper Cables ගන්න. ඉස්සරහට හදන රොබෝලාටත් ඕන වෙනවා.

Circuit wire ටිකකුත් ගන්න. වයර් පාස්සන්න ඕනෑවෙන soldering iron එකක් හා ඊයම් ටිකකුත් 
ගන්න බලන්න.


Arduino Board (Arduino UNO)




ආර්ඩියුනෝ බෝඩ් එක විදිහට Uno බෝඩ් එකක් හරි Mega බෝඩ් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ project එකට නම් Uno එකක් ප්‍රමාණවත්.

නට්, බෝල්ට් ඇණ ( Nuts & Bolts )




රොබෝ නිර්මාණය කරගෙන යනකොට බෝල්ට් ඇණ ගොඩක් ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ අතරින් 3 mm bolt ඇණ තමයි ගොඩක් ම පාවිච්චි වෙන්නේ. ඒ නිසා ඇණ විකුණන Hardware එකකින් දිගවල් කීපයකම 3 mm nut & bolts ටිකක් ගන්න.

(5 mm, 12 mm, 15 mm, 20 mm, 25 mm, 30 mm,... කියන ප්‍රමාණ වලින් ගන්න තියෙනවා.)

Bluetooth Module 






Bluetooth module එක විදිහට HC 05 හෝ HC 06 මොඩියුලයක් භාවිතා කරන්න පුළුවන්. ම‍ේ දෙකෙන් HC 05 තමයි ගොඩක් හොද. (මේ මොඩියුල දෙකේ වෙනස ගැන ලිපියක් මෙතනින් කියවන්න)

එහෙනම් මේ ලැයිස්තුවේ තියෙන දේවල් ටික පුළුවන් විදිහට ලෑස්ති කරගන්න. ඊළග ලිපියේ ඉදලා රොබෝව හදන විදිහ කියාදෙන්නම්.




ගොඩක් කාලෙකට පස්සේ තමයි අද බ්ලොග් එකට ලිපියක් ලියන්න ලැබුණේ. මේ ලගදී විශ්වවිද්‍යාල ගමන ආරම්භ වුණ නිසා කලින් වගේ සතියකට ලිපිය ගානේ දෙන්න බැරි වුණත් පුළුවන් පුළුවන් විදිහට බ්ලොග් එක update කරන්නම්. (2016-12-16)

CNC Machining Handbook

By Alan Overby



සෑහෙන කාලෙකට පස්සේ blog එකෙන් මම අළුත් eBook එකක් දෙනවා. මේක වැදගත් වෙන්නේ Mills, Routers, Plotters වගේ CNC Machines හදන්න උනන්දු අයටයි.

පොතේ නම CNC Machining Handbook. මේක ලියලා තියෙන්නේ
 CNC මැෂින් එකක් හදන්න හෝ මිලදීගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉලක්ක කරගෙනයි.

CNC එකකදී පාවිච්චි වෙන යාන්ත්‍රික මූලධර්ම, භාවිතාවෙන කොටස්, පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග වගේ ගොඩක් දේවල් ගැන මේ පොතේ සදහන් වෙනවා. ඔයාලත් Download කරගෙන කියවලාම බලන්න. පිටු 274 යි.



පටුන

Part I The Physical Architecture
1 CNC Machines
2 Guide Systems
3 Transmission Systems
4 Motors

Part II The CNC Controller
5 Controller Hardware
6 Control Software

Part III Application Software
7 The Cartesian Coordinate System
8 CAD and Graphics
9 CAM Software

Part IV Building or Buying a CNC Machine
10 Choosing a Ready-Made CNC System
11 Building Your Own CNC Plasma Table

Part V Appendices
A Project Implementation and Examples
B Programming Examples in G-Code
C Engineering Process of Selecting a Ball Screw

D NEMA Motor Mounting Templates



Download