Arduino Home site එකට ලිපියක් එකතු කරන්නේ කොහොමද ?




මේ ලිපියෙන් කියාදෙන්නේ Arduino Home වෙබ් අඩවියට ඔයාලා ලියපු ලිපියක් එකතු කරන්නේ කොහොමද කියලයි.

මේකට ඔයාලට මුලින්ම ceykod.com site එකේ ගිණුමක් ඕන වෙනවා. ගිණුමක් නිර්මාණය කරන්න ඕන නම් මේ ලින්ක් එකට ගිහින් ඉල්ලලා තියෙන විස්තර ටික පුරවලා එවන්න. 

ඔයාලා එවපු විස්තර වලට අනුව ඔයාල වෙනුවෙන් ගිණුමක් නිර්මාණය කලාම ඒ ගැන විස්තර තියෙන email පණිවිඩයක් ඔයාලට ලැබේවි.



ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් User Name එක විදිහට email address එකයි, Password එක විදිහට email එකේ සදහන් කරලා තියෙන password එකයි ඇතුලත් කරන්න.





දැන් ඔයාලට මේ වගේ පිටුවක් ලැබේවි. 




  • Contact Us කොටස පාවිච්චි කරලා ඔයාලට Site එක භාවිතයේදී ඇතිවෙන ගැටළු අපවෙත යොමුකරන්න පුළුවන්. 
  • Messages වලින් ඔයාලට අපි එවන පණිවිඩ බලාගන්න පුළුවන්. 
  • Settings කොටසෙන් ඔයාගේ විස්තර, Password එක වගේ දේවල් වෙනස් කරගන්නත් පුළුවන්.


Contents කියන කොටසින් තමයි ඔයාලගේ ලිපි/ වීඩියෝ වගේ දෙවල් Site එකට ඇතුලත් කරන්න තියෙන්නේ. 
ලිපියේ ඉදිරියේදී මේ ලිපි/වීඩියෝ වගේ Site එකට එකතු කරන්න පුළුවන් දේවල් අයිතම (Items) කියලා හදුන්වන්නම්.
Contents වලට ගියාම ඔයාලට මේ වගේ පිටුවක් ලැබෙනවා. මුලින්ම තියෙන්නේ Add New Content කියන Button එක. ඊළග⁣ට තියෙන්නේ ඔයාලා මේ වෙනකොට Site එකට එකතු කරලා තියෙන ලිපි ලැයිස්තුවයි. 







දැන් බලමු කොහොමද ලිපියක් ඇතුලත් කරන්නේ කියලා. Add New Content බොත්තම ක්ලික් කලාම මේ වගේ පිටුවක් ලැබෙනවා. 



Title : ඔයාලා එකතු කරන්න බලාපොරොත්තු වෙන අයිතමයේ නම මෙතන Type කරන්න. (සිංහල හෝ ඉංග්‍රිසි භාෂාවෙන්)

Link : මෙතනට ඔයාල එකතු කරන අයිතමයේ ලින්ක් එක දෙන්න. (උදා : YouTube Video එකක් නම් ඒ ලින්ක් එක මෙතනට Copy Paste කරන්න.)

Type : ඔයාල එකතු කරන අයිතමය අයිති කාණ්ඩය මෙතනින් තෝරලා දෙන්න.

Description : අයිතමය ගැන කෙටි හැදින්වීමක් මෙතනට දාන්න. සිංහලෙන් නම් ගොඩක් ම හොදයි.

Tags : මෙතනට ඔයාලගේ අයිතමය සම්බන්ධ Keywords තෝරලා දෙන්න. අයිතමයට අදාල / ගැලපෙන Keywords විතරක් දාන්න.




දැන් Submit කරන්න. දැන් ඔයාලා එකතු කරපු අයිතමය වෙබ් අඩවියට එකතු වෙලයි තියෙන්නේ. හැබැයි මේක Site එකේ පෙන්වන්න නම් Site Admin ගේ Approval එකක් ඕන වෙනවා. (මේකට හේතුව ලිපියේ අන්තිමට කියන්නම්)






ඔයාලා එකතු කරපු අයිතමය ඕනැම වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඒකට මේ වගේ ලිපිය ඉදිරියෙන් තියෙන Edit කියන බොත්තම පාවිච්චි කරන්න පුළුවන්.








Site එකේ ගුණාත්මක බව පවත්වාගන්න පොඩි පොඩි කරුණු කිහිපයක් අනුගමනය කරන්න වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් ඒවට එකග වෙයි කියලා.

1. Site එකට එකතු කරන්න පුළුවන් Arduino හෝ ඒ ආසන්න තාක්ෂණික තොරතුරු සම්බන්ධ ලිපි විතරයි.

2. හැම අයිතමයකම පුළුවන් තරම් නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න ඕන. (නැත්නම් වැරදි උපදෙස් තියෙන ලිපි වලින් පරිශීලකයින්ට ගොඩක් ගැටළු ඇතිවෙන්න පුළුවන්.)

3. Site එකට එකතු කරන ලින්ක් වලට adfly වගේ Ads Click URL පාවිච්චි කරන්න බෑ. (ඔයාලගේ අයිතමය ඇතුලේ වෙළද දැන්වීම් තිබුණට ගැටළුවක් නෑ.)

4. වාණිජ අරමුණු වලින් පලකරන ලිපි අනුමත කරන්නේ නෑ. ඒ වගේම තවත් කෙනෙක්ගේ ලිපියක් හෝ බුද්ධිමය දේපලක් කොපි කරලා තිබුනොත් ඒ ලිපි Site එකෙන් ඉවත් කරන්න සිදුවෙනවා.

5. අයිතම එකතු කරන්න පුළුවන් ඒ අයිතමයේ කතෘ හෝ අයිති කෙනාට විතරයි. 



මීට අමතරව Site එක ගැන ඔයාලගේ අදහස්/ යෝජනා/ චෝදනා වගේ ඕනම දෙයක් මේ Link එක හරහා එවන්න පුළුවන්.













ARDUINO HOME



ආර්ඩියුනෝ ගැන ඉගෙනගන්න කැමති, ආසාවක් තියෙන හැම දෙනාටම ඉතා වැදගත් දෙයක් තමයි මම අද කියන්න යන්නේ. මෑතක ඉදලා ලංකාව පුරා ආර්ඩියුනෝ තාක්ෂණය ඉතා වේගයෙන් ප්‍රචලිත වෙනවා. ඒ වගේම අපේ ගොඩක් දෙනෙක් තමන් ඉගෙනගත්ත දේවල් තවත් අයට කියා⁣දෙන්න කැමතියි. ඒ නිසා ම වෙනත් කිසිදේකට නැති තරම් සිංහලෙන් ආර්ඩියුනෝ ගැන ලිපි, YouTube Video අන්තර්ජාලය පුරා තියෙනවා. 

හැබැයි මෙතන තියෙන ලොකු ගැටළුවක් තමයි මේ කියන ලිපි, වීඩියෝ ලේසියකට හොයාගන්න අමාරුකම. මූලිකම ⁣හේතුව Google Ranking වල ඉහලට එන්න ගොඩක් කල් ගතවීම. අනිත් කාරණය තමයි සිංහලෙන් තියෙන නිසා technical terms / keywords වලින් ඉහලට එන්න අපහසු වීම. උදාහරණයකට කිව්වොත් ඔයා හොයනවා Ultrasonic Sensor එක ගැන ලිපියක්. keyword එක ඉංග්‍රිසි නිසා Google Search Result එකෙන් ලැබෙන්නේ ඉංග්‍රිසි ලිපි විතරයි.

ඒ වගේම ආර්ඩියුනෝ සම්බන්ද සිංහල භාෂාවෙන් තියෙන ලිපි, Posts, Blogs, විඩියෝ අන්තර්ජාලය පුරා විසිරිලයි තියෙන්නේ.

ඒ නිසා මේ ගැ⁣ටළුවට විසදුමක් ලෙස මම Search Engine එකක් නිර්මාණය කලා. මේ Search Engine එකට ගිහින් අපිට හොයන්න ඕන මාතෘකාව ටයිප් කලාම ඒ මාතෘකාවට අදාලව සිංහලෙන් පලවුණ ලිපි සියල්ලම හොයාගන්න පුළුවන්. මේක හරියටම Torrent Search Rngine එකක් වගේ තමයි වැඩ කෙරෙන්නේ.

ඒ වගේම ඕනම කෙනෙක්ට පුළුවන් තමන්⁣ගේ ලිපි, නිර්මාණ, ව්‍යාපෘති මේකට ඉදිරිපත් කරන්න.

දැනට ආරම්භයක් විදිහට ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි 50+ ඇතුලත් කරලයි තියෙන්නේ. ඉදිරියේදී Raspberry Pi, PIC, NodeMCU වගේ මාතෘකා වලටත් මේ වෙබ් අඩවියේ ඉඩක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. 

ඔයාලත් ආර්ඩියුනෝ සම්බන්ධ ලිපි පලකරලා තියෙනවා නම් හෝ ඔයාලගේ projects මේ අඩවියේ පලකරන්න කැමති නම් arduino@ceykod.com කියන email ලිපිනයට ඔබේ නම හා දුරකථන අංකය email කරන්න.








Self Balancing Robot




සෑහෙන කාලෙකට පස්සේ Robo කෙනෙක් හැදුවා. (හැදුවා කිව්වට තාම හදලා ඉවර නෑ.)

මේ රො⁣බෝට රෝද දෙකෙන් සමබරව ඉන්න පුළුවන්. සමබරතාව තියාගන්නේ MPU 6050 Gyroscope sensor එකක් මගින් ලැබෙන pitch angle කියන දත්තය පාවිච්චි කරලයි.

මීට අමතරව PID කියන Control Structure එකත් භාවිතා වෙනවා. වෙලාවක් ලැබුනොත් හදන හැටි blog post එකක් දාන්නම්.





Bluetooth කාර් එකක් හදමු (Part 1)



අපි දැන් මෝටර් ගැනයි, රෝද ගැනයි, මෝටර් ධාවක පරිපථය ගැනයි පහුගිය ලිපිවලින් කථා කරලා තියෙනවා. ඒ වගේම තියරි පැත්තට වැටෙන H Bridge ගැනයි, PWM ගැනයි කථා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අපිට පුළුවන් අපේ පළවෙනි රොබෝව නිර්මාණය කරන්න. පළවෙනි රොබෝවරයා විදිහට 2 Wheel Bluetooth රොබෝ කෙනෙක් හදමු. 


මේකට පාවිච්චි කරන්නේ කහපාට Smart Car Robot Wheel කියන මෝටර්. චැසියක් කඩෙන් ගන්න පුළුවන් වුණත් අපිම හදාගමු. ලේසියෙන්ම චැසියක් හදාගන්න විදිහ මම කියාදෙන්නම්.


මෝටර් වලට අමතරව මේ ලැයිස්තුවේ තියෙන දේවල් ටිකත් ඕන වෙනවා.

Ball Caster Wheel







මේ රූපසටහනේ තියෙන විදිහේ එකක්ම හොයාගන්න පුළුවන් නම් හොදයි. වානේ හා ප්ලාස්ටික් විදිහට වර්ග දෙකකින් ගන්න පුළුවන්. වානේ එක ගන්න පුළුවන් නම් ගොඩක් ම හොදයි. Caster wheel එකට හරියන bolt ඇණ දෙකකුත් හොයාගන්න.

බැටරියක් (Battery)




LiPo හෝ Li-ion බැටරියක් ගන්න බලන්න. Cell 2ක් (7.4v) හෝ cell 3 ක් (11.1 v) තියෙන බැටරියක් පාවිච්චි කරන්න පුළුවන්. ධාරිතාව 1200mAh වලින් එහා එකක් ගන්න පුළුවන් නම් ඉස්සරහටත් ගොඩක් ම ප්‍රයෝජනවත් වෙනවා. 

මෝටර් ධාවක පරිපථය (Motor Drive) 



මේකට අපි කලින් හදාගත්ත පරිපථය හෝ කඩෙන් ගත්ත module එකක් පාවිච්චි කරන්න පුළුවන්.


Breadboard Jumpers / Circuit Wire 






Breadboard Jumper වර්ග 3 ක් තියෙනවා. (Male to Male, Male to Female, Female to Female) වර්ග 3න් ම Jumper Cables ගන්න. ඉස්සරහට හදන රොබෝලාටත් ඕන වෙනවා.

Circuit wire ටිකකුත් ගන්න. වයර් පාස්සන්න ඕනෑවෙන soldering iron එකක් හා ඊයම් ටිකකුත් 
ගන්න බලන්න.


Arduino Board (Arduino UNO)




ආර්ඩියුනෝ බෝඩ් එක විදිහට Uno බෝඩ් එකක් හරි Mega බෝඩ් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ project එකට නම් Uno එකක් ප්‍රමාණවත්.

නට්, බෝල්ට් ඇණ ( Nuts & Bolts )




රොබෝ නිර්මාණය කරගෙන යනකොට බෝල්ට් ඇණ ගොඩක් ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ අතරින් 3 mm bolt ඇණ තමයි ගොඩක් ම පාවිච්චි වෙන්නේ. ඒ නිසා ඇණ විකුණන Hardware එකකින් දිගවල් කීපයකම 3 mm nut & bolts ටිකක් ගන්න.

(5 mm, 12 mm, 15 mm, 20 mm, 25 mm, 30 mm,... කියන ප්‍රමාණ වලින් ගන්න තියෙනවා.)

Bluetooth Module 






Bluetooth module එක විදිහට HC 05 හෝ HC 06 මොඩියුලයක් භාවිතා කරන්න පුළුවන්. ම‍ේ දෙකෙන් HC 05 තමයි ගොඩක් හොද. (මේ මොඩියුල දෙකේ වෙනස ගැන ලිපියක් මෙතනින් කියවන්න)

එහෙනම් මේ ලැයිස්තුවේ තියෙන දේවල් ටික පුළුවන් විදිහට ලෑස්ති කරගන්න. ඊළග ලිපියේ ඉදලා රොබෝව හදන විදිහ කියාදෙන්නම්.




ගොඩක් කාලෙකට පස්සේ තමයි අද බ්ලොග් එකට ලිපියක් ලියන්න ලැබුණේ. මේ ලගදී විශ්වවිද්‍යාල ගමන ආරම්භ වුණ නිසා කලින් වගේ සතියකට ලිපිය ගානේ දෙන්න බැරි වුණත් පුළුවන් පුළුවන් විදිහට බ්ලොග් එක update කරන්නම්. (2016-12-16)

CNC Machining Handbook

By Alan Overby



සෑහෙන කාලෙකට පස්සේ blog එකෙන් මම අළුත් eBook එකක් දෙනවා. මේක වැදගත් වෙන්නේ Mills, Routers, Plotters වගේ CNC Machines හදන්න උනන්දු අයටයි.

පොතේ නම CNC Machining Handbook. මේක ලියලා තියෙන්නේ
 CNC මැෂින් එකක් හදන්න හෝ මිලදීගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉලක්ක කරගෙනයි.

CNC එකකදී පාවිච්චි වෙන යාන්ත්‍රික මූලධර්ම, භාවිතාවෙන කොටස්, පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග වගේ ගොඩක් දේවල් ගැන මේ පොතේ සදහන් වෙනවා. ඔයාලත් Download කරගෙන කියවලාම බලන්න. පිටු 274 යි.



පටුන

Part I The Physical Architecture
1 CNC Machines
2 Guide Systems
3 Transmission Systems
4 Motors

Part II The CNC Controller
5 Controller Hardware
6 Control Software

Part III Application Software
7 The Cartesian Coordinate System
8 CAD and Graphics
9 CAM Software

Part IV Building or Buying a CNC Machine
10 Choosing a Ready-Made CNC System
11 Building Your Own CNC Plasma Table

Part V Appendices
A Project Implementation and Examples
B Programming Examples in G-Code
C Engineering Process of Selecting a Ball Screw

D NEMA Motor Mounting Templates



Download








 

අනාගතය සදහා IoT


IoT සමග ලෝකයේ ගමන්මග කෙසේ වෙනස් වේවි ද ?








Motor Drive PCB එකක් හදමු



කලින් ලිපියේ පොරොන්දු වුණා වගේම මම අද කියාදෙනවා Motor Drive Module එකක් ගෙදරදිම හදාගන්න විදිහ.

ඒකට මේ ලැයිස්තුවේ තියෙන දේවල් ඕන වෙනවා.

  • L298 IC
  • 7805 
  • 1N4001 Diodes - 8
  • වෙරෝ බ‍ෝඩ් එකක්
  • 2 pin Terminal Block - 3
  • Male header (Pin තුනේ කෑලි 4ක්)
  • පරිපථ වයර්
  • ඊයම් + බවුත් එකක්


දැන් වෙරෝ බෝඩ් එක අතට ඇරන් යට පැත්ත හරවලා බලන්න. දැන් ඔයාලට පේනවා ඇති සිදුරු අතරින් තඹ තීරු තියෙනවා කියලා. මේවා දිගේ විදුලිය ගමන් කරන නිසා මේ තීරුවක තැන් 2 ක උපකරණ දෙකක් වෙන වෙනම පාස්සලා ඒ දෙක එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන්. මේ නිසා පරිපථය පුරාම වයර් ගොඩක් අමුණගෙන කරදර වෙන්න ඕන නෑ.

මෝටර් ධාවක පරිපථය හදමු

දැන් L298 IC එක අතට ගන්න. මේක සාමාන්‍යය IC එකකට වඩා ටිකක් වෙනස්. මේක වෙරෝ බෝඩ් එකට සම්බන්ධ කරන්න නම්, pin 8 ක් තියෙන පේලියේ pin ටික පොඩ්ඩක් විතර පැත්තකට නමාගන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා මේ රූපසටහන් වලින් බලාගන්න. (උඩින් බැලුවම මේ විදිහට තියෙන්න ඕන.)




දැන් මේ රූපසටහන්වල තියෙන විදිහට උපාංග ටිකයි, වයර් ටිකයි පාස්සගන්න.




බවුත් එකෙන් නිවැරදිව පාස්සන හැටි ඉගෙනගන්න කැමති නම් මේ Video ටික බලලා ඉන්න.



පළවෙනි රූපයේ තියෙන්නේ උපාංග සම්බන්ධ කලාම උඩින් පේන විදිහ. මේක බලාගෙන උඩින් සියළුම උපාංග සම්බන්ධ කරලා සුපර් ග්ලූ වලින් හරි වෙනත් ක්‍රමයකින් හරි සියළුම කොටස් පරිපථයට සම්බන්ධ කරගත්තා නම්, පාස්සන වැඩේ ගොඩක් ලේසි වෙයි.

දෙවෙනි රූපයෙන් සම්පූර්ණ පරිපථයම පෙන්වනවා.

වැදගත් කරුණු

රතු පාට කඩඉරි වලින් සදහන් කරලා තියෙන තැන්වලින් වෙරෝ බෝඩ් එකේ තඹ තීරුව විසන්ධි කරන්න. (යකඩ අඩිරූලකින් හූරලා තඹ තීරුව ල‍ේසියෙන්ම විසන්ධි කරන්න පුලුවන්)

කොල පාටින් පෙන්නලා තියෙන Terminal Blocks කෙලින්ම වෙරෝ බෝඩ් එකට සම්බන්ධ කරන්න ටිකක් අමාරුයි. ඒකට වොරෝ බෝඩ් එකේ සිදුර ටිකක් විතර ලොකු කරගන්න වෙනවා.

අළුපාටින් පෙන්නලා තියෙන තැන්වලට Pin Headers සම්බන්ධ කරගන්න.

7805 පාවිච්චි කරලා තියෙන්නේ IC එකට +5v වෝල්ටීයතාවක් ලබාගන්නයි. මේක On Board Regulator එකක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. රොබෝ හැදුවට පස්සේ රොබෝගේ පරිපථ වලට අවශ්‍යය 5v ලබාගන්නත් මේ Regulator එක භාවිතා කරන්න පුළුවන්.



LED එකක් (රතු පාටින් තියෙන්නේ LED එක) දාලා තියෙන්නේ Module එකට විදුලිය ලැබෙනවාද කියලා දැනගන්න පහසු වෙන්නයි. කැමති නම් මේ විදිහටම IC එකේ EnA, EnB අග්‍ර වලටත් LED එක බැගින් සම්බන්ධ කරගන්න. එතකොට මෝටර් 2 වැඩ කරනවද නැද්ද කියලා ලේසියෙන්ම බලාගන්න පුළුවන්.  (මතක ඇතිව 470 ohm ප්‍රතිරෝධකයක් පාවිච්චි කරන්න. නැත්නම් LED එක පිච්චෙන්න ඉඩ තියෙනවා)

අග්‍ර හදුනාගනිමු

GND වලට බැටරියේ සෘණ අග්‍රය සම්බන්ධ කරන්න.

+V වලට 6v ඉදලා 12v වෙනකම් ඕනෑම වොල්ටීයතාවක් දෙන්න පුලුවන්.

+5V Output අග්‍රවලින් 5V වොල්ටීයතාවක් ගන්න පුළුවන්. මේ අග්‍ර ටික ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

අනිත් අග්‍ර ටික ආර්ඩියුනෝ බෝඩ් එකට සම්බන්ධ කරලා program එකක් ලියන්නේ කොහොමද කියන එක මම ඊළග ලිපියෙන් කියාදෙන්නම්.


මේ ලිපියෙදී කියාදුන්නේ වෙරෝ බෝර්ඩ් එකක පරිපථය හදාගන්න විදිහ. ඔයාලා කැමති නම් මේක PCB (Printed Circuit Board) එකක් විදිහටත් නිර්මාණය කරගන්න පුලුවන්. 




මේ තියෙන්නේ මම අවුරුදු කීපයකට කලින් හදාගත්ත Motor Drive PCB එකක්. අවාසනාවට දැන් මගේ ලග මේකේ Circuit Diagram එකයි PCB layout එකයි හොයාගන්න බැරිවුණා.